Last Update  :  2024-10-18 19:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඉන්දීය ක්‍රීඩිකාවෝ පළමු ජය ලබති
කාන්තා වි:20 ලෝක කුසලාන

ඉන්දීය ක්‍රීඩිකාවෝ පළමු ජය ලබති

editorial - 2024 ඔක් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 7 වැනි තරගය ලෙස ඉන්දියාව සහ පාකිස්තානය අතර ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (6 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමට ඉන්දීය කාන්තා කණ්ඩායම සමත් විය. මෙවර තරගාවලියේදී ඉන්දීය ක්‍රීඩිකාවන් ලැබූ පළමු ජය මෙය විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 106 ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය කාන්තා ක්‍රීඩිකාවෝ ඕවර 18.5 ක් අවසානයේ කඩුුලු 4 ක් දැවී ඉලක්කය සපුරාගත්හ. ආරම්භක පිතිකාරිණී ෂෙෆාල් වෙර්මා පන්දු 35 කදී හතරේ පහර 3 ක් සමග ලකුණු 32 ක් රැස්කරමින් ඉන්දීය ජයග්‍රහණය සඳහා මනා ආරම්භයක් ලබාදුන්නාය.

ජෙමියා රොඩ්‍රිගස් පන්දු 28 කින් ලකුණු 23 ක්ද, හර්මන්ප්‍රීත් කෞර් පන්දු 24 කින් ලකුණු 29 ක්ද රැස්කරමින් ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා දායකත්වය සැපයූහ. පාකිස්තාන කාන්තා කණ්ඩායමේ නායිකා ෆාතිමා සානා ඕවර 4 ක් යවමින් ලකුණු 23 කට කඩුලු 2 ක් දවාගත්තාය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්ථ‍ාන කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 105 ක් ලබාගත් අතර පාකිස්තාන ඉනිමේ වැඩිම ලකුණු ලාභිණිය බවට පත් වූ නිඩා දාර් පන්දු 34 කින් ලකුණු 28 ක් රැස්කළේ හතරේ පහරක් සමගිනි.

දක්ෂ පන්දු යැවීම්හි නිරත වූ අරුන්දතී රෙඩ්ඩි සිය ඕවර 4 ලකුණු 19 කට සීමා කරමින් කඩුලු 3 දවාගත් අතර පාකිස්තාන පිතිකාරිණියන් අසරණ කිරීම සඳහා ඇයට අනගි සහායක් දුන් ශ්‍රෙයන්කා පාටලී ලකුණු ඕවරයක් සමග ඕවර 4 ක් යවමින් ලකුණු 12 කට කඩුලු 2 ක් බිඳහෙළුවාය.

 

පාකිස්තාන කාන්තා පිල - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 105
(මුනීබා අලී 17, නිඩා දාර් 28, සයෙදා අරූබ් ෂා නොදැවී 14, අරුන්දතී රෙඩ්ඩි 19/3, ශ්‍රෙයන්කා පාටලී 12/2)

ඉන්දීය කාන්තා පිල - ඕවර 18.5 කදී කඩුලු 4 ක් දැවී 108
(ෂෙෆාලි වෙර්මා 32, ජෙමියා රොඩ්‍රිගස් 23, හර්මන්ප්‍රීත් කෞර් 29, ෆතිමා සානා 23/2) 


අදහස් (0)

ඉන්දීය ක්‍රීඩිකාවෝ පළමු ජය ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.