Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ සිවුවැනි තරගය ලෙස ඉන්දියාව සහ පාකිස්තානය අතර ඇඩිලේඞ් ඕවල් ක‍්‍රීඩාංගණයේදී අද (15) පැවැති ‘බී’ කාණ්ඩයේ තරගයෙන් (දිවා/රාත‍්‍රී) ඉන්දීය ක‍්‍රීඩකයෝ ලකුණු 76 ක ජයක් ලැබීමට සමත් වූහ.
ජයග‍්‍රහණය සදහා ලකුණු 3-01 ක ඉලක්කය හඹාගිය පාකිස්තානු ඉනිම ඕවර 47 කදී ලකුණු 224 කට සීමා කිරීමට ඉන්දීය පන්දු යවන්නෝ සමත් වූහ.
නායක මුස්බා උල් හක් පන්දු 84 කදී හතරේ පහර 9 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 76 ක් රැස් කරමින් හුදකලා සටනක නිරත විය.
අහ්මඞ් ශෙෂාඞ් පන්දු 73 කදී හතරේ පහර 5 ක් සමගින් ලකුණු 47 ක් ලබා තෙවැනි කඩුල්ල ලෙස දැවී ගිය අතර සොයිබ් මක්ෂූඞ් (0) සහ උමාර් අක්මාල් (0) ලකුණු නොලබා දැවී යෑමෙන් ඉනිම අඩපණ විය.
මෙවර ලෝක කුසලාන තරගාවලියේ පළමු තරග හතරේම පළමුව පන්දුවට පහර දුන් කණ්ඩායම් ලකුණු 300 ක් හෝ ඊට වැඩියෙන් රැස් කරමින් ජය ලැබීම කැපී පෙනෙ සිද්ධියක් බවට පත්විය. නවසීලන්තය (331/6), ඕස්ටේ‍්‍රලියාව (342/9) සහ දකුණු අප‍්‍රිකාව (339/4) සෙසු තරගවලදී ලකු-ණු 300 ඉක්මවා රැස් කළේය.
ඉන්දියාවට ලකුණු 325 ක් පමණ රැස්කිරීමට අවස්ථාව තිබුණ ද 49 වැනි ඕවරයේ අවසන් පන්දුවේ සිට පිට පිටම පන්දු තුනකදී රවීන්ද්‍ර ජඬේජා, මහේන්ද්‍ර සිං දෝනි සහ අජින්‍යා රහනේ දැවී යෑමෙන් එම අවස්ථාව මග හැරී ගියේය.
විරාට් කෝලි අගනා ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 126 කදී හතරේ පහර 8 ක් සමගින් ලකුණු 107 ක් රැස් කළේය. මෙහිදී කෝලි ලකුණු 50 ක් දක්වා එක ලකුණ සහ ලකුණු දෙක බැගින් රැස්කරමින් ලකුණු පුවරුව ක‍්‍රියාත්මක කළ ආකාරය කැපී පෙනුණි. මෙම ශතකය 26 හැවිරිදි කෝලිගේ 22 වැනි එක්දින ශතකයයි.
විරාට් කෝලි සහ සුරේෂ් රයිනා තෙවැනි කඩුල්ලට ලකුණු 110 ක සම්බන්ධතාවක් පවත්වමින් ලකුණු සංඛ්‍යාව 300 ක් දක්වා ගෙන එ්මේ අඩිතාලම දැමූහ.
සුරේෂ් රයිනා වේගවත් ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 56 කින් ලකුණු 74 ක් රැස්කළ අතර එයට හතරේ පහර 5 ක් සහ හයේ පහර 3 ක් ඇතුළත් විය.
විරාට් කෝලි සහ ශීකර් දවාන් දෙවැනි කඩුල්ලට ලකුණු 129 ක සම්බන්ධතව නිසා ඉන්දීය පිල ප‍්‍රබල තත්ත්වයකට පැමිණියේය.
ශීකර් දවාන් පන්දු 76 කදී හතරේ පහර 7 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 73 ක් රැස් කළේය.
රෝහිත් ශර්මා පන්දු 20 කදී හතරේ පහර 2 ක් සමගින් ලකුණු 15 ක් ලබා සිටියදී සොහෙල් ඛාන්ගේ පන්දුවක් හමුවේ දැවී ගියේය.
ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනි කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.
මෙහිදී පාකිස්තානු පිලේ වෙනසක් කරමින් ජ්‍යෙෂ්ඨ පිතිකරු යුනිස් ඛාන් ආරම්භක පිතිකරු ලෙස කටයුතු කිරීමට සූදානමින් සිටියි. උමාර් අක්මාල් නැවතත් කඩුලූ රකින්නා ලෙස කටයුතු කරයි.
ඉන්දීය පිලට එක්දින තරග 12 කදී කඩුලූ 10 ක් පමණක් දවාගෙන ඇති දකුණතින් වේග පන්දු යවන මොහිට් ශර්මා කැදවා සිටියි.
ඉන්දීය පිල ඕවර 50 කදී කඩුලූ 7 ට 300 (රෝහිත් ශර්මා 15, ශීකර් දවාන් 47, විරාට් කෝලි 107, සුරේෂ් රයිනා 74, මහේන්ද්‍ර සිං දෝනි 18, සොහෙල් ඛාන් 55/5)
පාකිස්තානය ඕවර 47 කදී සියලූ දෙනා දැවී 224 (අහ්මඞ් ශෙෂාඞ් 47, හරිස් සොහෙල් 36, මිස්බා උල් හක් 76, සහිඞ් අෆ්රිඩි 22, යසීර් ෂා 13, උමේෂ් යාදේව් 50/2, මොහොමඞ් ශාමි 35/4, මොහිට් ශර්මා 35/2)
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.