Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story එංගලන්තයට ලකුණු 124 ක දැවැන්ත ජයක්

එංගලන්තයට ලකුණු 124 ක දැවැන්ත ජයක්

Nisanka Sandeepani - 2017 සැප් මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මුයින් අලීගේ වේගවත් ශතකය (102) නිසා සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව බ්‍රිස්ටල් ක්‍රීඩාංගණයේදී ඊයේ (24 වැනිදා) පැවැති තෙවැනි එක්දින තරගයෙන් ලකුණු 124 ක පහසු ජයක් අත්කර ගැනීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම සමත් විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 370 ක දැවැන්ත ඉලක්කයක් හඹාගිය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඕවර 39.1 ක් අවසානයේ ලකුණු 245 කට සීමා කිරීමට ලියෑම් ප්ලන්කට් ප්‍රමුඛ එංගලන්ත පන්දුයවන්නෝ සමත් වූහ. ඕවර 8.1 ක් යැවූ ප්ලන්කට් එහිදී කඩුලු 5 ක් දවාගැනීමට සමත් වූයේ ප්‍රතිවාදීන්ට ලකුණු 52 ක් ලබාදෙමිනි.

කොදෙව් ඉනිම සුනුවිසුණු කර දැමීම සඳහා ප්ලන්කට්ට අනගි සහායක් දුන් ආදිල් රෂීඞ් ලකුණු 34 කට කඩුලු 3 ක් දවාගත්තේය. 
වේගවත් පිතිහරඹයක නිරත වූ ක්‍රිස් ගේල් පන්දු 78 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 9 ක් සමග ලකුණු 94 ක් රැස්කිරීමට සමත් වුවද, කොදෙව් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙනයෑමට ඔහුට නොහැකි විය.

ශතකය පෙනි පෙනී සිටියදී දුවද්දී දවාගැනීමකට හසුකර ගනිමින් ඔහුව පිටියෙන් ඉවත් කිරීමට ආදිල් රෂීඞ් සමත් විය. 


ශායි හෝප් (20) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 23 කදී ලකුණු 64 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ගේල් ඉන් නොනැවතී සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ජේසන් මොහොමඞ් (38) සමග එක්ව පන්දු 74 කදී ලකුණු 67 ක සම්බන්ධතාවක්ද ගොඩනැගීමට සමත් විය. 

පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායමේ සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 120 කදී ලකුණු 132 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට ජෝ රූට් (84) සහ බෙන් ස්ටොක්ස් (73) සමත් වූහ.

පන්දු 79 කදී වාර්තා වූ රූට්ගේ 24 වැනි එක්දින අර්ධ ශතකයට හයේ පහර 2 ක් සහ හතරේ පහර 7 ක් ඇතුළත් වූ අතර පන්දු 63 කදී වාර්තා වූ ස්ටොක්ස්ගේ 10 වැනි අර්ධ ශතකයට හයේ පහර 3 ක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් විය. 

එංගලන්ත ඉනිමේ 7 වැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි මුයින් අලී ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වෙමින් පන්දු 57 කදී ලකුණු 102 ක් රැස්කළේය. අලීගේ තෙවැනි එක්දින ශතකය වූ ඊට හයේ පහර 8 ක් සහ හතරේ පහර 7 ක් අන්තර්ගත විය. 

එංගලන්ත පිල - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 369 
(ඇලෙක්ස් හේල්ස් 36, ජෝ රූට් 84, බෙන් ස්ටොක්ස් 73, මුයින් අලී 102, ක්‍රිස් වෝක්ස් 34, මිගුවෙල් කමිනිස් 82/3, ජේසන් හොල්ඩර් 81/2) 

බටහිර ඉන්දීය කොදෙව් පිල - ඕවර 39.1 කදී සියලු දෙනා දැවී 245 
(ක්‍රිස් ගේල් 94, ශායි හෝප් 20, ජේසන් මොහොමඞ් 38, ජේසන් හෝල්ඩර් 34, ලියෑම් ප්ල්න්කට් 52/5, ආදිල් රෂීඞ් 34/3) 


-036 


අදහස් (0)

එංගලන්තයට ලකුණු 124 ක දැවැන්ත ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.