Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඉසිපතනය අවසන් මොහොතේ ඉදිරියට

ඉසිපතනය අවසන් මොහොතේ ඉදිරියට

සංජය එරමුදුගොඩ - 2017 ජුනි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සහ නෙස්ලේ ලංකා සමාගම (මයිලෝ) එක්ව සංවිධානය කරන අන්තර් පාසල් වයස 20 න් පහළ ‘ජනාධිපති කුසලාන’ පිළිමළුන් පිටු දැකීමේ රග්බි තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට ඉසිපතන විදුහල අද (18) සමත් විය.

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැති දෙවැනි අවසන් පුර්ව තරගයේදී ෆුල්බැක් ක්‍රීඩක ඩී. සී. ප්‍රනාන්දු අවසන් මිනිත්තුවේදී සාර්ථක කළ දඬුවම් පහරින් ඉසිපතන විදුහල් පිල ලකුණු 22-20 ලෙස බම්බලපිටිය ශාන්ත පීතර විදුහලට එරෙහිව තියුණු ජයක් ලැබීය.

ඉසිපතන විදුහල් ක්‍රීඩකයෝ තරගයේ ආරම්භයේ සිටම ග්‍රහණයට නතුකර ගනිමින් පළමු අර්ධය අවසන් වන විට ලකුණු 19-12 ක් ලෙස පෙරමුණේ පසු වූහ. ඉසිපතන විදුහල දෙවැනි අර්ධයේ 27 වැනි මිනිත්තුව දක්වා ලකුණු 19-15 ක් පෙරමුණේ පසු වුවද 28 වැනි මිනිත්තුවේදී ඩී. ටී. දසනායක සම්පූර්ණ කළ උත්සාහක දිනුමත් සමඟ ශාන්ත පීතර විදුහල ලකුණු 20-19 ක් ලෙස පෙරමුණට පැමිණියේය.

එහෙත් ඩී. සී. ප්‍රනාන්දු අවසන් මිනිත්තුවේදී සාර්ථක කළ දඬුවම් පහරින් ඉසිපතනය පෙරමුණට පැමිණියේය.
ඉසිපතන විදුහල ගෝල 2 කින්, උත්සාහක දිනුමකින් සහ දඬුවම් පහරකින් ලකුණු රැස්කළ අතර ශාන්ත පීතර විදුහල ගෝලයකින්, උත්සාහක දිනුම් 2 කින් සහ දඬුවම් පහරකින් ලකුණු ලැබීය.

ඉසිපතන විදුහල වෙනුවෙන් ඩී. අයි. ඉන්දුල, සී. ආර්. සිල්වා සහ බී. එච්. ද සිල්වා උත්සාහක දිනුම් සම්පූර්ණ කිරීමට සමත් වූහ. එම්. එස්. රුබේරු ගෝල ප්‍රවර්ථන දෙකක් සහ දඬුවම් පහරක් සාර්ථක කරමින් අතිරේක ලකුණු 7 ක් ඉසිපතන විදුහලට එකතු කළේය.

ශාන්ත පීතර විදුහල වෙනුවෙන් බී. එල්. මෙන්ඩිස්, ජේ. ජී. චාල්ස් සහ ඩී. ටී. දසනායක උත්සාහක දිනුම බැගින් සම්පූර්ණ කළහ. ඩී. ටී. දසනායක ගෝල ප්‍රවර්ථනය සහ දඬුවම් පහර සාර්ථක කිරීමට සමත් විය.

ශාන්ත ජෝශප් විදුහල සහ ඉසිපතන විදුහල අතර අවසන් මහ තරගය කොළඹ පැරණි තුරඟ තරග පිටියේදී මේ මස 24 වැනිදා පස්වරුවේ 4.15 ට පැවැත්වීමට නියමිතය.    

 

 

 

(ඡායාරූප - කුෂාන් පතිරාජ)


අදහස් (0)

ඉසිපතනය අවසන් මොහොතේ ඉදිරියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.