Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඉෂාන් ති‍්‍රත්ව ජයග‍්‍රහණ ලබයි

ඉෂාන් ති‍්‍රත්ව ජයග‍්‍රහණ ලබයි

සංජය එරමුදුගොඩ - 2016 ජුනි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ති‍්‍රත්ව ජයග‍්‍රහණ වාර්තා කරමින් 6 වැනි ‘කැවල්රි සුපර් ක්‍රොස්’ මෝටර් රථ හා යතුරුපැදි තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස සම්මාන දිනාගනීමට ඉෂාන් දසානායක සමත් විය. මෙම තරගාවලිය ඉකුත් ඉරිදා (12 වැනිදා) කුරුණෑගල, පාන්ගොල්ල සන්නහා සන්නද්ධ බලකා මූලස්ථාන ධාවන පථයේදී පැවැත්විණ.

එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි තරගය ජයගත් ඉෂාන් දසනායක, එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි ඉසව්වේ තරග දෙකද ඉතා පහසුවෙන්ම ජයගනිමින් එම සම්මානයට හිමිකම් කීවේය.

එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි තරග දෙකේදී ආරම්භයේ සිටම පෙරමුණ ගත් ඉෂාන්, තරග දෙක නිමාවන තෙක්ම අන් කිසිදු තරගකරුවකුට තමා පසුකර යෑමට ඉඩ නෙදීමට තරම් ආක‍්‍රමණශීලී තරග විලාශයක් පෙන්නුම් කළේය. එම තරග දෙකේම දෙවැනි ස්ථාන හිමි කරගැනීමට ඉෂාන් පසුපස හඹාගිය ඉවෝන් බී. ගුරුසිංහ සමත් විය. යුද හමුදාව නියෝජනය කරන කී‍්‍රඩකයන් වන බුද්ධික සිල්වා පළමු තරගයේ තෙවැනි ස්ථානයටද, සමීර පේ‍්‍රමරත්න දෙවැනි තරගයේ තෙවැනි ස්ථානයටද පත්වූහ.

එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 දක්වා) මොටොක්‍රොස් යතුරුපැදි තරගය ජයගැනීමට  ඉෂාන් සමත් වූයේ සමීර පේ‍්‍රමරත්න සහ බුද්ධික සිල්වා පිළිවෙළින් දෙවැනි සහ තෙවැනි ස්ථාන වලට පත්කරමිනි.

කැවල්රි සුපර් ක්‍රොස් තරග ඉතිහාසයේ තෙවරක් (2010, 2012 සහ 2013) දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස සම්මාන දිනා සිටින ගයාන් සඳරුවන් සහ අවසන් වරට (2014) පැවැති කැවල්රි සුපර් ක්‍රොස් තරගාවලියේදී දක්ෂතම යතුරුපැදිකරුවා බවට පත් වූ ෂෙහාන් සී. අධිකාරි විවිධ ආබාධ හේතුවෙන් මෙවර තරගාවලියට සහභාගි නොවූහ. තවත් ප‍්‍රබල කී‍්‍රඩකයකු වන ජැක් ගුණවර්ධනද ඔහු සහභාගි වූ තරග දෙකේදීම විවිධ හේතූන් මත තරගයෙන් ඉවත් වීම නිසා ඉෂාන්ගේ ජයග‍්‍රහණය තවත් පහසු විය.

‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද යතුරුපැදි (ස්ටී‍්‍රට් ටේ‍්‍රල්) ඉසව්වේ තරග දෙකම ජයගනිමින් යතුරුපැදි අංශයේ ද්විත්ව ජයග‍්‍රහණ ලබාගැනීමට ඉවෝන් බී. ගුරුසිංහ සමත් වූ අතර ශානුක සඳරුවන් එම තරග දෙකේම දෙවැනි ස්ථාන හිමිකර ගත්තේය.

එස්. එම්. කාණ්ඩයේ සුපර් මෝටාඞ් යතුරුපැදි (සි. ධා. 250 සිට 750 දක්වා) ඉසව්වේ තරග දෙකම ජය ගැනීමට ඉමාල් මංචනායක සමත් වූයේ උදික ශ්‍රීමාල් මලවිගේ සහ දේෂාන් සොලංකි එම තරග දෙකේ දෙවැනි සහ තෙවැනි ස්ථාන වලට පත්කරමිනි. ඉකුත් සති අන්තයේ පැවැති ‘සීගිරිය රැළික්‍රොස් තරගාවලියේදී අනතුරකට ලක්වූ ප‍්‍රවීන කී‍්‍රඩක ආනන්ද වෙඩිසිංහ වේදනා නාශක ලබාගෙන මෙම තරගාවලියේ සුපර් මෝටාඞ් තරග දෙකට සහභාගි වුවද, ඔහුට එහිදී සිය සුපුරුදු දස්කම් දැක්වීමට නොහැකි විය.

එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 දක්වා) රේසිං මොටෝක්‍රොස් සන්නද්ධ සේවා යතුරුපැදි තරගය ජයගත් සමීර පේ‍්‍රමරත්න, එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි තරගය දෙවැනියා ලෙසින්ද, එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) මොටෝක්‍රොස් දෙවැනි යතුරුපැදි තරගය තෙවැනියා ලෙසද අවසන් කළේ සන්නද්ධ සේවා කී‍්‍රඩකයන් අතර වැඩි ගෞරව අත්කරගනිමිනි.

ජේ. කාණ්ඩයේ (සි. ධා. 85 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි (වයස අවුරුදු 13 න් පහළ* තරගය ජයගැනීමට තවමත් 11 වැනි වියේ පසුවන ඞී. එම්. ඞී. කල්හාර සමත් වූ අතර නරඹන්නන්ගේ නළලත් රැළිගන්වමින් එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 85 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි (වයස අවුරුදු 16 න් පහළ) තරගයද ජයගැනීමට ඔහු සමත් වූයේ එහි අවසන් පිම්මේදී හසිඳු ගුණසේකර පසුකර යමිනි.

වයස අවුරුදු 10 න් පහළ ළමුන් සඳහා පැවැති එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 50 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි තරගයේ පළමු සහ දෙවැනි ස්ථාන දිනාගැනීමට මිනුක රත්නායක සහ රිවිනු රත්නායක නිවුන් සොහොයුරෝ සමත් වූහ.

ශ්‍රී ලංකා යුද හමුදාවේ සන්නහා සන්නද්ධ බලකාය, ශ්‍රී ලංකා රේසිං රියදුරන්ගේ සහ යතුරුපැදිකරුවන්ගේ සංගමය (ස්ලාඩාර්) සමග එක්ව සංවිධානය කළ මෙම තරගාවලියේ ප‍්‍රධාන අනුග‍්‍රාහකයා ලෙස සියැට් සමාගම කටයුතු කළේය.

හොණ්ඩා, සිංගර්, සයින් ටෙක්, ලිට්‍රෝ ගෑස්, කොමාර්ෂල් ක්‍රෙඩිට්, රංජනාස් යන සමාගම් සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව තරගාවලියේ සෙසු අනුග‍්‍රහකයන් ලෙස කටයුතු කළේය.

 

තරග ප‍්‍රතිඵල

ජේ. කාණ්ඩයේ (සි. ධා. 85 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි (වයස අවුරුදු 13 න් පහළ)
1 ඞී. එම්. ඞී. කල්හාර (කේ. ටී. එම්. 85)
2 කේසර ගොඩගේ (කේ. ටී. එම්. 85)
3 සදේෂ් සිල්වා (යමහා වයි. ඉසෙඞ්. 85)


එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 දක්වා) රේසිං මොටෝක්‍රොස් සන්නද්ධ සේවා යතුරුපැදි
1 සමීර පේ‍්‍රමරත්න (යමහා වයි. ඉසෙඞ්. 125)
2 බුද්ධික සිල්වා (යමහා වයි. ඉසෙඞ්. 125)
3 මිතුන් ජයසංක සිගේරා (යමහා වයි. ඉසෙඞ්. 125)


එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 50 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි (වයස අවුරුදු 10 න් පහළ)
1 මිනුක රත්නායක (යමහා පී. ඩබ්ලිව්. 50)
2 රිවිනු රත්නායක (යමහා පී. ඩබ්ලිව්. 50)
3 රෂ්මි කරුණාරත්න (යමහා පී. ඩබ්ලිව්. 50)

 
ජේ. කාණ්ඩයේ (සි. ධා. 85 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි (වයස අවුරුදු 13 න් පහළ)
1 ඞී. එම්. ඞී. කල්හාර (කේ. ටී. එම්. 85)
2 කේසර ගොඩගේ (කේ. ටී. එම්. 85)
3 සදේෂ් සිල්වා (යමහා වයි. ඉසෙඞ්. 85)

 
එස්. එම්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට 750 දක්වා) සුපර් මෝටාඞ් යතුරුපැදි පළමු තරගය
1 ඉමාල් මංචනායක (හොණ්ඩා සී. ආර්. එෆ්. 250)
2 දේෂාන් සොලංකි (සුසුකි ආර්. එම්. එස්. 250)
3 උදික ශ්‍රීමාල් මලවිගේ (සුසුකි ආර්. එම්. එස්. 250)


එම්. කාණ්ඩයේ සාමන්‍ය සහ නවීකරණය කරන ලද (සි. ධා. 125 දක්වා) සන්නද්ධ සේවා යතුරුපැදි (ස්ටී‍්‍රට් ටේ‍්‍රල්)
1 නිහල් විජේරත්න (කේ. ටී. එම්. 125)
2 එම්. එන්. පෙරේරා (කවසාකි කේ. ඞී. එක්ස්. 125)
3 මධුර පීරිස් (කේ. ටී. එම්. 125)


‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද යතුරුපැදි පළමු තරගය (ස්ටී‍්‍රට් ටේ‍්‍රල්)
1 ඉවෝන් බී. ගුරුසිංහ (යමහා ඩබ්ලිව්. ආර්. එෆ්. 250)
2 ශානුක සඳරුවන් (හොණ්ඩා. සී. ආර්. එෆ්. එක්ස්. 250)
3 නිහල් විජේරත්න (යමහා ඩබ්ලිව්. ආර්. එෆ්. 250)

 
එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි
1 ඉෂාන් දසනායක (යමහා වයි. ඉසෙඞ්. 125)
2 සමීර පේ‍්‍රමරත්න (යමහා වයි. ඉසෙඞ්. 125)
3 බුද්ධික සිල්වා (යමහා වයි. ඉසෙඞ්. 125)

 
එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි පළමු තරගය
1 ඉෂාන් දසනායක (ටී. වී. එස්. ආර්. ටී. ආර්. 250)  
2 ඉවෝන් බී. ගුරුසිංහ (යමහා ඩබ්ලිව්. ආර්. එෆ්. 250)
3 බුද්ධික සිල්වා (කවසාකි කේ. එක්ස්. එෆ්. 250)


‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද යතුරුපැදි දෙවැනි තරගය (ස්ටී‍්‍රට් ටේ‍්‍රල්)
1 ඉවෝන් බී. ගුරුසිංහ (යමහා ඩබ්ලිව්. ආර්. එෆ්. 250)
2 ශානුක සඳරුවන් (හොණ්ඩා. සී. ආර්. එෆ්. එක්ස්. 250)
3 ප‍්‍රදීප් කරුණාරත්න (හොණ්ඩා. සී. ආර්. එෆ්. එක්ස්. 250)

 
එස්. එම්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට 750 දක්වා) සුපර් මෝටාඞ් යතුරුපැදි දෙවැනි තරගය
1 ඉමාල් මංචනායක (හොන්ඩා සී. ආර්. එෆ්. 450)
2 උදික ශ්‍රීමාල් මලවිගේ (සුසුකි ආර්. එම්. එස්. 250)
3 දේෂාන් සොලංකි (සුසුකි ආර්. එම්. එස්. 250)


එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි දෙවැනි තරගය
1 ඉෂාන් දසනායක (ටී. වී. එස්. ආර්. ටී. ආර්. 250)
2 ඉවෝන් බී. ගුරුසිංහ (යමහා වයි. ඉසෙඞ්. එෆ්. 250)
3 සමීර පේ‍්‍රමරත්න (යමහා වයි. ඉසෙඞ්. එෆ්. 250)

 

‘කැවල්රි සුපර් ක්‍රොස්’ යතුරුපැදි තරගාවලියේ උණුසුම් අවස්ථා...

(ඡායාරූප - ශානුක අරවින්ද)

 

ඉවෝන් බී. ගුරුසිංහ

 

 

ඉමාල් මංචනායක

 


සමීර පේ‍්‍රමරත්න

 

ඩී. එම්. ඩී. කල්හාර (දකුණු පසින්)

 


මිනුක රත්නායක

 

ඉෂාන් දසනායක 
(ඡායාරූප - ශානුක අරවින්ද)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


අදහස් (0)

ඉෂාන් ති‍්‍රත්ව ජයග‍්‍රහණ ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.