Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඉන්දියාව අවසන් පූර්ව තරගයට එයි

ඉන්දියාව අවසන් පූර්ව තරගයට එයි

සංජය එරමුදුගොඩ - 2015 මාර් මස 19 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

 

ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා ගැනීමට ඉන්දීය පිල අද (19) සමත් විය. ඉන්දියාව සහ බංග්ලාදේශය අතර මෙල්බන් ක‍්‍රීඩාංගණයේ අද පැවැති දෙවැනි අර්ධ අවසන් පූර්ව තරගයෙන් ඉන්දීය පිල ලකුණු 109 කින් ජය ලැබීය.

ඕස්ටේ‍්‍රලියාව සහ පාකිස්තානය අතර හෙට (20) පැවැත්වෙන තෙවැනි අර්ධ අවසන් පූර්ව තරගයෙන් ජය ලබන කණ්ඩායම සහ ඉන්දියාව අතර දෙවැනි අවසන් පූර්ව තරගය මේ මස 26 වැනිදා සිඞ්නිහිදී පැවැත්වේ.

ආරම්භක පිතිකරු රෝහිත් ශර්මා පන්දු 126 කදී හතරේ පහර 14 ක් සහ හයේ පහර 3 ක් සමගින් ලකුණු 137 ක් රැස්කරමින් ඉන්දීය ඉනිම ශක්තිමත් කිරීමට සමත් විය. මෙය රෝහිත් ශර්මාගේ 7 වැනි එක්දින ශතකයයි. සුරේෂ් රයිනා වේගවත් ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 57 කදී හතරේ පහර 7 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 65 ක් රැස්කරමින් සිවුවැනි කඩුල්ල ලෙස දැවී ගියේය.

රෝහිත් ශර්මා සහ සුරේෂ් රයිනා සිවුවැනි කඩුල්ලට ලකුණු 122 ක සම්බන්ධතාවක් ගොඩනැංවූහ. ඉන්දීය පිලේ නායක මහේන්ද්‍ර සිං දෝනි කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.

 


ඉන්දීය පිල  ඕවර 50 කදී කඩුලූ 6 ට 302 (ශීකර් දවාන් 30, රෝහිත් ශර්මා 137, අජින්‍යා රහනේ 19, සුරේෂ් රයිනා 65, රවීන්ද්‍ර ජඬේජා නොදැවී 23, ටස්කින් අහ්මඞ් 69/3)

බංග්ලාදේශ පිල  ඕවර 45 කදී සියලූ දෙනා දැවී 193 (තමීම් ඉක්බාල් 25, සෞම්‍ය සර්කර් 29, මහුමුදුල්ලා 21, මුෂ්ෆිකුර් රහීම් 27, සබීර් රහමන් 30, නසීර් හොසේන් 35, මොහොමඞ් ශමී 37/2, උමේෂ් යාදේව් 31/4, රවීන්ද්‍ර ජඬේජා 42/2)

 

- 048

 

තරගයේ විශේෂ අවස්ථා...

ඡායාරූප - ඒ.එෆ්.පී. අනුග‍්‍රහයෙනි


අදහස් (1)

ඉන්දියාව අවසන් පූර්ව තරගයට එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.