Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඕස්ටේ‍්‍රලියාව සහ ඉන්දියාව අතර ඕස්ටේ‍්‍රලියාවේ ඇඩිලේඞ් ඕවල් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අද (11 වැනිදා) තරගය නතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි ඉන්දියාව කඩුලූ 6 ක් දැවී ලකුණු 369 ක් ලබා සිටියේය.
පළමු කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 30 කට සීමා වුවද, තෙවැනි පිතිකරු ලෙස පිටියට පිවිසි චෙටේස්වාර් පුජාරා (73), මුරලි විජේ (53) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 81 ක සම්න්ධතාවක්ද, විරාට් කෝලි (115) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 81 ක සම්න්ධතාවක්ද ගොඩනගමින් ඉන්දීය පිලේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීය.
අද දිනයේදී සිය 7 වැනි ටෙස්ට් ශතකය ලබාගැනීමට ඉන්දීය පිලේ නායක විරාට් කෝලි සමත් වූ අතර ඔහුගේ ඉනිමට හතරේ පහර 12 ක් ඇතුළත් විය. කෝලි සහ අජින්ක්‍යා රහනේ (62) අතර ඉන්දීය පිලේ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැගුණ සම්බන්ධතාව ලකුණු 101 කි.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ටේ‍්‍රලියාව කඩුලූ 7 ක් දැවී ලකුණු 517 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවා පන්දුවට පහරදීම සඳහා ඉන්දීය පිලට ආරාධනා කර සිටියේය.
ඬේවිඞ් වෝනර් (145) මයිකල් ක්ලාක් (128) සහ ස්ටීවන් ස්මිත් (නොදැවී 162) ශතක ලබාගනිමින් ඕස්ටේ‍්‍රලියා පිල ශක්තිමත් කළහ.
ඕස්ටේ‍්‍රලියානු පිලේ 6 වැනි කඩුල්ල ලකුණු 354 දී බිඳවැටුණු අතර ක්ලාක් සහ ස්මිත් එක්ව 7 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 163 ක සම්බන්ධතාවක් ගොඩනගමින් මුලූ ලකුණු සංඛ්‍යාව 500 සීමාව දක්වා ඔසවා තැබූහ.
ඕස්ටේ‍්‍රලියාව පළමු ඉනිම - කඩුලූ 7 ක් දැවී 517
(ඬේවිඞ් වෝනර් 145, මයිකල් ක්ලාක් 128, ස්ටීවන් ස්මිත් නොදැවී 162, මිචෙල් මාර්ෂ් 41, මොහොමඞ් සාමි 120/2, වරුන් ඒරන් 136/2, කරන් ශර්මා 143/2)
ඉන්දියාව පළමු ඉනිම - කඩුලූ 6 ක් දැවී 369
(මුරලි විජේ 53, ශිකර් ධවාන් 25, චෙටේස්වාර් පුජාරා 73, විරාත් කෝලි 115, අජන්ක්‍යා රහනේ 62, රෝහිත් ශර්මා නොදැවී 33, මිචෙල් ජොන්සන් 90/2, නේදන් ලයන් 103/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.