Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වසර 7 කට පසුව ‘සීගිරිය රැළි ක්‍රොස්’ මෝටර් රථ හා යතුරුපැදි තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස සම්මාන දිනාගනීමට ඉෂාන් දසානායක සමත් විය.
ජැක් ගුණවර්ධනට පමණක් දෙවැනි වෙමින් එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි ඉසව්වේ පළමු තරගය නිමා කළ ඉෂාන් දසානායක, දෙවැනි තරගය පහසුවෙන්ම ජයගනිමින් එම සම්මානයට හිමිකම් කීවේය. එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 දක්වා) මොටොක්‍රොස් යතුරුපැදි තරගයේ ජයද ඉෂාන් සතුවිය.
ඉෂාන් ‘සීගිරිය රැළි ක්‍රොස්’ තරගාවලියක දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස සම්මාන දිනාගත් දෙවැනි අවස්ථාව මෙය වන අතර මින් පෙර 2009 වසරේ පැවැති තරගාවලියේදීද ඔහු එම සම්මානයට හිමිකම් කියා තිබේ. ඒ වන විට ඔහු 17 හැවිරිදි වියේ පසුවිය.
පළමු තරගය ජයගත් ජැක් ගුණවර්ධනට, ඉෂාන් දසානායක පසු පස හඹායන විට ධාවන පථය මත ඇද වැටීම නිසා අන්තිමයා ලෙස දෙවැනි තරගය අවසන් කිරීමට සිදුවිය. එම තරගයේ දෙවැනි ස්ථානය ඉවෝන් බී. ගුරුසිංහට හිමි වූ අතර නැගී එන කී‍්‍රඩක බුද්ධික කසුන් සිල්වා හිටපු මොටෝක්‍රොස් ශූර ගයාන් සඳරුවන්ද පසුකර යමින් පළමු තරගය සිව්වැනියා ලෙසත්, දෙවැනි තරගය තෙවැනියා ලෙසත් නිමා කළේය.
සිව්වරක් සීගිරිය ධාවන පථයේදී දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස සම්මාන දිනා ඇති ගයාන් සඳරුවන්ට මෙම තරගාවලියේදී සිය සුපුරුදු කී‍්‍රඩා විලාශයට අවතීර්ණ වීමට නොහැකි වූ අතර ඔහුට පළමු තරගයේ 5 වැනි ස්ථානයෙන්ද, දෙවැනි තරගයේ සිව්වැනි ස්ථානයෙන්ද සෑහීමකට පත් වීමට සිදුවිය.
ඉකුත් වසරේ පැවැති ‘සීගිරිය රැලි ක්‍රොස්’ තරගාවලියේදී දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස සම්මාන දිනා සිටි ෂෙහාන් සී. අධිකාරි, කාල ගණනය පැවැති දිනයේදී වම් පාදයේ අබාධයකට ලක්වීම නිසා මෙවර තරගාවලියට සහභාගි නොවීය.
‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද යතුරුපැදි (ස්ටී‍්‍රට් ටේ‍්‍රල්) ඉසව්වේ තරග දෙකම ජයගනිමින් යතුරුපැදි අංශයේ ද්විත්ව ජයග‍්‍රහණයකට හිමිකම් කීමට ශානුක සඳරුවන් සමත් විය.
තවත් වේගවත් ඉසව්වක් වන එස්. එම්. කාණ්ඩයේ සුපර් මෝටාඞ් යතුරුපැදි (සි. ධා. 250 සිට 750 දක්වා) ඉසව්වේ තරග දෙකම ජය ගැනීමට ඉමාල් මංචනායක සමත් වූයේ ආනන්ද වෙඩිසිංහ සහ දේෂාන් සොලංකි එම තරග දෙකේ දෙවැනි සහ තෙවැනි ස්ථාන වලට පත්කරමිනි.
එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 දක්වා) රේසිං මොටොක්‍රොස් සන්නද්ධ සේවා යතුරුපැදි තරගය ජයගත් සමීර පේ‍්‍රමරත්න, එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 දක්වා) මොටොක්‍රොස් යතුරුපැදි තරගය දෙවැනියා ලෙසින්ද, එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) මොටෝක්‍රොස් පළමු යතුරුපැදි තරගය තෙවැනියා ලෙසද අවසන් කළේ සන්නද්ධ සේවා කී‍්‍රඩකයන් අතර වැඩි ගෞරව අත්කරගනිමිනි.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා මෝටර් රථ කී‍්‍රඩා රියදුරන්ගේ සංගමය (ස්ලාඩා) එක්ව 8 වැනි වරට සංවිධානය කළ මෙම තරගාවලියේ ප‍්‍රධාන අනුග‍්‍රාහකයා ලෙස ලංකා බැංකුව කටයුතු කළ අතර සියැට්, හොණ්ඩා, සිංගර් යන සමාගම් තරගාවලියේ සෙසු අනුග‍්‍රහකයන් ලෙස කටයුතු කළේය.
තරග ප‍්‍රතිඵල
එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 දක්වා)රේසිං මොටොක්‍රොස් සන්නද්ධ සේවා යතුරුපැදි
1 සමීර පේ‍්‍රමරත්න (යමහා වයි. ඉසෙඞ්. 125)
2 බුද්ධික සිල්වා (යමහා වයි. ඉසෙඞ්. 125)
3 ළහිරු ජීවන්ත (යමහා වයි. ඉසෙඞ්. 125)
එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 85 දක්වා) මොටොක්‍රොස් යතුරුපැදි (වයස අවුරුදු 16 න් පහළ)
1 කවිඳු කෙවිටියාගල (හොණ්ඩා සී. ආර්. 150)
2 හසිඳු ගුණසේකර (යමහා වයි. ඉසෙඞ්. 85)
3 විනුෂ්ක සිල්වා (හොණ්ඩා සී. ආර්. එෆ්. 150)
එම්. කාණ්ඩයේ සාමන්‍ය සහ නවීකරණය කරන ලද (සි. ධා. 125 දක්වා) සන්නද්ධ සේවා යතුරුපැදි (ස්ටී‍්‍රට් ටේ‍්‍රල්)
1 ඊ. ඒ. පී. එන්. එදිරිසිංහ (කේ. ටී. එම්. 125)
2 මධුර පීරිස් (කේ. ටී. එම්. 125)
3 ජයම්පති දිසානායක (කවසාකි කේ. ඞී. එකස්. 125)
එස්. එම්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට 750 දක්වා) සුපර් මෝටාඞ් යතුරුපැදි පළමු තරගය
1 ඉමාල් මංචනායක (හොණ්ඩා සී. ආර්. එෆ්. 250)
2 ආනන්ද වෙඩිසිංහ (යමහා වයි. ඉසෙඞ්. එෆ්. 450)
3 දේෂාන් සොලංකි (සුසුකි ආර්. එම්. එස්. 250)
‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද යතුරුපැදි පළමු තරගය (ස්ටී‍්‍රට් ටේ‍්‍රල්)
1 ශානුක සඳරුවන් (හොණ්ඩා. සී. ආර්. එෆ්. එක්ස්. 250)
2 ළහිරු ජීවන්ත (යමහා ඩබ්ලිව්. ආර්. එෆ්. 250)
3 ඉවෝන් බී. ගුරුසිංහ (යමහා ඩබ්ලිව්. ආර්. එෆ්. 250)
එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 දක්වා) මොටොක්‍රොස් යතුරුපැදි
1 ඉෂාන් දසනායක (යමහා වයි. ඉසෙඞ්. 125)
2 සමීර පේ‍්‍රමරත්න (යමහා වයි. ඉසෙඞ්. 125)
3 බුද්ධික සිල්වා (යමහා වයි. ඉසෙඞ්. 125)
එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) මොටොක්‍රොස් යතුරුපැදි පළමු තරගය
1 ජැක් ගුණවර්ධන (ටී. වී. එස්. ආර්. ටී. ආර්. 250)
2 ඉෂාන් දසනායක (ටී. වී. එස්. ආර්. ටී. ආර්. 250)
3 සමීර පේ‍්‍රමරත්න (යමහා වයි. ඉසෙඞ්.ඩ එෆ්. 125)
‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද යතුරුපැදි දෙවැනි තරගය (ස්ටී‍්‍රට් ටේ‍්‍රල්)
1 ශානුක සඳරුවන් (හොණ්ඩා. සී. ආර්. එෆ්. එක්ස්. 250)
2 ඉවෝන් බී. ගුරුසිංහ (යමහා ඩබ්ලිව්. ආර්. එෆ්. 250)
3 මධුර පීරිස් (යමහා ඩබ්ලිව්. ආර්. එෆ්. 250)
එස්. එම්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට 750 දක්වා) සුපර් මෝටාඞ් යතුරුපැදි දෙවැනි තරගය
1 ඉමාල් මංචනායක (හොන්ඩා සී. ආර්. එෆ්. 450)
2 දේෂාන් සොලංකි (සුසුකි ආර්. එම්. එස්. 250)
3 ආනන්ද වෙඩිසිංහ (යමහා වයි. ඉසෙඞ්. එෆ්. 450)
එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) මොටොක්‍රොස් යතුරුපැදි දෙවැනි තරගය
1 ඉෂාන් දසනායක (ටී. වී. එස්. ආර්. ටී. ආර්. 250)
2 ඉවෝන් බී. ගුරුසිංහ (යමහා වයි. ඉසෙඞ්. එෆ්. 250)
3 බුද්ධික සිල්වා (කවසාකි කේ. එක්ස්. එෆ්. 250)
|
සමීර ප්‍රේමරත්න |
|
බුද්ධික සිල්වා |
|
ඉෂාන් දසනායක, ගුවන් හමුදාපති ගගන් බුලත්සිංහල මහතා අතින් |
‘සීගිරිය රැළි ක්‍රොස්’ යතුරුපැදි තරගාවලියේ විශේෂ අවස්ථා...
(ඡායාරූප - ශානුක අරවින්ද)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.