Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඉෂාන් සීගිරියේදී ත්‍රිත්ව ජයග්‍රහණ ලබයි

ඉෂාන් සීගිරියේදී ත්‍රිත්ව ජයග්‍රහණ ලබයි

ශනුක අරවින්ද - 2017 ඔක් මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ත්‍රිත්ව ජයග්‍රහණයක් වාර්තා කරමින් පිට පිටම දෙවැනි වරටත් ‘සීගිරිය රැළි ක්‍රොස්’ මෝටර් රථ හා යතුරුපැදි තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස සම්මාන දිනාගැනීමට ඉෂාන් දසානායක සමත් විය. තරගාවලියේ යතුරුපැදි කණ්ඩායම් ශූරතාව දිනාගැනීමට සියැට් කණ්ඩායම නියොජ්නය කළ ඉවෝන් බී. ගුරුසිංහ සහ ළහිරු ජීවන්ත සමත් වූහ.

ආබාධ තත්ත්වයක් හේතුවෙන් කෙටි කළක් ධාවන පථයෙන් ඉවත්ව සිටි ඉෂාන් දසනායක, මෙම තරගාවලියට සහභාගි වූයේ එම ආබාධ තත්ත්වයෙන් සම්පූර්ණ සුවය ලැබීමටත් පෙරාතුවය. එහිදී නැවතත් සිය සුපුරුදු දස්කම් අතරට පිවිසෙමින් එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125

ඉෂාන් දසානායක

සිට සි. ධා. 250 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි ඉසව්වේ අදියර දෙකම ජයගැනීමට ඔහු සමත් වූයේ ධාවන පථය පුරා අණසක පතුරුවමිනි. ඒ සඳහා ඔහුට තරගාවලියේ පළමු ඉසව්ව වූ එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 දක්වා) මොටොක්‍රොස් යතුරුපැදි ඉසව්දී ලැබූ ජයද මනා රුකුළක් විය.

පළමු අදියරේදී ගයාන් සඳරුවන්ද, දෙවැනි අදියරේදී ඉවෝන් බී. ගුරුසිංහද ඉෂාන් පසුපස හඹාගිය මුත්, ඔවුන්ට කිසිදු අවස්ථාවක තමා පසුකර ඉදිරියට යෑමට ඉඩකඩ ලබා නොදීමට තරම් ඉෂාන් ආක්‍රමණශීලී විය. ඉෂාන් ‘සීගිරිය රැළි ක්‍රොස්’ තරගාවලියක දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස සම්මාන දිනාගත් තෙවැනි අවස්ථාව මෙය වන අතර මින් පෙර ඔහු 2009 සහ 2016 යන වසරවලදී එම සම්මානයට හිමිකම් කියා තිබේ.

සිව්වරක් සීගිරිය ධාවන පථයේදී දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස සම්මාන දිනා ඇති ගයාන් සඳරුවන්ට මෙවර තරගාවලියේදී පළමු අදියරේ දෙවැනි ස්ථානයෙන්ද, දෙවැනි අදියරේ තෙවැනි ස්ථානයෙන්ද සෑහීමකට පත් වීමට සිදුවිය. පළමු අදියරේදී තෙවැනි ස්ථානයට පත්වූ ලාබාල ක්‍රීඩක ඉවෝන් බී. ගුරුසිංහ දෙවැනි අදියරේදී ගයාන් පසුකර ඉදිරියට ඇදෙමින් එහි දෙවැනි ස්ථානයට හිමිකර ගත්තේය. ජාක් ගුණවර්ධන සහ බුද්ධික කසුන් සිල්වා පිළිවෙලින් එම අදියර දෙක සිවුවැනියා සහ පස්වැනියා ලෙස අවසන් කළහ.

‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද යතුරුපැදි (ස්ටී්‍රට් ටේ්‍රල්) ඉසව්වේ අදියර දෙකම ජයගනිමින් ඉවෝන් බී. ගුරුසිංහද, එස්. එම්. කාණ්ඩයේ සුපර් මෝටාඞ් යතුරුපැදි (සි. ධා. 250 සිට 750 දක්වා) ඉසව්වේ අදියර දෙකම ජය ගනිමින් ඉමාල් මංචනායකද ද්විත්ව ජයග්‍රහණ හිමිකර ගැනීමට සමත් වූහ.

ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියදුරන්ගේ සංගමය (ස්ලාඩා) 9 වැනි වරටත් සංවිධානය කළ මෙම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස සියැට් සමාගම කටයුතු කළේය.  

යතුරුපැදි කණ්ඩායම් ශූරතාව දිනාගත් සියැට් කණ්ඩායමේ ඉවෝන් බී. ගුරුසිංහ සහ ළහිරු ජීවන්ත

තරග ප්‍රතිඵල

ජේ. කාණ්ඩයේ (සි. ධා. 50 දක්වා) යතුරුපැදි (වයස අවුරුදු 10 න් පහළ)
1 මිනුක රත්නායක (යමහා පී. ඩබ්ලිව්. 50)
2 හිරුෂ පාදුක්ක (යමහා පී. ඩබ්ලිව්. 50)
3 ඇසල මදනායක (යමහා පී. ඩබ්ලිව්. 50)

එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 85 දක්වා) මොටොක්‍රොස් යතුරුපැදි (වයස අවුරුදු 13 න් පහළ)
1 කේසර ගොඩගේ (කේ. ටී. එම්. 85)
2 තාරුක රුමීෂ සිල්වා (හොණ්ඩා සී. ආර්. එෆ්. 85)
3 නිසල මලින්ද ජයසුන්දර (කේ. ටී. එම්. 85)

එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 දක්වා) රේසිං මොටොක්‍රොස් සන්නද්ධ සේවා යතුරුපැදි
1 ඉෂාන් දසනායක (යමහා වයි. ඉසෙඞ්. 125)
2 බිනුල කිතලගම (කේ. ටී. එම්. 125)

එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 දක්වා) රේසිං මොටොක්‍රොස් සන්නද්ධ සේවා යතුරුපැදි (සන්නද්ධ සේවා)
1 බුද්ධික සිල්වා (යමහා වයි. ඉසෙඞ්. 125)
2 ළහිරු ජීවන්ත (යමහා වයි. ඉසෙඞ්. 125)
3 ඉන්දික බස්නායක (යමහා වයි. ඉසෙඞ්. 125)

‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද යතුරුපැදි පළමු තරගය (ස්ටී්‍රට් ටේ්‍රල්)
1 ඉවෝන් බී. ගුරුසිංහ (යමහා ඩබ්ලිව්. ආර්. එෆ්. 250)
2 ළහිරු ජීවන්ත (යමහා ඩබ්ලිව්. ආර්. එෆ්. 250)
3 මධුර පීරිස් (යමහා ඩබ්ලිව්. ආර්. එෆ්. 250)

‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද යතුරුපැදි දෙවැනි තරගය (ස්ටී්‍රට් ටේ්‍රල්)
1 ඉවෝන් බී. ගුරුසිංහ (යමහා ඩබ්ලිව්. ආර්. එෆ්. 250)
2 මධුර පීරිස් (යමහා ඩබ්ලිව්. ආර්. එෆ්. 250)
3 ළහිරු ජීවන්ත (යමහා ඩබ්ලිව්. ආර්. එෆ්. 250)

එස්. එම්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට 750 දක්වා) සුපර් මෝටාඞ් යතුරුපැදි පළමු තරගය
1 ඉමාල් මංචනායක (හොණ්ඩා සී. ආර්. එෆ්. 250)
2 දේෂාන් සොලංකි (කවසාකි කේ. එක්ස්. එෆ්. 250)
3 උද්දික ශ්‍රීමාල් මලවිගේ (ඩිමාර්ක් ඩී. ටී. එම්. 250)

එස්. එම්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට 750 දක්වා) සුපර් මෝටාඞ් යතුරුපැදි දෙවැනි තරගය
1 ඉමාල් මංචනායක (හොණ්ඩා සී. ආර්. එෆ්. 250)
2 දේෂාන් සොලංකි (කවසාකි කේ. එක්ස්. එෆ්. 250)
3 උද්දික ශ්‍රීමාල් මලවිගේ (ඩිමාර්ක් ඩී. ටී. එම්. 250)

එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) මොටොක්‍රොස් යතුරුපැදි පළමු තරගය
1 ඉෂාන් දසනායක (ටී. වී. එස්. ආර්. ටී. ආර්. 250)
2 ගයාන් සඳරුවන් (හොණ්ඩා. සී. ආර්. එෆ්. 250)
3 ඉවෝන් බී. ගුරුසිංහ (යමහා වයි. ඉසෙඞ්.ඩ එෆ්. 250)

එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) මොටොක්‍රොස් යතුරුපැදි දෙවැනි තරගය
1 ඉෂාන් දසනායක (ටී. වී. එස්. ආර්. ටී. ආර්. 250)    
2 ඉවෝන් බී. ගුරුසිංහ (යමහා වයි. ඉසෙඞ්. එෆ්. 250)
3 ගයාන් සඳරුවන් (හොණ්ඩා. සී. ආර්. එෆ්. 250)

ඉවෝන් බී. ගුරුසිංහ
ගයාන් සඳරුවන්
ඉමාල් මංචනායක
බුද්ධික කසුන් සිල්වා සහ ජාක් ගුණවර්ධන

 

‘සීගිරිය රැළි ක්‍රොස්’ යතුරුපැදි තරගාවලියේ විශේෂ අවස්ථා...

ඡායාරූප - ශානුක අරවින්ද

 


අදහස් (0)

ඉෂාන් සීගිරියේදී ත්‍රිත්ව ජයග්‍රහණ ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.