Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන් විසින් උඩපන්දු දෙකක්ම ප‍්‍රතික්ෂේන කරනු ලැබීම නිසා තම කඩුල්ල ආරක්ෂා කරගත් කේන් විලියම්සන් ශී‍්‍ර ලංකාවට වාසිදායකව තිබූ තරගය ක‍්‍රමක‍්‍රමයෙන් තම කණ්ඩායම දෙසට හරවා ගනිමින් වෙලින්ටන් නුවර බේසිං රිසර්ව් කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේ දී පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය නිමා වනවිට නවසීලන්තයේ ලකුණු සංඛ්‍යාව කඩුලූ 5 කට 253 ක් දක්වා ඉහළ නැංවීමට සමත්විය. නොදැවී ලකුණු 80ක් ලබා සිටින විලියම්සන්ට අනගි සහයක් දෙමින් බී. ජේ.වොට්ලින් ලකුණු 48ක් ලබා නොදැවී සිටී.
ලකුණු 159 කට කඩුලූ 5 ක් බිඳ වැටී තිබූ මොහොතේ විලියම්සන් සමග එක්වූ කඩුලූ අතර සම්බන්ධතා පැවැත්වීමේ රුසියකු වන වොට්ලින් නවසීලන්ත විවේකාගාරයේ මුහුණු සතුටින් පුරවාලමින් මේ වනවට ලකුණු 94 ක නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩනගා ගෙන තිබේ. ඒ අනුව නවසීලන්ත පිල කඩුලූ 5 ක් අතැතිව ශී‍්‍ර ලංකාවට වඩා ලකුණු 118 ක් ඉදිරියෙන් සිටී.
අද තේ පානයෙන් පසුව කිසිදු කඩුල්ලක් දවා ගැනීමට ශී‍්‍ර ලංකා පන්දු යවන්නන් සමත්වූයේ නැත. එහෙත් තේ පානයට පෙරත්, ඉන් පසුවත් විලියම්සන් දෙන ලද උඩපන්දු දෙකක් ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන් වෙතින් ගිලිහී ගියේය.
විලියම්සන් ලකුණු 29 ක් ලබා සිටියදී රංගන හේරත්ගේ තේරුම් ගත නොහැකි පන්දුවකට පෙරළා ඔහු වෙතටම දුන් ඉතාමත් පහසු උඩපන්දුවක් හේරත්ගෙන් දෑත් අතරින් රිංගා ගියේය. අනතුරුව විලියම්සන් ලකුණු 60 ක් ලබා සිටියදී ධම්මික ප‍්‍රසාද්ගේ පන්දුවකට ෆයින් ලෙග් කලාපයේ සිටි නුවන් ප‍්‍රදීප්ගේ අතටම දුන් උඩපන්දුවත් ගිලිහීයාමෙන් නව පණක් ලද විලියම්සන් ආරක්ෂාකාරී පිළිවෙතක් අනුගමනය කිරීමට පටන්ගෙන තිබේ.
දිවා ආහාරය වනවිට කඩුලූ 3 ක් බිඳ වැටී තිබූ නවසීලන්ත ඉනිමේ තවත් කඩුලූ 2 ක් දවාගැනීමට ධම්මික ප‍්‍රසාද් හා නුවන් ප‍්‍රදීප් සමත්වූහ.
නායක මැකලම් හා විලියම්සන් අතර සිවුවැනි කඩුල්ලට ගොඩනැගුණු ලකුණු 43 ක සම්බන්ධතාව බිඳ දමන ලද්දේ ප‍්‍රසාද් විසිනි. කඩුල්ල මුවා කිරිමේ වරදට හසුවීමෙන් මැකලම් ලකුණු 22 ක් ලබා දැවී ගියේ විලියම්සන්ට රාජකාරියේ ඉතිරි කොටස පවරා දෙමිනි.
මැකලම්ගේ දැවීයාමෙන් පසුව විලියම්සන් නවක පිතිකරු ජේම්ස් නීෂම් හා එක්ව ලකුණු 37 ක සම්බන්ධතාවක් ගොඩනැගුවේය. ඒ අතරතුර ශී‍්‍ර ලංකා පිලේ ලකුණු සංඛ්‍යාව අභිබවා යාමට ඔව්හු සමත්වූහ. නමුත් නුවන් ප‍්‍රදීප්ට ඉනිමේ තුන්වැනි කඩුල්ල ලබාදෙමින් නීෂම් දැවී යාමෙන් පසුව නවසීලන්තයේ බර නැවත විලියම්සන්ගේ කරමත පැටවිණි.
ඊයේ දිනය නිමාවෙද්දී කිසිවකු නොදැවී ලකුණු 22ක් ලබා සිටි නවසීලන්ත පිලේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාම දැවී ගියේ නුවන් ප‍්‍රදීප් යැවූ පිට පිට ඕවර දෙකකදීය. ඊට පෙර දෙදෙනා එක්ව පළමු කඩුල්ලට ලකුණු 75ක සම්බන්ධතාවක් ගොඩ නැගීමට සමත්වූහ. එය මේ ආරම්භක පිතිකරු යුගලය ඉනිම් 7 කට පසුව වාර්තා කළ හොඳම සම්බන්ධතාව ද විය.
කෙසේවෙතත් අද උදෑසන ධම්මික ප‍්‍රසාද් යැවූ දෙවැනි ඕවරයේදී ලකුණු 16ක් ලබා සිටි හමීෂ් රදර්ෆර්ඞ් විනිසුරු ස්ටීව් ඬේවිස්ගේ වැරැදි තීරණයක් මත බේරි සිටීමට තරම් වාසනාවන්තයකු විය. ඔහු කඩුලූ රකින ප‍්‍රසන්න ජයවර්ධන වෙත උඩපන්දුවක් දුන්නත් විනිසුරු එය නිපන්දුවක් ලෙස සටහන් කිරීම හේතුවෙන් සිය කඩුල්ල රැකගත් රදර්ෆර්ඞ් අන්තිමේ දි ලකුණු 40ක් ලබා ගත්තේය.
රදර්ෆර්ඞ් හා ටොම් ලේතම් නුවන් ප‍්‍රදීප්ගේ පිට පිට ඕවර දෙකකදී දැවීයාමෙන් පසු ඊළඟ ඕවරයේ දී රෝස් ටේලර් අන්දමන්ද කරවීමට රංගන හේරත් සමත්වීය.
ලෝකයේ ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල තුන්වැනි තැන සිටින හේරත්ගේ පන්දුවට ආරක්ෂාකාරී පිළිවෙතක් අනුගමනය කල ටේලර් පසුකර ගිය පන්දුව පිට ඉන්නේ බේලය බිම දැමුවේය. නවසීලන්ත පිලේ කඩුලූ 3 ම බිඳ වැටුණේ පන්දු 30 ක් ඇතුලතදී වන අතර ඒ අතරවාරයේදී ඔවුන්ට ලබාගත හැකිවූයේ ලකුණු 4 ක් පමණි.
දිවා ආහාරයෙන් පසුව බ්‍රෙන්ඩන් මැකලම්ගේ ඉනිම ලකුණු 22 කට සීමා කිරීමට ධම්මික ප‍්‍රසාද් සමත් වූ අතර විනිසුරු තීරණ විමසීමේ ක‍්‍රමවේදයට ස්තුති වන්නට ජේම්ස් නීෂම්ගේ ඉනිම ලකුණු 19 කින් අවසන් විය. නුවන් ප‍්‍රදීප්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමට පෙර පා ආවරණයෙන් කඩුල්ල මුවා කළේ යයි ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන් කළ ඉල්ලීම විනිසුරුවරයා විසින් ප‍්‍රතික්ෂේප කරන ලදි. එහෙත් විනිසුරු තීරණ විමසීමේ ක‍්‍රමවේදයේ සහාය ඉල්ලා සිටි නායක මැතිව්ස්ගේ වාසියට රූපවාහිනී විනිසුරුවරයාගේ තීන්දුව ලැබිණ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.