Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඉන්දියාව කඩුලූ 7 කින් කොදෙව් පරාජය කරයි

ඉන්දියාව කඩුලූ 7 කින් කොදෙව් පරාජය කරයි

සංජය එරමුදුගොඩ - 2014 මාර් මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ දෙවැනි කාණ්ඩයේ ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර මීර්පූර්හිදී අද (23) පැවැති දිනයේ දෙවැනි තරගයෙන් ඉන්දීය පිල කඩුලූ 7 ක ජයක් ලැබීය.

ඉන්දීය පිතිකරුවෝ ලකුණු 130 ක ජයග‍්‍රාහි ඉලක්කය  ඕවර 19.4 කදී කඩුලූ 3 ක් පමණක් දැවී සම්පූර්ණ කළහ.  

රෝහිත් ශර්මා (නොදැවී 62) සහ විරාට් කෝලි (54) අර්ධ ශතක රැස් කරමින් දෙවැනි කඩුල්ලට ලකුණු 106 ක සම්බන්ධතාවක් පැවැත්වූහ.

ශීකර් දාවන් පළමු  ඕවරයේදී ලකුණු නොලබා දැවී ගියේය.  

ප‍්‍රවේගකාරි පිතිකරු ක‍්‍රිස් ගේල් පන්දු 33 කදී හතරේ පහරක් සහ හයේ පහර දෙකක් සමගින් ලකුණු 34 ක් ලබා දුවද්දී දැවී ගියේය.

ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනි කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට කොදෙව් පිලට ආරාධනා කළේය.


බටහිර ඉන්දීය කොදෙව් පිල  ඕවර 20 කදී කඩුලූ 7 ට 129 (ඞ්වේන් ස්මිත් 11, ක‍්‍රිස් ගේල් 34, මාලන් සැමුවෙල්ස් 18, ලින්ඞ් සීමන්ස් 27, ඩැරන් සැමී 11, අමිට් මිෂ්රා 18/2, රවීන්ද්‍ර ජඬේජා 48/3)

ඉන්දීය පිල  ඕවර 19.4 කදී කඩුලූ 3 ට 130 (රෝහිත් ශර්මා නොදැවී 62, විරාට් කෝලි 54)


- 048


අදහස් (0)

ඉන්දියාව කඩුලූ 7 කින් කොදෙව් පරාජය කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.