Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ආසියානු ගෝන් ප්‍රී මලල ක්‍රීඩා තරග මාලාවේ II වැනි අදියරේදීත් ශ්‍රී ලංකාවට මීටර 800 (පිරිමි) ඉසව්වේ රන් පදක්කම දිනා දෙන බව ඉඳුනිල් හේරත් “ලංකාදීප”යට පැවැසීය. අදියර I තරගාවලියේදී ශ්‍රී ලංකාවට ලැබුණු එකම රන් පදක්කමේ හිමිකරුවා වූයේ මීට පෙර ගෝන් ප්‍රී තරග වලදී රිදී පදක්කම් ලාභියෙකුව සිටි ඉඳුනිල් හේරත්ය.
ආසියානු ගෝන් ප්‍රී මලල ක්‍රීඩා තරග මාලාවේ අදියර දෙකක සත්කාරය චීනය විසින් දරන අතර එහි පළමු අදියර 24 වැනිදා ජින්හුවා නගරයේදී පැවැත්විණ. තරගාවලියේ දෙවැනි අදියරට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම සමග චීනයේ ජියැන්ෂින් නගරයට අද (25) පැමිණියේය. II වැනි අදියරේ තරගාවලිය බ්‍රහස්පතින්දා (27 වැනිදා) චීන වේලාවෙන් පස්වරු 6.30 ට ආරම්භවේ. ශ්‍රී ලංකාවේ වේලාවෙන් එය පස්වරු 4 ටය.
රටවල් 20ක් තරග වදින මෙවර තරග මාලාවේ තෙවැනි (අවසන්) අදියර ලබන ඉරිදා (30) පැවැත්වෙන්නේ අසල්වැසි චීන තායිපේ හිදීය.
පළමු අදියර තරගාවලියේදී රන් පදක්කම අහිමිවූ ශ්‍රී ලංකා ක්‍රීඩක හිමාෂ ඒෂාන් “ලංකාදීප”යට පැවැසුවේ හෙට දෙවැනි අදියරේදී තමා මීටර 100 රන් පදක්කම කෙසේ හෝ දිනාගන්නා බවයි.
පළමු අදියරේ ශ්‍රී ලංකාවේ දස්කම් එක් රන් පදක්කමක්, එක් රිදී පදක්කමක් හා එක් ලෝකඩ පදක්කමකට සීමාවූ අතර කෙසේ වුවත් ආසියානු ගෝන් ප්‍රී මලල ක්‍රීඩා තරග ඉතිහාසයේ ශ්‍රී ලංකාව 2007 හා 2011 යන වසරවල පැවැති තරග මාලාවලදී කිසිදු පදක්කමක් දිනා ගැනීමට සමත්ව නොමැත.
කෙසේ වුවත් ශීත කාලගුණික තත්ත්වයක් පවතින ජියැන්ෂින් නගරයේදී තරග වදින ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් එහිදී වඩාත් දුෂ්කරතාවයට පත්වනු ඇතැයි ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ප්‍රදීප් නිශාන්ත මහතා පවසයි. විශේෂයෙන්ම ජියැන්ෂින් ක්‍රීඩාංගණයේ කෘතිම ධාවන පථය වඩාත් තද රළු ස්වභාවයක් ගැනීම තුළ මැදි දුර හා දිගු දුර ධාවනයට එය බලපෑමක් වනු ඇතැයිද ඔහු එහිදී වැඩිදුරටත් පැවැසීය.
කලාපයේ ශ්‍රී ලංකාවේ ප්‍රබලතම ප්‍රතිවාදියා බවට පත්ව සිටින ඉන්දියාව පළමු අදියර තරගාවලියේදී එක් රන් පදක්කමක් දිනා ගත් අතර ඔවුන් එහිදී රිදී පදක්කම් පහක් හා ලෝකඩ පදක්කම් හතරක් හිමිකර ගෙන තිබුණි. පළමු අදියර තරගාවලියේදී අසාර්ථක වූ ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ ක්‍රීඩකයන් දෙදෙනා දෙවැනි අදියරට සූදානම් වන අතර වරුණ ලක්ෂාන්ගේ පාදයක ඊයේ සුළු ආබාධයක් ඇතිවී තිබුණි. පුහුණුකරු ප්‍රදිප් නිශාන්ත මහතා පැවැසුවේ එය හෙට ඔහුගේ තරග වැදීමට බාධාවක් නොවන බවයි.
රියෝ ඔලිම්පික් තරග වරම්ද ලැබූ සුමේධ රණසිංහගේ දක්ෂතා මේ වන විට මීටර 80.25 සිට 71.12ක් දක්වා අඩු වී තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.