Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඉන්දීය පිතිකරුවෝ සාර්ථක ආරම්භයක

ඉන්දීය පිතිකරුවෝ සාර්ථක ආරම්භයක

රොෂාන් ගුණරත්න - 2018 ජුනි මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක ඇෆ්ගනිස්තාන් කණ්ඩායමට එරෙහිව බැංගලෝර්හී චින්නස්වාමී ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මංගල ටෙස්ට් තරගයේ පළමු දිනයේදී ශතක ලබාගැනීමට ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වන මුරලි විජේ (105) සහ ශීකර් ධවාන් (107) සමත්වූහ. ඔවුන් දෙදෙනාගේ වේගවත් පිතිහරඹය හමුවේ පළමු දිනය අවසන්වන විට පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටින ඉන්දිය කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 347 ක් ලබාසිටියේය.

ශීකර් ධවාන් සමගින් එක්ව පළමු කඩුල්ල සඳහා ලකුණු 168 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ මුරලි විජේ දෙවැනි කඩුල්ල සඳහා ලෝකේෂ් රාහුල් සමගින් එක්ව ලකුණු 112 ක තවත් සම්බන්ධතාවයක් ගොඩනැගීය.

සිය 7 වැනි ටෙස්ට් ශතකය ලබාගත් ශීකර් ධවාන් පළමු කඩුල්ල ලෙස දැවීයන විට පන්දු 96 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 19 ක් සමගින් ලකුණු 107 ක් රැස්කිරීමටසමත්විය.

ධවාන්ට අනගි සහයක් ලබාදුන් මුරලි විජේ අද සිය 12 වැනි ටෙස්ට් ශතකය ලබාගත් අතර දෙවැනි කඩුල්ල ලෙස ඔහු දැවීයන විට ලකුණු 105 ක් රැස්කිරීමට සමත්විය. පන්දු 153 කදී වාර්තාවූ විජේගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 15 ක් ඇතුළත් විය.

මුරලි විජේ සහ ශීකර් ධවාන් සාර්ථක ආරම්භයක් ලබාගත්තද ලකුණු 54 ක් තුළ කඩුලු 5 ක් දවාගත් ඇෆ්ගනිස්තාන් පන්දුයවන්නෝ නැවතත් තරගයට අවතීර්ණ වූහ. ඇෆ්ගනිස්තානය දඟපන්දු යවන්නන් ගැන වැඩිපුර විශ්වාසය තබා තිබුනද මොහොමඞ් නබී, රෂීඞ් ඛාන් සහ මුජීබ් උර් රෙහ්මාන්ට පහරපිට පහර වදිනවිට පළමු කඩුලු 3 දවාගනිමින් නැවත නිසිමාර්ගයට ගැනීමට යමින් අහමඞ්සායී සහ වෆාඩර් සමත්වූහ.

යමින් අහමඞ්සායී ඕවර 13 කදී නිලකුණු ඕවර 6 ක් යවමින් ලකුණු 32 කට කඩුලු 2 ක් දවාගත්තේය.

ඉන්දීය පළමු ඉනිම - ඕවර 78 කදී කඩුලු 6 ක් දැවී 347
(මුරලි විජේ 105, ශීකර් ධවාන් 107, ලෝකේෂ් රාහුල් 54, චිතේෂ්වර් පුජාරා 35, යමින් අහමඞ්සායී 32/2)


අදහස් (0)

ඉන්දීය පිතිකරුවෝ සාර්ථක ආරම්භයක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.