Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
උතුරු ඉන්දියාවේ ධරම්ශාලා නුවරදී අද (10 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගයේදී ඩේවිඩ් මලාන් කළ ප්රචණ්ඩකාරී පිතිහරඹය හේතුවෙන් අපහසුවකින් තොරවම ලකුණු 137 ක ජයක් අත්කරගත් එංගලන්තය ලෝක කුසලානයේ වත්මන් හිමිකරුවන් ලෙසින් ඇති කීර්තිය තහවුරු කරගත්තේය.
පළමුවෙන් පන්දුවට පහර දෙමින් කඩුලු 9 කට ලකුණු 364 ක් ලබාගත් එංගලන්ත කණ්ඩායමේ පන්දු යවන්නෝ බංග්ලාදේශ පිතිහරඹය ලකුණු 227 කට සීමා කළහ.
ජොනී බෙයාර්ස්ටෝ (52) සමගින් එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 115 ක් එක්කළ ඩේවිඩ් මලාන් (140) බෙයාර්ස්ටෝ දැවීයාමෙන් පසුව ජෝ රූට් (80) සමගින් එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් තවත් ලකුණු 151 ක සම්බන්ධතාවක් ගොඩනැංවීය. ඩේවිඩ් මලාන්ගේ ඉනිම හයේ පහර 5 කින් සහ හතරේ පහර 16 කින් සමන්විත විය.
දිවා තරගයක් ලෙසින් පැවැති මෙම තරගයේ දෙවැනි වර පන්දුවට පහර දුන් බංග්ලාදේශයට ලබාගත හැකිවූයේ ලකුණු 227 කි.
එංගලන්තය - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 364 යි
(ජොනී බෙයාර්ස්ටෝ 52, ඩේවිඩ් මලාන් 140, ජෝ රූට් 82, ජොස් බට්ලර් 20, හැරී බෲක් 20, සෑම් කරන් 11, ක්රිස් වෝක්ස් 14, අදිල් රෂීඩ් 11, ෂොරිෆුල් ඉස්ලාම් 75/3, මෙහෙදි හසන් 71/4)
බංග්ලාදේශය - ඕවර 48.2 කදී සියලු දෙනා දැවී 227 යි
(ලිටන් දාස් 76, මුෂ්ෆිකුර් රහීම් 51, තව්හීද් රිදෝයි 39, මෙහෙදි හසන් 14, ටස්කන් අහමඩ් 15, ෂොරිෆුල් ඉස්ලාම් 12, රීස් ටොප්ලි 43/4)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.