Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඔලිම්පික් ඉතිහාසයේ තවත් පරිච්ඡේදයක් ලිවීම ආරම්භ කළ ජැමෙයිකානු ජගුවරයා, උසේන් බෝල්ට්, රියෝ ඔලිම්පික් උළෙලේදී මීටර 200 රන් පදක්කමත් බ්‍රහස්පතින්දා රාත්‍රියේ දිනාගත්තේය. එය ඔලිම්පික් ක්‍රීඩා උළෙලකදී බෝල්ට් විසින් දිනාගන්නා ලද 8 වැනි රන් පදක්කම වන අතර මීටර 200 ඉසව්ව වෙනුවෙන් පිට පිටම තුන්වැනි වරටත් දිනාගන්නා ලද රන් පදක්කමයි.
ඔලිම්පික් මීටර 100 ඉසව්ව පිට පිටම තුන්වරක් දිනාගත් ලොව පළමු ක්‍රීඩකයා ලෙසින් දින කිහිපයකට පෙර ඉතිහාසයට එක්වූ උසේන් බෝල්ට්, මීටර 200 ඉසව්වේදී සිය තුන්වැනි ඔලිම්පික් රන් පදක්කම වෙනුවෙන් ගතකළ කාලය තත්ත්පර 19.78 කි.
තත්ත්පර 20.02 කින් ඉසව්ව නිමකළ කැනඩාවේ ඇන්ඩි්‍ර ඩි’ග්‍රාසි රිදී පදක්කම දිනාගත් අතර තත්ත්පර 20.12 කින් තරගය නිමකළ ප්‍රංශයේ ක්‍රිස්ටෝපර් ලැමටි්‍ර ලෝකඩ පදක්කම දිනාගත්තේය.
සිය ජයග්‍රහණයෙන් අනතුරුව නරඹන්නන්ගේ ආචාරය පිළිගනිමින් බෝල්ට් ක්‍රීඩාංගණය වටා යද්දී ඓතිහාසික මොහොතක් සිය දෑස් අබිමුව තැබූ කෙටිදුර ධාවන ශූරයා වෙනුවෙන් බ්‍රසීල ජනතාව ඔල්වරසන් දුන්හ. ක්‍රීඩාංගණයේ දැවැන්ත ශබ්ද විකාශන යන්ත්‍ර වලින් බොබ් මාලේගේ ගී වාදනය විය.
උසේන් බෝල්ට්ට ඓතිහාසික ‘ත්‍රිත්ව - ත්‍රිත්වය’ හිමිකරගැනීම සඳහා තවත් අවශ්‍යව ඇත්තේ එකම ජයග්‍රහණයක් පමණි. වසර 2008 බීජිං සහ 2012 ලන්ඩන් ඔලිම්පික් උළෙළ දෙකේදීම මීටර 100, මීටර 200 සහ මීටර 100ං4 ඉසව් තුනම ජයගත් උසේන් බෝල්ට් රියෝහිදී දැනටමත් මීටර 100 සහ මීටර 200 ඉසව් දෙකම ජයගෙන සිටී.
“මට කරන්න තවත් දෙයක් ඉතුරු වෙලා නෑ” යයි කී උසේන් බෝල්ට්
“මා ලෝකයේ ශ්‍රේෂ්ඨතමයා බව ඔප්පු කරලා ඉවරයි. මා මෙතැනට (රියෝ ද ජනෙයිරෝ නුවරට) ආවේ ඒ නිසයි. ඒ හින්දා තමයි මා කිව්වේ මේක මගේ අවසන් ඔලිම්පික් තරගාවලිය කියලා. මට ඔප්පු කරන්න වෙනත් දෙයක් නෑ” යයිද පැවසීය.
මෙම අභිමානවන් ගමනේදී බෝල්ට්ට කිසිවක් මඟහැරුණා නම් ඒ මීටර 200 ඔලිම්පික් වාර්තාව පමණි.
“මට ඕනෑ කළේ වඩාත් වේගවත් කාලයක් වාර්තා කරන්න. ඒත් ලෝක වාර්තාව බිඳින්න අසීරුයි කියා මට හිතුණා. මගේ පාද වල ශක්තිය අනුව මට ඒක තේරුණා” යයි තත්ත්පර 19.19 කට මීටර 200 ඉසව්වේත් ලෝක වාර්තාව හිමිකරගෙන සිටින බෝල්ට් පැවසීය.
“මේ අහපන්...අපට මීට වඩා හයියෙන් දුවන්න බෑ’ මා වංගුවෙන් හැරුණාම මගේ දෙපා මට එහෙම කිව්වා...” යයිද බෝල්ට් පැවසීය.
බෝල්ට්ගේ අවසන් සිහිනය වන්නේ අද (සිකුරාදා) රාත්‍රියේ පැවැත්වෙන මීටර 100x4 සහාය දිවීමේ ඉසව්වේදීත් රන් පදක්කම දිනාගැනීමයි. ඔහුගේ සිහිනය සැබෑකිරීමේ අවස්ථාව ඇත්තේ ජැමෙයිකානු මීටර 100x4 කණ්ඩායම සතුවය. ජැමෙයිකානු මීටර 100x4 කණ්ඩායමේ එකම ක්‍රීඩකයකු හෝ අසාර්ථක වුවහොත් උසේන් බෝල්ට්ගේ සිහිනය බිඳවැටීමේ ඉඩක් පවතී.
උසේන් බෝල්ට් ඉතිහාස පොත ලියමින් සිටින අතරේ දස ප්‍රයාම ඉසව්ව වෙනුවෙන් පිට පිටම දෙවැනි රන් පදක්කමත් දිනාගැනීමට එක්සත් ජනපදයේ ඇෂ්ටන් ඊටන් සමත් විය. එකිනෙකට වෙනස් මලල ක්‍රීඩා ඉසව් 10 කින් සමන්විත දස ප්‍රයාම ඉසව්වේදී ඔලිම්පික් රන් පදක්කම් දෙකක් යනු වසර 4 ක කාලයක් පුරා ඒ සෑම ඉසව්වකදීම තමන්ගේ දස්කම් එකම මට්ටමකින් පවත්වාගෙන යාමයි.
එය පහසු අභියෝගයක් නොවේ.
දස ප්‍රයාම ඉසව්වේ ලෝක ශුරයා මෙන්ම ලෝක වාර්තාවේ හිමිකරුවාද වන ඊටන්ට ප්‍රංශයේ කෙවින් මේයර්ගෙන් හොඳ තරගයක් ලැබිණ. එහෙත් මේයර් ලකුණු 8,834 කට රිදී පදක්කම හිමිකර ගනිද්දී ලකුණු 8,893 ක් හිමිකරගත් ඊටන් රන් පදක්කම දිනාගත්තේය.
ඔලිම්පික් උළෙල දෙකකදී දස ප්‍රයාම ඉසව්වෙන් පිට පිටම රන් පදක්කම් දෙකක් දිනාගත් ලොව අනෙක් ක්‍රීඩකයා වන්නේ බි්‍රතාන්‍යයේ ඬේලි තොම්සන් පමණි. 1980 සහ 1984 ඔලිම්පික් උළෙල වලදී ඬේලි තොම්සන් දස ප්‍රයාම ඉසව්වේදී රන් පදක්කම දිනාගත්තේය.
“ඬේලි තොම්සන් වගේ ඔලිම්පික් රන් පදක්කම් දෙකක් දිනාගන්න ලැබීම සුවිශේෂී සතුටක්.....”
“දවසක මා ඬේලි හමුවන්න යනවා. ඔහුට අතට අත දීලා ස්තුති කරනවා. මොකද ඔහු තමයි මට හඹා යන්න ඉලක්කයක් නිර්මාණය කරලා දුන්නේ” යයිද ඇෂ්ටන් ඊටන් පැවසීය.
ඔලිම්පික් උළෙලේ 14 වැනි දිනය වූ බ්‍රහස්පතින්දා තරග අවසන් වන විට ඇමරිකානුවෝ තවත් රන් පදක්කම් 4 ක් දිනාගත්හ. රන් පදක්කම් 35 ක් දිනාගත් ඇමරිකාව පදක්කම් සටහනේ පෙරමුණ ගෙන සිටී. රන් පදක්කම් 22 ක් සමගින් මහා බි්‍රතාන්‍යය දෙවැනි ස්ථානයත් රන් පදක්කම් 20 ක් සමගින් චීනය තුන්වැනි ස්ථානයත් අත්පත් කරගෙන ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.