Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ධාවන පථය පුරා සිය අණසක පතුරවමින් 6 වැනි ‘කැවල්රි සුපර් ක්‍රොස්’ මෝටර් රථ හා යතුරුපැදි තරගාවලියේ දක්ෂතම මෝටර් රථ රියැදුරා ලෙස සම්මාන දිනාගැනීමට ගැනීමට උෂාන් පෙරේරා සමත් විය. මෙම තරගාවලිය ඉකුත් ඉරිදා (12 වැනිදා) කුරුණෑගල, පාන්ගොල්ල සන්නහා සන්නද්ධ බලකා මූලස්ථාන ධාවන පථයේදී පැවැත්විණ.
එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) මෝටර් රථ ඉසව්වේ තරග දෙකම ජයගමින් උෂාන් එම සම්මානයට හිමිකම් කී අතර තරග දෙකේදීම ආරම්භයේ සිට අවසානය දක්වාම තමා පසුකරයාමට අන් කිසිදු තරගකරුවකුට ඉඩ නොදීමට ඔහු වග බලාගත්තේය.
වට 8 කින් සමන්විත වූ දෙවැනි තරගයේ ආරම්භයේ සිටම පෙරමුණේ ගමන්ගත් උෂාන්ගේ මෝටර් රථය, 5 වැනි වටය අතරතුර වංගුවක් ගැනීමේදී එකවරම ධාවන පථය මත නතර වූයේ නරඹන්නන්ගේ හදගැස්මද මොහොතකට නතර කරමිනි. කෙසේ වුවත් දෙවැනි සහ තෙවැනි ස්ථාන වල ගමන්ගත් තරගකරුවන් තමාව පසුකරයාමට පෙර නැවතත් සිය මෝටර් රථය පණගන්වාගෙන තරගයට අවතීර්ණ වූ උෂාන්, ඉතිරි වට 3 ද පෙරමුණේ ගමන් කරමින් තරගය ජයගත්තේ නරඹනන්නගේ ජයඝෝෂා මැදිනි.
තියුණ තරගයකින් අනතුරුව එම තරග දෙකේම දෙවැනි ස්ථාන හිමිකරගැනීමට දිනේෂ් ජයවර්ධන සමත් වූ අතර තෙවැනි ස්ථාන හිමිකරගැනීමට කෞෂාල් සමරසිංහ සමත් විය. පළමු වරට පැවැති ‘කැවල්රි සුපර් ක්‍රොස්’ තරගාවලියේදී දක්ෂතම රියැදුරා බවට පත් වූ පසිඳු පීරිස්ද මෙම තරග දෙකට සහභාගි වූ අතර තරග අතරතුරදී අනතුරු වලට ලක්වීම නිසා ඔහුට එහිදී කැපීපෙනෙන දස්කම් දැක්වීමට නොහැකි විය.
එස්. එල්. එස්. කාණ්ඩයේ (සි. ධා. 1500 දක්වා) විශේෂ මෝටර් රථ තරගය ජයගැනීමට ශ්‍රී ලංකා රේසිං රියදුරන්ගේ සහ යතුරුපැදිකරුවන්ගේ සංගමයේ වත්මන් සභාපතිවරයා ලෙස කටයුතු කරන නිෂාන් වාසලතන්ත්‍රි සමත් වූයේ ට්‍රක් සහ ජීප් කාණ්ඩයේ විවෘත මෝටර් රථ තරගය ජයගත් දිනේෂ් සේනානායක එම තරගයේ දෙවැනි ස්ථානයට ඇද දමමිනි.
යසිත් ගමගේට පමණක් දෙවැනි වෙමින් එස්. එල්. ඊ. කාණ්ඩයේ (සි. ධා. 1000 දක්වා) නිසාන් මාර්ච් මෝටර් රථ තරගය අවසන් කළ තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක සචිත් පතිරණ, එස්. එල්. ඒ. කාණ්ඩයේ (සි. ධා. 1050 දක්වා) නවීකරන කරන ලද මෝටර් රථ තරගය ජයගත්තේ අජිත් කීර්ති සහ නිෂාන් වාසලතන්ත්‍රි වැනි ප්‍රවීන ක්‍රීඩකයන් එම තරගයේ දෙවැනි සහ තෙවැනි ස්ථාන වලට පත්කරමිනි.
එස්. එල්. එන්. කාණ්ඩයේ (සි. ධා. 1300 දක්ව) ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ තරගය ජයගැනීමට සමත් වූ උපුල්වන් සේරසිංහ, දෙවැනි ස්ථානයට ඇද දමමින් එස්. එල්. එන්. කාණ්ඩයේ (සි. ධා. 1500 දක්ව) ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ තරගය ජයගැනීමට රන්දික නිරෝෂන් සමත් විය.
එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 2200 දක්වා) සුබාරු ලෙගාසි මෝටර් රථ තරගය ජයගැනීමට මාලික කුරුවිටාරච්චි සමත් වෙද්දී, එස්. එල්. ඒ. කාණ්ඩයේ (සි. ධා. 1000 දක්වා) මිනි 7 මෝටර් රථ තරගයේ ජය ප්‍රවීන ක්‍රීඩක කේ. පරමේෂ්වරන් සතුවිය.
ශ්‍රී ලංකා යුද හමුදාවේ සන්නහා සන්නද්ධ බලකාය, ශ්‍රී ලංකා රේසිං රියදුරන්ගේ සහ යතුරුපැදිකරුවන්ගේ සංගමය (ස්ලාඩාර්) සමග එක්ව සංවිධානය කළ මෙම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස සියැට් සමාගම කටයුතු කළේය. හොණ්ඩා, සිංගර්, සයින් ටෙක්, ලිට්‍රො ගෑස්, කොමාර්ෂල් ක්‍රෙඩිට්, රංජනාස් යන සමාගම් සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව තරගාවලියේ සෙසු අනුග්‍රහකයන් ලෙස කටයුතු කළේය.
තරග ප්‍රතිඵල
එස්. එල්. ඒ. කාණ්ඩයේ (සි. ධා. 1000 දක්වා) මිනි 7 මෝටර් රථ
1 කේ. පරමේෂ්වරන් (ඔස්ටින් මිනි 1000)
2 නාමල් සිල්වා (ඔස්ටින් මිනි 1000)
3 ඩිලාන් පෙරේරා (ඔස්ටින් මිනි 1000)
එස්. එල්. ඊ. කාණ්ඩයේ (සි. ධා. 1000 දක්වා) නිසාන් මාර්ච් මෝටර් රථ
1 යසිත් ගමගේ (නිසාන් මාර්ච් 1000)
2 සචිත් පතිරණ (නිසාන් මාර්ච් 1000)
3 ඬේවින් සේරසිංහ (නිසාන් මාර්ච් 1000)
එස්. එල්. ඒ. කාණ්ඩයේ (සි. ධා. 1050 දක්වා) නවීකරන කරන ලද මෝටර් රථ
1 සචිත් පතිරණ (නිසාන් ඊ. ආර්. එස්. 1050)
2 අජිත් කීර්ති (මිනි ඔටෝ බේස් 1050)
3 නිෂාන් වාසලතන්ත්‍රී (ටොයොටා විට්ස් 1050)
එස්. එල්. එන්. කාණ්ඩයේ (සි. ධා. 1300 දක්වා) ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ
1 උපුල්වන් සේරසිංහ (ෆෝඞ් ලේසර් 1300)
2 කුෂාන් පීරිස් (මැස්ඩා ෆැමිලියා 1300)
3 සුසන්ත ගුණවර්ධන (ෆෝඞ් ලේසර් 1300)
එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 1618 දක්වා) මෝටර් රථ
1 උපුල්වන් සේරසිංහ (හොන්ඩා වී ටෙක් 1618)
2 දිනේෂ් ජයවර්ධන (හොණ්ඩා සිවික් 1618)
3 මයිකල් විජේසූරිය (හොණ්ඩා සිවික් 1618)
එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 2000 දක්වා) සුබාරු ලෙගාසි මෝටර් රථ
1 මාලික කුරුවිටාරච්චි (සුබාරු ලෙගාසි 2200)
2 මංගල පුෂ්පකුමාර (සුබාරු ලෙගාසි 2200)
3 නවීන් හල්වතුර (සුබාරු ලෙගාසි 2200)
එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) මෝටර් රථ පළමු තරගය
1 උෂාන් පෙරේරා (මිට්සුබිෂී එවොලූෂන් 2000)
2 දිනේෂ් ජයවර්ධන (මිට්සුබිෂී එවොලූෂන් 2000)
3 කෞෂාල් සමරසිංහ (මිට්සුබිෂී එවොලූෂන් 2000)
ට්‍රක් සහ ජීප් කාණ්ඩයේ විවෘත මෝටර් රථ
1 දිනේෂ් සේනානායක (ටොයොටා රෝ IV 3900)
2 දුමින්ද ජයසිංහ (ටොයොටා ලෑන්ඞ්කෘසර් 3900)
3 බුද්ධික රුක්ලන්ත (මිට්සුබිෂී පෙජරෝ 2800)
එස්. එල්. එන්. කාණ්ඩයේ (සි. ධා. 1500 දක්වා) ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ
1 රන්දික නිරෝෂන් (ෆෝඞ් ලේසර් 1500)
2 උපුල්වන් සේරසිංහ (ෆෝඞ් ලේසර් 1500)
3 දුමින්ද ජයසිංහ (මැස්ඩා 1500)
එස්. එල්. එස්. කාණ්ඩයේ (සි. ධා. 1500 දක්වා) විශේෂ මෝටර් රථ
1 නිෂාන් වාසලත්‍රන්ත්‍රි (හොණ්ඩා සී. ආර්. එක්ස්. 1500)
2 දිනේෂ් සේනානායක (හොණ්ඩා සිවික් 1500)
3 මිස්සක නවීන් (හොණ්ඩා සිවික් 1500)
එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) මෝටර් රථ දෙවැනි තරගය
1 උෂාන් පෙරේරා (මිට්සුබිෂී එවොලූෂන් 2000)
2 දිනේෂ් ජයවර්ධන (මිට්සුබිෂී එවොලූෂන් 2000)
3 කෞෂාල් සමරසිංහ (මිට්සුබිෂී එවොලූෂන් 2000)
‘කැවල්රි සුපර් ක්‍රොස්’ මෝටර් රථ තරගාවලියේ උණුසුම් අවස්ථා...
(ඡායාරූප - ශානුක අරවින්ද)
|
|
|
|
|
|
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.