Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඉන්දියාව අවසන් පූර්ව වටයට

ඉන්දියාව අවසන් පූර්ව වටයට

සංජය එරමුදුගොඩ - 2014 මාර් මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

විස්සයි20 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ බංග්ලාදේශයට එරෙහිව මීර්පූර්හිදී පැවති 2 වැනි කාණ්ඩයේ තරගයෙන් කඩුලූ 8 ක ජයක් වාර්තා කිරීමට ඉන්දියාව අද (28 වැනිදා) සමත්විය.

ලකුණු 139 ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹාගිය ඉන්දීය පිතිකරුවෝ පන්දු 9 ක් ඉතිරිව තිබියදී එම ඉලක්කය පසුකර ගියහ.

දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 75 කදී ලකුණු 100 ක සම්බන්ධතාවක් ගොඩනැගූ විරාට් කෝලි (නොදැවී 57) සහ රෝහිත් ශර්මා (56) තම කණ්ඩායමේ ජයග‍්‍රහණය පහසු කළේය.

සිව්වැනි පිතිකරු ලෙස පිටියට පිවිසි නායක මහේන්ද්‍ර සිං දෝනි පන්දු 12 කට පමණක් මුහුණදෙමින් හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමගින් නොදැවී ලකුණු 22 ක් රැස්කිරීමට සමත්විය.  

කාසියේ වාසිය දිනූ ඉන්දීය පිල පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා බංග්ලාදේශ පිලට ආරාධනා කර සිටි අතර නියමිත  ඕවර 20 අවසානයේ කඩුලූ 7 ක් දැවී ලකුණු 138 ක් රැස්කිරීමට ඔවුහු සමත්වූහ.

එහිදී පන්දු 23 කට මුහුණදුන් මහමදුල්ලා නොදැවී ලකුණු 33 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමගිනි. නසීර් හුසේන් (16) සමග එක්වූ ඔහු 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 37 කදී ලකුණු 49 ක සම්බන්ධතාවක් ගොඩනගමින් තම කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය.

ලකුණු 26 කට කඩුලූ 3 ක් දවාගත් අමිත් මිෂ්රා බංග්ලාදේශ පිතිකරුවන් අසරණ තත්ත්වයකට ඇද දැමු අතර ලකුණු 15 කට කඩුලූ 2 ක් දවාගත් රවිචන්ද්‍රන් අෂ්වින් ඔහුට අනගි සහයක් දුන්නේය.
 

බංග්ලාදේශ පිල -  ඕවර 20 කදී කඩුලූ 7 කට 138
(එනමුල් හක් 44, මුෂ්ෆික රහීම් 24, මහමදුල්ලා නොදැවී 33, අමිත් මිෂ්රා 26/3, රවිචන්ද්‍රන් අෂ්වින් 15/2)

ඉන්දිය පිල -  ඕවර 18.3 කදී කඩුලූ 2 කට 141
(විරාට් කෝලි නොදැවී 57, රෝහිත් ශර්මා 56, මහේන්ද්‍ර සිං දෝනි නොදැවී 22)

 

 

 


අදහස් (0)

ඉන්දියාව අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.