Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 28 වැනි තරගය ලෙස ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර පර්ත්හිදී අද (06) පැවැති ‘බී’ කාණ්ඩයේ තරගයෙන් ඉන්දීය පිල කඩුලූ 4 ක ජයක් ලබමින් අපරාජිත වාර්තාව රැක ගැනීමට සමත් විය.
බටහිර ඉන්දීය කොදෙව් පිල මෙම පරාජයත් සමඟ අවිනිශ්චිත තත්ත්වයකට පත්විය. ‘බී’ කාණ්ඩයේ සිවුවැනි ස්ථානයට පත්වූ කොදෙව් පිලට තරගයක් පමණක් ඉතිරිව තිබේ. ‘බී’ කාණ්ඩයේ තෙවැනි ස්ථානයේ සිටින පාකිස්තානයට තරග දෙකක් සහ පස්වැනි ස්ථානයේ සිටින අයර්ලන්තයට තරග තුනක් ඉතිරිව තිබේ.
ඉන්දීය පිතිකරුවෝ ලකුණු 183 ක ජයග‍්‍රාහි ඉලක්කය ඕවර 39.1 කදී කඩුලූ 6 ක් දැවී සම්පූර්ණ කළහ.
නායක මහේන්ද්‍ර සිං දෝනි ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමින් නොදැවී ලකුණු 45 ක් රැස් කළේය.
කොදෙව් නායක ජේසන් හෝල්ඩර් සටන්කාමී ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 64 කදී හතරේ පහර 4 ක් සහ හයේ පහර 3 ක් සමගින් ලකුණු 57 ක් රැස් කිරීමට සමත් විය.
ලකුණු 124 කට කඩුලූ 8 ක් දැවී තිබියදී ජේසන් හෝල්ඩර් සහ ජෙරමි ටේලර් 9 වැනි කඩුල්ලට ලකුණු 51 ක සම්බන්ධතාවක් පැවැත්වීමට සමත් වූහ.
දිනේෂ් රැම්ඩින් වගකීම් විරහිත පහරකට යෑමෙන් උමේෂ් යාදේව්ගේ පන්දුවක් කෙළිම්ම කඩුල්ල වැදීමෙන් දැවී යෑමත් සමඟ ලකුණු 35 ට කඩුලූ 4 ක් බවට පත්විය.
ක‍්‍රිස් ගේල් පන්දු 27 කදී හතරේ පහර 2 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 21 ක් රැස්කර සිටියදී තෙවැනි කඩුල්ල ලෙස දැවී යෑමත් සමඟ ඉන්දීය පිල තරගයේ සම්පූර්ණ පාලනය සියතට ගත්තේය.
මාලන් සැමුවෙල්ස් ලකුණු 2 ක් ලබා සිටියදී අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යෑමෙන් කොදෙව් ඉනිම අඩපණ විය. බටහිර ඉන්දීය කොදෙව් නායක ජේසන් හෝල්ඩර් තරගයේ කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.
බටහිර ඉන්දීය කොදෙව් පිල ඕවර 44.2 කදී සියලූ දෙනා දැවී 182 (ක‍්‍රිස් ගේල් 21, ජොනතන් කාටර් 21, ඩැරන් සැමී 26, ජේසන් හෝල්ඩර් 57, ජෙරමි ටේලර් 11, මොහොමඞ් ශාමි 35/3, උමේෂ් යාදේව් 42/2, රවීන්ද්‍ර ජඬේජා 27/2)
ඉන්දීය පිල ඕවර 39.1 කදී කඩුලූ 6 ට 185 (විරාට් කෝලි 33, අජින්‍යා රහනේ 14, සුරේෂ් රයිනා 22, මහේන්ද්‍ර සිං දෝනි නොදැවී 45, රවීන්ද්‍ර ජඬේජා 13, රවිචන්ද්‍රකුමාර් අෂ්වින් නොදැවී 16, ජෙරමි ටේලර් 33/2, ඇන්ද්‍රි රසල් 43/2)
- 048
ඡායාරූප - ඒ.එෆ්.පී. අනුග්‍රහයෙනි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.