Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
තහනම් උත්තේජක ගැනීම හේතුවෙන් ටයිසන් ගේට ජීවිතාන්තය දක්වා තරග තහනමක් පැනවිය යුතු යැයි හය වතාවක් ඔලිම්පික් රන් පදක්කම් දිනූ ලොව වේගවත්ම මිනිසා ලෙස සැලකෙන උසේන් බෝලට් පවසා ඇත.
මීටර 100 හා 200 හිටපු ලෝක ශූරයකු වන ටයිසන් ගේ තහනම් උත්තේජක ගැනීමේ චෝදනාවට වරදකරු වූ අතර ඔහුට වසරක තරග තහනමක් පැනවිණි.
තහනම් උත්තේජක ලබාගැනීමට වරදකරුවන් වන ඇමෙරිකන් කී‍්‍රඩකයන්ට වසර දෙකක තහනමක් පනවන නමුත් එරට තහනම් උත්තේජක ගැනීමේ විරෝධී නියෝජිත ආයනතයේ මැදිහත්වීමෙන් ටයිසන් ගේගේ තහනම වසරක කාලයක් දක්වා අඩු විය.
”මේක මම අහපු මහ මෝඩ කතාවක්... ඔබ වංචා කළානම්, ජීවිතකාලයට ඔබට කී‍්‍රඩා කළ නොහැකියි. පණිවිඩය විය යුත්තේ ඒකයි” යැයි ජැමෙයිකා ජාතික උසේන බෝලට් පවසයි.
ටයිසන් ගේට තහනම පැනවූයේ 2014 වසරේ මැයි මාසයේ වුවද තහනම කි‍්‍රයාත්මක වන දිනය 2-013 වසරේ ජූනි මස 23 වැනිදා දක්වා පසුදාතම් කරන ලදි. ඒ අනුව එම තහනම කි‍්‍රයාත්මක වූයේ 2013 වසරේ ජූනි මස සිටය. ඒ ඔහු ඇමෙරිකා ලෝක ශූරතාවලියේදී තහනම් උත්තේජක ගත් බවට සනාථ වූ අවස්ථාවේ සිටය.
තවමත් 32 හැවිරිදි ටයිසන් ගේ 2014 වසරේ ජූනි මාසයේදී නැවත කී‍්‍රඩාවට අවතීර්ණ වූ අතර එතැන් පටන් ඔහු සහභාගී වූ තරගවලදී උසේන් බෝල්ට්ට වඩා වේගයකින් මීටර 100 හා 200 තරග නිමකිරීමට සමත්විය.
”මට ටයිසන් ගේ සමඟ තරග කිරීමට වුවමනාවක් නැහැ” යැයි 28 හැවිරිදි උසේන් බෝල්ට් ලන්ඩන් නුවර ‘ද ටයිම්ස්’ පුවත්පතට සම්මුඛ සාකාච්ඡවක් දෙමින් පවසා ඇත.
”මාව පරාද කිරීම ගැන මම දුක්වෙන්නේ නැහැ. මොකද මම ඔහුට ගොඩක් ගරු කරනවා....මේක නිකන් හරියට, දරුවෝ වැරැද්දක් කරලා, දෙමාපියන්ව අපහුසතාවට පත්කරනවා වගේ වැඩක්”
”ඔවුන් කරන කි‍්‍රයාවල ප‍්‍රතිඵල මොනවාද කියන දේ හිතන්න, බිය කියන දේ ඔවුන් තුළ එබ්බවිය යුතුයි...ඒත් තමන් කළ වැරදි වලින් ගැලවෙන්න ඔවුන්ට ලෙහෙසියෙන් අවස්ථාවක් ලැබෙනවා නම් ඒ දේවල් ගැන වද වෙන්නේ හොයන්නේ බලන්නේ ඇයි?” යැයි උසේන් බෝල්ට් වැඩිදුරටත් විමසා තිබිණි.
- 055
ඡායාරූපය - බී. බී. සී. ඇසුරිනි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.