Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඉසිපතන ක්‍රීඩකයෝ මයිලෝ ශූරතාව දිනති

ඉසිපතන ක්‍රීඩකයෝ මයිලෝ ශූරතාව දිනති

සංජය එරමුදුගොඩ - 2017 සැප් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ගෝලයක් සහ උත්සාහක දිනුම් තුනකින් සිය කණ්ඩායම ඉහළට ඔසවා තැබූ ඉසිපතන විදුහල් ක්‍රීඩකයෝ ගල්කිස්ස විද්‍යා විද්‍යාලයීය කණ්ඩායමට එරෙහිව ලකුණු 22-5 ක විශිෂ්ට ජයක් වාර්තා කරමින් අවුරුදු 16 න් පහළ අන්තර් පාසල් රග්බි තරගාවලියේ ශූරයන්ට පිරිනැමෙන මයිලෝ කුසලානය අත්පත් කරගැනීමට සමත්වූහ.

කොළඹ තුරඟ තරග පිටියේදී අද සවස නිමාවට පත්වූ අවුරුදු 16න් පහළ අන්තර් පාසල් රග්බි තරගාවලියේ කුසලානය සඳහා වන අවසන් තරගයේ ආරම්භයේ සිටම විද්‍යා විද්‍යාලයීය පිල ඇද බැඳ තබාගත් ඉසිපතන් ක්‍රීඩකයෝ අවසන් තරගය එහෙම පිටින්ම තනි කණ්ඩායමක තරගයක් බවට පත් කළහ. ඉසිපතන විදුහල් පිල හමුවේ දැඩි පසුබෑමකට ලක්වූ විද්‍යා විද්‍යාලීය පිලට රැස් කිරීමට හැකිවූයේ උත්සාහක දිනුමක් පමණි.

ඩී.එස්. සේනානායක විදුහල සහ ලුම්බිණි විදුහල අතර පළඟ ශූරතාව සඳහා පැවැති අවසන් තරගයේදී ලකුණු 24-0 කින් ජය වාර්තා කිරීමට ඩී.එස්.සේනානායක විදුහල සමත්විය. ජයග්‍රාහී ඩී.එස්. විදුහල් පිලේ ක්‍රීඩකයෝ ගෝල් 3 ක් සහ දඬුවම් පහරක් ලබාගත්හ.

ලකුණු 14-10 කින් තර්ස්ටන් විදුහල් පිල පරාජය කළ වෙස්ලි විදුහල් කණ්ඩායම තරගාවලියේ බඳුන ශූරතාව දිනාගත්තේය. වෙස්ලි විදුහල ගෝල් 2ක් රැස් කරද්දී තර්ස්ටන් පිලේ ක්‍රීඩකයන්ට රැස් කිරිමට හැකිවූයේ ගෝලයක් සහ දඬුවම් පහරක් පමණි.

පිළියන්දල මැදි විදුහලට එරෙහිව ලකුණු 34-5 ක ජයක් වාර්තා කළ කුරුණෑගල මලියදේව විදුහල් පිල මෙවර තරගාවලියේ පළිහ ශූරතාවට හිමිකම් කීමට සමත්විය. මලියදේව විදුහල් පිල ගෝල් 2 ක් සහ උත්සාහක දිනුම් 4 ක් තැබීමට සමත්විය. පිළියන්දල මැදි විදුහල තැබුවේ උත්සාහක දිනුමක් පමණි.

තරගාවලියේ පීරිසි ශූරතාව දිනාගනු ලැබුවේ ලකුණු 37-7 කින් ලලිත් ඇතුලත්මුදලි විදුහල් පිල පරාජය කළ මරදාන සහිරා විදුහල් පිල විසිනි. සහිරා පිලේ ක්‍රීඩකයන් තරගය පුරා ගෝල් 3 කුත්, උත්සාහක දිනුම් 2 කුත් සමග දඬුවම් පහර 2 ක් රැස් කළ අතර ලලිත් ඇතුලත්මුදලි විදුහල ලැබුවේ ගෝලයක් පමණි.


අවසන් තරග ප්‍රතිඵල

■    කුසලාන ශූරතාව - ඉසිපතන විදුහල විසින් ලකුණු 22-5 කින් විද්‍යා විදුහල පරාජය කරන ලදි.
■    පළඟ ශූරතාව - ඩී.එස්.සේනානායක විදුහල විසින් ලකුණු  24-0 කින් ලුම්බිණි විදුහල පරාජය කරන ලදි.
■    බඳුන ශූරතාව - වෙස්ලි විදුහල විසින් ලකුණු 14-10 කින් තර්ස්ටන් විදුහල පරාජය කරන ලදි.
■    පළිහ ශූරතාව - මලියදේව විදුහල විසින් ලකුණු 34-5 කින් පිළියන්දල මැදි විදුහල පරාජය කරන ලදි.
■    පීරිසි ශූරතාව - සහිරා විදුහල විසින් ලකුණු 37-7 කින් ලලිත් ඇතුලත්මුදලි විදුහල පරාජය කරන ලදි.

 

ඉසිපතන - විද්‍යා  මයිලෝ කුසලාන රග්බි තරගයේ විශේෂ අවස්ථා...


අදහස් (0)

ඉසිපතන ක්‍රීඩකයෝ මයිලෝ ශූරතාව දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.