Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
රෝහිත් ශර්මාගේ ප්‍රවේගකාරී පිතිහරඹය හමුවේ එංගලන්ත කණ්ඩායමට එරෙහිව බ්‍රිස්ටල්හිදී පැවැති තෙවැනි විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් කඩුලු 7 ක ජයක් ලැබූ ඉන්දීය කණ්ඩායම දෙරට අතර පැවැති තරග 3 කින් සමන්විත විස්සයි20 තරගාවලිය 2-1 ක් ලෙස ජයගැනීමට සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 199 ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය ක්‍රීඩකයෝ පන්දු 8 ක් ඉතිරිව තිබියදී කඩුලු 3 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. එහිදී ප්‍රවේගකාරී පිතිහරඹය නිරත වෙමින් පන්දු 56 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 11 ක් සමග නොදැවී ලකුණු 100 ක් රැස්කළ රෝහිත් ශර්මා, ඉන්දීය ජයග්‍රහණයේ නියමුවා බවට පත්විය.
විරාට් කෝලි (43) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 57 කදී ලකුණු 89 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ශර්මා, ඉන් නොනැවතී හර්දික් පාණ්ඩ්‍යා (නොදැවී 33) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 23 කදී ලකුණු 50 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.
පන්දු 29 කට මුහුණදුන් කෝලි, හයේ පහර 2 කින් සහ හතරේ පහර 2 කින් සිය ඉනිම සැරසූ අතර පන්දු 14 කදී වාර්තා වූ පාණ්ඩ්‍යාගේ ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 4 කින් සමන්විත විය.
පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම නියමිත ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 198 ක් ලබාගත්තේය. එහිදී එංගලන්ත කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් ජේසන් රෝයි පන්දු 31 කදී ලකුණු 67 ක් රැස්කළේ හයේ පහර 7 ක් සහ හතරේ පහර 4 ක් සමගිනි.
ජොස් බට්ලර් (34) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 47 කදී ලකුණු 93 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද රෝයි සමත් විය. බට්ලර් ලකුණු රැස්කළේ හතරේ පහර 7 ක් සමගිනි. ඇලෙක්ස් හේල්ස් හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 30 ක් රැස්කරමින්ද, ජොනී බෙයාස්ට්‍රෝ හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 25 ක්ද රැස්කරමින් එංගලන්ත කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහල දැමූහ.
මෙම තරගයේදී සිය විස්සයි20 ක්‍රිකට් දිවියේ හොඳම පන්දු යැවීම ප්‍රදර්ශනය කළ හර්දික් පාණ්ඩ්‍යා සිය ඕවර 4 තුළ කඩුලු 4 ක් දවාගත්තේ ප්‍රතිවාදීන්ට ලකුණු 38 ක් ලබාදෙමිනි. එංගලන්ත පිතිකරුවන් පීඩනයට පත් කිරීම සඳහා පාණ්ඩ්‍යාට අනගි සහායක් දුන් සිද්ධාර්ත් කෞල් ලකුණු 35 කට කඩුලු 2 ක් බිඳහෙළීය.
එංගලන්තය - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 198
(ජේසන් රෝයි 67, ජොස් බට්ලර් 34, ඇලෙක්ස් හේල්ස් 30, ජොනී බෙයාස්ට්‍රෝ 25, හර්දික් පාණ්ඩ්‍යා 38/4, හර්දික් පාණ්ඩ්‍යා 35/2)
ඉන්දියාව - ඕවර 18.4 කදී කඩුලු 3 ක් දැවී 201
(රෝහිත් ශර්මා නොදැවී 100, ලෝකේෂ් රාහුල් 19, විරාට් කෝලි 43, හර්දික් පාණ්ඩ්‍යා නොදැවී 33)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.