Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඉසිපතන විදුහල ලීග් ශූරතාව දිනාගනී

ඉසිපතන විදුහල ලීග් ශූරතාව දිනාගනී

සංජය එරමුදුගොඩ - 2014 ජුනි මස 22 {{hitsCtrl.values.hits}} Views 5 Comment
A A A

පාසල් රග්බි සංගමය විසින් සංවිධානය කරන ලද වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ කුසලාන ශූරතාව දිනා ගැනීමට ඉසිපතන විදුහල් ක‍්‍රීඩකයෝ අද (22) සමත් වූහ. මහනුවර ත‍්‍රිත්ව විදුහලට අනු ශූරතාව හිමිවිය.

ඉසිපතන විදුහල 2012 වසරෙන් පසුව ලීග් ශූරයන් ශූරතාව දිනාගත් අතර ඔව්හු මේ වසරේදී සත් සාමාජික ශූරතාව ද දිනාගැනීමට සමත් වූහ.

කොළඹ හැව්ලොක්ස් ක‍්‍රීඩාංගණයේදී ඊයේ පැවැති කුසලාන ශූරතා අවසන් තරගයේදී ඉසිපතන විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 34-13 කින් මහනුවර කිංග්ස්වුඞ් විදුහල පරාජය කරමින් ප‍්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයට පැමිණියහ.

ජයග‍්‍රාහි ඉසිපතන විදුහල ගෝල දෙකකින් සහ උත්සාහක දිනුම් හතරකින් ලකුණු ලැබූ අතර කිංග්ස්වුඞ් විදුහල ගෝලයකින් සහ දඩුවම් පහර දෙකකින් ලකුණු ලැබීය. තරගයේ පළමු අර්ධ අවසන් වන විට ඉසිපතන විදුහල ලකුණු 22-10 ක් ලෙස පෙරමුණේ පසුවිය.

අසිත පුංචිහේවා දෙවැනි අර්ධයේ දෙවැනි මිනිත්තුවේදී උත්සාහක දිනුමක් සම්පූර්ණ කළ අතර එය චතුර ඩිල්ෂාන් ගෝලයක් බවට ප‍්‍රවර්ථනය කිරීමත් සමග ලකුණු 29-10 ක් ලෙස ඉසිපතන විදුහල තව දුරටත් පෙරමුණට පැමිණියේය.

එතැන් සිට මිනිත්තු 33 ක් දෙපිලටම ලකුණු රැුස්කිරීමට නොහැකි වූ අතර 35 වැනි මිනිත්තුවේදී සුදම් සූරිආරච්චි සිය දෙවැනි උත්සාහක දිනුම ඉසිපතන විදුහල් නම ඉදිරියෙන් සටහන් කරමින් ලකුණු තත්ත්වය 34-10 ක් බවට පත් කළේය.

තරගය අවසන් වීමට ඔන්න මෙන්න කියා තිබියදී කිංග්ස්වුඞ් විදුහලට ලැබුණු දඩුවම් පහරත් සමගින් ලකුණු පුවරුව 34-13 ක්ව තරගය අවසන් විය.
 
පේ‍්‍රක්‍ෂකයන් 3000 කට අධික පිරිසකගේ ඔල්වරසන් මධ්‍යයේ විනිසුරු ඞී. නිමල් මහතාගේ පළමු නලා හඩින් දෙවැනි මිනිත්තුවේදී අංක 8 ක‍්‍රීඩක ඔමල්ක ගුණරත්න සම්පූර්ණ කළ උත්සාහක දිනුම සෙන්ටර් ක‍්‍රීඩක චතුර ඩිල්ෂාන් ගෝලයක් බවට ප‍්‍රවර්ථනය කිරීමත් සමග ලකුණු 7-0 ක් ලෙස ඉසිපතන විදුහලට පෙරමුණට පැමිණියේය.

ඉන් මිනිත්තු නවයකට පසුව කිංග්ස්වුඞ් විදුහලේ සෙන්ටර් ක‍්‍රීඩක අසේල වීරසේකර උත්සාහක දිනුමක් සම්පූර්ණ කළ අතර එහි ගෝල ප‍්‍රවර්ථනය වින්ග් තී‍්‍ර ක‍්‍රීඩක රීසා රෆයිඞීන් සාර්ථක කිරීමත් සමග ලකුණු පුවරුව 7-7 ක් බවට පත්විය.

පළමු අර්ධයේ 25 වැනි, 35 වැනි සහ 39 වැනි මිනිත්තුවලදී ඔමල්ක ගුණරත්න, සුදම් සූරිආරච්චි සහ ඩිලාන් ගාල්ලගේ උත්සාහක දිනුම් තුනක් සම්පූර්ණ කරමින් ඉසිපතන විදුහල පෙරමුණෙන් තැබූහ.

පළමු අර්ධයේ 30 වැනි මින්තතුවේදී රීසා රෆයිඞීන් කිංග්ස්වුඞ් විදුහලට දඩුවම් පහරක් සාර්ථක කරමින් ලකුණු 10-12 ක් ලෙස ඉසිපතන විදුහල් ලකුණු සංඛ්‍යාවට සමීප වුවද ඉසිපතන විදුහල් ක‍්‍රීඩකයෝ දැඩි ආක‍්‍රමණශීලිව ක‍්‍රීඩා කිරීමේ ප‍්‍රතිඵලයෙන් කිංග්ස්වුඞ් විදුහල පසු පසට තල්ලූ විය.

මහනුවර ත‍්‍රිත්ව විදුහල ඊයේ (21) පල්ලෙකැළේ ක‍්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ලකුණු 29x22 කින් ශාන්ත පීතර විදුහල පරාජය කිරීම නිසා අනු ශූරයන් බවට පත්විය. මහනුවර කිංග්ස්වුඞ් විදුහලට තෙවැනි ස්ථානය හිමිවිය.

 

ඉසිපතන - කිංග්ස්වුඩ් පාසල් රග්බි තරගයේ විශේෂ අවස්ථා...
ඡායාරූප - කුෂාන් පතිරාජ
 

 

 


අදහස් (5)

ඉසිපතන විදුහල ලීග් ශූරතාව දිනාගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.