Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ටෙස්ට් තරග 3 කින්, එක්දින තරග 3 කින් සහ විස්සයි20 තරග 3 කින් සමන්විත ක්‍රිකට් තරගාවලිය නොවැම්බර් මස 16 වැනිදා ආරම්භ වීමට නියමිත බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කරයි.
එම තරගාවලියේ ටෙස්ට් තරග 3 කොල්කටා, නාග්පූර් සහ දිල්ලි යන නගර වලදී පැවැත්වෙන අතර එම තරගවලට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම කොල්කටාහිදී තුන්දින පුහුණු තරගයටද සහභාගි වීමට නියමිතය.
තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සහ ඉන්දීය කණ්ඩායම් ඉදිරියේදී නම් කිරීමට නියමිතය.
තරග කාලසටහන
පුහුණු තරගය - නොවැම්බර් 11 වැනිදා සිට 13 වැනිදා දක්වා - කොල්කටාහිදී
ටෙස්ට් තරග
පළමු තරගය - නොවැම්බර් 16 වැනිදා සිට 20 වැනිදා දක්වා - කොල්කටාහිදී
දෙවැනි තරගය - නොවැම්බර් 24 වැනිදා සිට 28 වැනිදා දක්වා - නාග්පූර්හිදී
තෙවැනි තරගය - දෙසැම්බර් 2 වැනිදා සිට 6 වැනිදා දක්වා - දිල්ලිහිදී
එක්දින තරග
පළමු තරගය - දෙසැම්බර් 10 වැනිදා - ධරම්ශාලාහිදී
දෙවැනි තරගය - දෙසැම්බර් 13 වැනිදා - මොහාලිහිදී
තෙවැනි තරගය - දෙසැම්බර් 17 වැනිදා - විසාග්හිදී
විස්සයි20 තරග
පළමු තරගය - දෙසැම්බර් 20 වැනිදා - කටක්හිදී
දෙවැනි තරගය - දෙසැම්බර් 22 වැනිදා - ඉන්දෝර්හිදී
තෙවැනි තරගය - දෙසැම්බර් 24 වැනිදා - මුම්බායිහිදී
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.