Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ 21 වැනි තරගය ලෙස එක්සත් අරාබි එමීර් පිල සහ ඉන්දියාව අතර අද (28 වැනිදා) ඕස්ටේ‍්‍රලියාවේ පර්ත්හිදී පැවැති ‘ඒ’ කාණ්ඩයේ දිවා රාති‍්‍ර තරගයෙන් කඩුලූ 9 ක පහසු ජයක් අත්කර ගැනීමට ඉන්දියාව සමත් විය.
ජයග‍්‍රහණය සඳහා ලකුණු 103 ක ඉලක්කයක් හඹාගිය ඉන්දියාව ඕවර 18.5 ක් අවසානයේ කඩුල්ලක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය.
ඉන්දීය පිලේ පළමු කඩුල්ල ලෙස ලකුණු 14 ක් ලබා සිටි ශිකර් ධවාන් පිටියෙන් ඉවත් කිරීමට මොහොමඞ් නවීඞ් සමත් වූ අතර දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 74 කදි ලකුණු 75 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගෙඩනැගූ රෝහිත් ශර්මා (නොදැවී 57) සහ විරාට් කෝලි (නොදැවී 33) සිය කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැගෙන ගියහ.
පන්දු 55 කදී වාර්තා වූ රෝහිත් ශර්මාගේ අර්ධ ශතකයට හයේ පහරක් සහ හතරේ පහර 10 ක් ඇතුළත් විය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් එක්සත් අරාබි එමීර් පිලට ඕවර 31.3 කදී සියලූ දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 102 ක් පමණි.
එක්සත් අරාබි එමීර් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ශයිමන් අන්වර් පන්දු 49 කදී හතරේ පහර 6 ක් සමගින් ලකුණ් 35 ක් රැස්කළේය.
පිතිකරුවන් 8 දෙනෙකුම ලකුණු 10 සීමා ඉක්මවා යෑමට පෙර දැවීයාම එක්සත් අරාබි එමීර් පිලට විශාල පාඩුවක් විය.
දක්ෂ පන්දු යැවීමක නිරත වූ රවිචන්ද්‍රන් අෂ්වින් ලකුණු 25 කට කඩුලූ 4 ක් දවාගැනීමට සමත් විය.
එක්සත් අරාබි එමීර් පිල - ඕවර 31.3 කදී සියලූ දෙනා දැවී 102
(කුරාම් ඛාන් 14, ශයිමන් අන්වර් 35, රවිචන්ද්‍රන් අෂ්වින් 25/4, උමේෂ් යාදව් 15/2, රවින්ද්‍ර ජදේජා 23/2)
ඉන්දියාව - ඕවර 18.5 කදී කඩුල්ලක් දැවී 104
(රෝහිත් ශර්මා නොදැවී 57, ශිකර් ධවාන් 14, විරාට් කෝලි නොදැවී 33)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.