Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශතකයක් ලබාගත් මොහොමඞ් හෆීස් ලකුණු 26 ක් ලබා සිටියදී ලබාදුන් උඩ පන්දුව ගිලිහි යෑම තෙවැනි එක්දින තරගය පරාජය වීමට ප‍්‍රධාන සාධයක බවට පත්වූ බව ශ‍්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පැවසීය.
මොහොමඞ් හෆීස් ලකුණු 26 ක් ලබා සිටියදී සීකුගේ ප‍්‍රසන්න යැවූ ඉනිමේ 19 වැනි ඕවරයේ තෙවැනි පන්දුවට දුන් පහසු උඩ පන්දුවක් ලෝන් ඕෆ් කළාපයේ පන්දු රකිමින් සිටි ලසිත් මාලිංග වෙතින් ගිලිහි ගියේය.
පාකිස්තානු එක්දින පිලේ උප නායකයාද වන මොහොමඞ් හෆීස් පන්දු 136 කදී හතරේ පහර 11 ක් සහ හයේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 140 ක් රැස්කරමින් තම එක්දින ක‍්‍රිකට් දිවියේ සාර්ථකම ඉනිම වාර්තා කළේය.
සාජා ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැති තෙවැනි තරගයෙන් ලකුණු 113 ක පහසු ජයක් ලැබූ පාකිස්තානු පිල මේ වන විට 2-1 ක් ලෙස තරගාවලියේ පෙරමුණේ රැදී සිටියි. මේ හේතුවෙන් ශ‍්‍රී ලංකා පිල තරගාවලිය ජය ලැබීමට නම් ඉතිරි තරග දෙකම ජය ලැබීම අනිවාර්ය වී තිබේ.
තරගයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේදී ශ‍්‍රී ලංකා පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් මෙසේ ද පැවසීය.
”එම උඩ පන්දුව වඩාත් තීරණාත්මක වුණා. ඒ නිසා හෆීස් විශාල ලකුණු සංඛ්‍යාවකට ගියා. අපි අවස්ථාව ලබාදුන්නා ඔහුට විශාල ලකුණු සංඛ්‍යාවකට යන්න’’
ඇන්ජලෝ මැතිව්ස් වැඩි දුරටත් පවසන්නේ ආබාධයකට ලක්ව සිටි උමාර් ගුල් නැවතත් කණ්ඩායමට එකතු වීමෙන් පාකිස්තානු පිලට නව ජීවයක් ලැබුණු බවයි.
”අපිට එක එක ක‍්‍රීඩකයාට දොස් කියන්න බෑ. අපේ පන්දු රැකීමේත් දුර්වලතා තිබුණා ඒ නිසා පාකිස්තානු පිලට මේ විශාල ලකුණු සංඛ්‍යාවට යන්න පුඵවන් වුණා. ඒ වගේම අපිට හොද සම්බන්ධතාවක් අවශ්‍ය වුණා නමුත් කඩුලූ වැටුණා” යැයි ශ‍්‍රී ලංකා පිලේ නායකයා වැඩි දුරටත් පැවසීය.
මෙහිදී පළමුව පන්දුවට පහර දුන් පාකිස්තානු පිල කඩුලූ 5 ක් දැවී ලකුණු 326 ක් රැස්කළ අතර ශ‍්‍රී ලංකා පිලට ඕවර 44.4 කදී සියලූ දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 213 ක් පමණි.
දෙරට අතර සිවුවැනි එක්දින තරගය අනිද්දා (25) අබුඩාබි ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී දිවා/රාත‍්‍රි තරගයක් ලෙස පැවැත්වේ. ශ‍්‍රී ලංකා පිල මෙම තරගයෙන් පරාජයට පත්වුවහොත් පාකිස්තානයට තරගයක් ඉතිරිව තිබියදීම 3-1 ක් ලෙස තරගාවලියේ ජය හිමිකර ගැනීමේ අවස්ථාව උදාවේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.