Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වසර 23 කට පසුවත් දකුණු අපි‍්‍රකාව හැඩවූ නවසීලන්ත පිතිකරුවෝ, අගහරුවාදා රාති‍්‍රයේ නවසීලන්තයේ ඕක්ලන්ඞ් නුවර අහස මල්වෙඩි වරුසාවකින් හැඩ කරමින් ලෝක කුසලාන අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ තරගයේ පන්දුවක් පමණක් ඉතිරිව තිබියදීය.
පළමු වතාවට ලෝක කුසලාන අවසන් මහ තරගයකට සුදුසුකම් ලද නවසීලන්ත පිලට මුහුණ දෙන්නේ සිවු වතාවක්ම ලෝක කුසලාන දිනාගත් ඕස්ටේ‍්‍රලියාවද? එහි වත්මන් ශූරයන් වන ඉන්දියාවද? මේ හෙට දවසේ ප‍්‍රශ්නයයි. මේ ප‍්‍රශ්නයට පිළිතුරු සෙවීම සඳහා ඉන්දියාව මෙන්ම ඕස්ටේ‍්‍රලියාද තම තමන්ගේ කඳවුරු වලට වී සිය සටන් උපක‍්‍රම සූදානම් කරමින් සිටිති.
ඕස්ටේ‍්‍රලියානුවන් අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබාගත්තේ කිසිදු අපහසුවකින් තොරව පාකිස්තානය පරදවමිනි. ඉන්දියාව අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබාගත්තේ බංග්ලාදේශය පරාජය කරමිනි.
පසුගිය දෙසැම්බර් මාසයේ සිට ටෙස්ට් තරගාවලියකට මෙන්ම තුන්කොන් එක්දින තරගාවලියකට සහභාගි වීම සඳහා ඕස්ටේ‍්‍රලියාවේ කඳවුරු බැඳ සිටින ඉන්දීය කණ්ඩායමටත් වරින් වර ඉන්දීය කී‍්‍රඩකයන් හා ගැටුම් ඇතිකරගනිමින් තරග වදින ඕස්ටේ‍්‍රලියානු කී‍්‍රඩකයන්ටත් මෙය තවත් එක් තරගයක් පමණි.
එහෙත් ඉන්දීය සහ ඕස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් ලෝලීන්ට නම් එය එසේ නොවේ.
ඕස්ටේ‍්‍රලියානුවන්ට ඕනෑ කරන්නේ තමනගේ රටේදී පැවැත්වෙන තරගාවලියේදී ලෝක කුසලාන ජයගනිමින් තවත් දහසකුත් එකක් කී‍්‍රඩා ඇති ඕස්ටේ‍්‍රලියාවේ කි‍්‍රකට් කී‍්‍රඩාවට දැවැන්ත දැන්වීමක් නිර්මාණය කිරීමයි. ඉන්දියානුවන්ට ඕනෑ කරන්නේ වසර 4 කට ඉහතදී දිනාගත් කුසලානය රැකගැනීමයි.
කෙසේ වෙතත් හෙට (26 වැනිදා) පැවැත්වෙන තරගය මයිකල් ක්ලාක්ට නම් සුළුපටු තරගයක් නොවේ. ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමට පෙර තුවාල ලත් ඕස්ටේ‍්‍රලියානු නායකයාට තව පොඞ්ඩෙන් ලෝක කුසලාන තරගාවලියම අහිමි වන්නටත් ඉඩ තිබිණ. එහෙත් දැන් ඔහු ලෝක කුසලානයට දිනුම් දෙකකට මෑතින් සිටී.
”ඇත්තම කියනවා නම් මා ඒ ගැන ඒ තරම් හිතුවේ නෑ. ඒත් අනෙක් හැම ඕස්ටේ‍්‍රලියානුවකුට වගේම මටත් මේ තරගය මහමෙරක් තරම් වටිනවා”
”මේ තරගයේදී විතරක් නෙමේ, තරගය මොකක් වුණත්, ඕස්ටේ‍්‍රලියානු පිලේ කී‍්‍රඩකයකු හැටියට මම පිට්ටනියට යන සෑම වෙලාවකදීම මට ඕනෑ කරන්නේ කණ්ඩායමේ ජයග‍්‍රහණය වෙනුවෙන් දායක විය හැකි තරමට දස්කම් දැක්වීමයි” යයි ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී ඕස්ටේ‍්‍රලියානු නායකයා පැවසීය.
තුවාල ලැබීමෙන් පසුව ක්ලාක් කණ්ඩායමට එක්වූ අවස්ථාවේදී ජෝර්ජ් බේලිට ස්ථානය අහිමි විය. නවසීලන්තය හමුවේ පැවැති තරගයද පරාජය විය. ක්ලාක්ගේ එක්වීම ගැන බොහෝ දෙනා මැසිවිලි කී නමුත් ක්ලාක් නායකයකු වශයෙන් අභියෝග ජයගනිමින්, ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම අවසන් පූර්ව තරගය දක්වා කැඳවාගෙන ආවේය.
මෙම අවසන් පූර්ව තරගයේදී ක්ලාක් මුහුණදෙන පීඩනය වන්නේ පිතිකරුවකු මෙන්ම නායකයකුද වශයෙන් කණ්ඩායමට මග පෙන්වීමයි. තරගය ජයගතහොත් ක්ලාක්ට ඇති දෝෂාරෝපණ යටපත්වනු ඇත. තරගය පරාජය වුවහොත් ක්ලාක් වැරදිකරුවා වනු නියතය.
ඕස්ටේ‍්‍රලියාවේදී ලෝක කුසලාන තරගාවලියක් පැවැත්වෙන්නේ වසර 23 කට පසුවය. 1992 දී ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන විට වත්මන් ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමේ සියලූම කී‍්‍රඩකයෝ මා පිය සෙවණේ හැදී වැඩුණු කුඩා දරුවෝ වූහ. එබැවින් බැහැර කළ නොහැකි සත්‍යය නම් මෙම තරගය මයිකල් ක්ලාක්ට මෙන්ම සමස්ත ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමම සිය මවුබිමේදී මුහුණ දෙන ඉතාමත් වැදගත් කි‍්‍රකට් තරගය බවයි.
ඕස්ටේ‍්‍රලියානුවන් වෙනදා තරගයට දිනයකට පෙරදීම තමන්ගේ කණ්ඩායම ප‍්‍රකාශයට පත්කරන නමුත් මයිකල් ක්ලාක්ගෙන් ඒ ගැන කළ විමසීමේදී ඔහු කියා සිටියේ හෙට තරගයට යොදවන කණ්ඩායම ගැන තමන් කිසිවක් නොදන්නා බවත් තේරීම් කමිටු සභාපති රොඞ්නි මාෂ් මහතාට කතාකරන විට ඒ මහතා ගුවන් මගින් සිඞ්නි නුවරට පැමිණෙමින් සිටි බවත්ය.
සිඞ්නි කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී කාසිය මහත් වාසි ගෙනෙන බව රහසක් නොවේ. එහෙත් මයිකල් ක්ලාක්ට නම් කාසියේ වාසිය ගැන වගේ වගක් නැති ගානය.
ඇතැම් විට කාසියේ වාසිය පිළිබඳ තමන් එතරම් නොතකන බව මයිකල් ක්ලාක් කියන්නේ තමන්ගේ හැගීම් සගවාගෙනද විය හැකිය. එහෙත් මයිකල් සිතමින් සිටින්නේ කාසියේ වාසිය දිනාගතහොත් පළමුවෙන් පන්දුවට පහර දීමට බව කතාවෙන් පෙනේ.
ඕස්ටේ‍්‍රලියානු නායකයා පවසන්නේ මෙවන් අධි පීඩන තරග වලදී වඩාත් වැදගත් වන්නේ කී‍්‍රඩකයන්ගේ පළපුරුද්ද සහ පරිණත භාවය බවයි.
”පළපුරුද්ද වගේම තරුණ ජවයත් මිශ‍්‍ර කරමින් තමා මේ වගේ අධි පීඩන තරග වෙනුවෙන් කණ්ඩායමක් හදන්නේ. මේ දෙවර්ගයේම අය අපේ සංචිතයේ සිටින බවට මට හොඳ විශ්වාසයක් තියෙනවා” යයිද මයිකල් ක්ලාක් කියයි.
කෙසේ වෙතත් තරගය පැවැත්වෙන්නේ සිඞ්නි කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේ බැවින් සත්කාරක ඕස්ටේ‍්‍රලියානු පිල තරගය ජයගනු ඇතැයි බොහෝ දෙනාගේ අපේක්‍ෂාවයි. අනෙක් අතට ඕස්ටේ‍්‍රලියාව එක්දින ශ්‍රේණිගත කිරීම් අතරේ පළමු ස්ථානය හිමි කණ්ඩායමද වෙයි. එබැවින් වඩාත් පීඩනයට පත්ව සිටින්නේ ඕස්ටේ‍්‍රලියානු පිල මිස ඉන්දියානුවන් නොවන බව ඇතැමෙක් කියති.
එහෙත් ඉන්දියානුවන්ට ඇත්තේ වෙනත් ආකාරයේ පීඩනයකි. එනම් ඔවුන් ලෝක කුසලානයේ වත්මන් හිමිකරුවන් වීමත්, ලෝක කුසලාන තරගාවලියේදී මෙතෙක් සහභාගි වූ තරග සියල්ලම ජයගෙන තිබීමත්ය. එසේ නම් ඉන්දියානුවන් මේ තරගයත් ජයගත යුතුයයි බහුතර මතයයි. එයද පීඩනයකි.
ඕස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් ලෝලීන් මෙන් නොව ඉන්දියානුවෝ කි‍්‍රකට් කී‍්‍රඩාව ආගමක් මෙන් සලකති. එබැවින් හෙට තරගය නැරඹීමට සිඞ්නි කි‍්‍රකට් කී‍්‍රඩාංගණයට පිවිසෙන නරඹන්නන්ගෙන් වැඩිදෙනෙකු ඉන්දියානුවන් වූවොත් එයද පුදුමයට කරුණක් නොවේ. එහෙත් ඒ සම්බන්ධයෙන් මයිකල් ක්ලාක් කියන්නේ මෙවන් කතවකි.
”ඒකට (සිඞ්නි කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේ ඉන්දීය පේ‍්‍රක්‍ෂයන් වැඩිවීම) කමක් නෑ”
”අපි ඉන්දියාවත් එක්ක ඕනෑ තරම් සෙල්ලම් කරලා තියෙනවා. ඒත් සිඞ්නි කි‍්‍රකට් කී‍්‍රඩාංගණයට වඩා හොඳ කී‍්‍රඩාංගණ වැඩිය නෑ. ඒ නිසා, මේ වගේ තරගයක්, අපේම කී‍්‍රඩාංගණයක් වන සිඞ්නි කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී කී‍්‍රඩා කිරීමට ලැබීම නම් ඉතාමත් හොඳ දෙයක්”
”අප දන්නවා මුළු මහත් ඕස්ටේ‍්‍රලියාවේම සහයෝගය අපට තියෙන බව. ඒක තරගාවලිය පුරාම අපට අපට දැනුණ දෙයක්. ඊට වඩා උනන්දු කිරීමක් අපට අවශ්‍ය නෑ” යයිද මයිකල් ක්ලාක් පැවසීය.
ඉන්දියානුවන්ට ඇත්තේ ඉතාමත් පළපුරුදු කණ්ඩායමකි. වත්මන් ඉන්දීය සංචිතයේ සිටින කී‍්‍රඩකයන් අතුරින් 8 දෙනෙක් මීට දෙවසරකට ඉහතදී පැවැති ශූරයන්ගේ කුසලාන අවසන් මහ තරගයේදී කී‍්‍රඩා කළ අතර තිදෙනෙක් 2011 ලෝක කුසලාන අවසන් මහ තරගයේදී කී‍්‍රඩා කළහ. එය ඉන්දියානුවන්ගේ ආත්ම විශ්වාසය වැඩිකරන්නකි.
අනෙක් අතට සිඞ්නි කි‍්‍රකට් කී‍්‍රඩාංගණට දග පන්දු යවන්නන්ගේ පරාදීසයක්ය යන්න රහසක් නොවේ. ශී‍්‍ර ලංකාව සහ දකුණු අපි‍්‍රකාව අතර පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේදීත් එය මැනවින් කැපී පෙනුණු අතර ඉන්දියානුවෝ මේ බව හොඳින්ම දනිති. ඇරත් ඕස්ටේ‍්‍රලියානු පිතිකරුවන් මෙල්ල කිරීමට ඉන්දීය දග පන්දු යවන්නන්ට හැකියාව තිබේ. එකම අභියෝගය ඕස්ටේ‍්‍රලියානු වේග පන්දු යවන්නන්ගෙන් පරෙස්සම් වීම පමණි.
රෝහිත් ෂර්මා, ෂිකාර් ධවාන්, විරාට් කෝලි සහ සුරේෂ් රයිනා ඇතුළු පිරිසට ඕස්ටේ‍්‍රලියානු වේග පන්දු යවන්නන් හා ගනුදෙනුව බේරාගත හැකි නම් ඉන්දීය දග පන්දු යවන්නෝ ඊළග අභියෝගය බාරගැනීමට සූදානමින් සිටිති. වසර 7 කට ඉහතදීත් ‘කොමන්වෙල්ත් බැංකු කුසලාන එක්දින තරගාවලියේ අවසන් මහ තරගයේදී ඕස්ටේ‍්‍රලියාව හා තරග කළ ඉන්දියානුවෝ සිඞ්නි කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී එම තරගය ජයගත්හ.
කි‍්‍රකට් පිටියේදී ඉන්දියානුවන් වඩාත් උසිගැන්වෙන්නේ ඕස්ටේ‍්‍රලියාව හා තරග කරන විටදීය. විරාට් කෝලි මේ බව කිහිප වතාවක්ම ප‍්‍රකාශ කර තිබෙන අතර ඉන්දියානු සහ ඕස්ටේ‍්‍රලියානු කී‍්‍රඩකයන් අතර ඇතිවන ගැටුම් බොහෝ විට නිමාවන්නේ විනිසුරුවන් මැදිහත් වීමෙනි. මේවාට වැඩියෙන්ම මැදිහත් වන ඕස්ටේ‍්‍රලියානුවන් වන්නේ ඬේවිඞ් වෝනර්, ෂේන් වොට්සන් සහ මිචෙල් ජොන්සන් තිදෙනාය.
හෙට පැවැත්වෙන තරගයේදීත් එවන් සිදුවීම් අපේක්‍ෂා කළ හැක්කේ ඕස්ටේ‍්‍රලියානුවන්ගේ අභිප‍්‍රාය ඉන්දියානුවන්ගේ මනස අවුල් කිරීම බැවිනි. එහෙත් රෝහිත් ෂර්මාට නම් එවන් ගැටුම් උත්තේජකයකි.
සියල්ල කාලයට පවරාදී බලා සිටිය යුතුව තිබේ.
ඉන්දීය සංචිතය -
මහේන්ද්‍ර සිං දෝනි (නායක), විරාට් කෝලි, ෂිකාර් ධවාන්, රෝහිත් ෂර්මා, අජින්ක්‍යා රහනේ, අම්බටි රයියදු, සුරේෂ් රයිනා, රවීන්ද්‍ර ජදේජා, රවිචන්ද්‍රන් අශ්වින්, අක්ෂර් පතෙල්, බුවනේෂ්වර් කුමාර්, මෝහිත් ෂර්මා, මොහොමඞ් සාමි, ස්ටුවර්ට් බිනී සහ උමේෂ් යාදව්
ඕස්ටේ‍්‍රලියානු සංචිතය -
මයිකල් ක්ලාක් (නායක), ජෝර්ජ් බේලි, පැටි කමින්ස්, සේවියර් ඩොහටි, ජේම්ස් ෆෝක්නර්, ඒරන් ෆින්ච්, බ‍්‍රැඞ් හැඩින්, ජෝ හේසල්වුඞ්, මිචෙල් ජොන්සන්, මිචෙල් මාෂ්, ග්ලෙන් මැක්ස්වෙල්, ස්ටීවන් ස්මිත්, මිචෙල් ස්ටාක්, ඬේවිඞ් වෝනර් සහ ෂේන් වොට්සන්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.