Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වසර 2017 ලෝක යොවුන් දැල්පන්දු තරගාවලිය හා ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලිය ඉලක්ක කරමින් කැඳවන ජාතික කනිෂ්ඨ දැල්පන්දු සංචිත හා ජාතික ජ්‍යෙෂ්ඨ දැල්පන්දු සංචිතය සඳහා උසින් වැඩි ක්‍රීඩිකාවන්ගේ තොරතුරු රැස් කිරිමේ ව්‍යාපෘතියක් ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය විසින් ආරම්භ කර තිබේ.
වසර 2017 දී දකුණු කොරියාවේදී ආසියානු යොවුන් දැල්පන්දු ශූරතාවලියක්, කොසෝවා රාජ්‍යයේදි ලෝක කනිෂ්ඨ දැල්පන්දු තරගාවලියක් පැවැත්වීමට නියමිතය.
එම තරගාවලි දෙකටම ශ්‍රී ලංකාව සහභාගි වේ. මෙම දැල්පන්දු තරගාවලි දෙක ඉලක්ක කරමින් 1996 ජනවාරි 1 වැනිදායින් පසුව උපන් අඩි 5 අඟල් 6 ට වැඩි ක්‍රීඩිකාවන් කෙරෙහි වඩාත් අවධානය යොමු කිරීමට දැල්පන්දු සම්මේලනය තීරණය කර තිබේ.
කෙසේ වුවත් විශේෂ දක්‍ෂතා හෙබි උස අඩි 5 අඟල් 2 ට නොඅඩු ක්‍රීඩිකාවන් කෙරෙහිද එහිදී සළකා බැලෙන බව ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ ලේකම් චම්පා ගුණවර්ධන මහත්මිය පවසයි.
ජාතික නව දැල්පන්දු සංචිතය ස්ථාපිත කිරිමේදි වයස 30 ට අඩු අඩි 5 අඟල් 8 ට වැඩි ක්‍රීඩිකාවන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කෙරේ. මෙවැනි ක්‍රීඩිකාවන් පිළිබඳව තොරතුරු මෙම 20 වැනිදාට පෙර දැල්පන්දු සම්මේලනයට යොමුකරන ලෙස දිස්ත්‍රික් දැල්පන්දු සංගම් වෙතින් ඉල්ලා සිටීමට දැල්පන්දු සංමයේ විධායක සභාව තීරණය කර තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.