Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වසර 2019 දී පැවැත්විමට නියමිත ලෝක කුසලාන (එක්දින) ක්‍රිකට් තරගාවලිය සදහා කෙළින්ම සුදුසුකම් ලබාගත් අටවැනි සහ අවසන් කණ්ඩායම බවට පත්වීමට ශ්‍රී ලංකාව ඊයේ (19 වැනිදා) සමත්විය.
එංගලන්තයට එරෙහිව මැන්චෙස්ටර්හිදී පැවැති පළමු එක්දින තරගයෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කඩුලු 7 කින් පරාජයට පත්වීම හේතුවෙන් ලෝක කුසලාන තරගාවලිය සදහා කෙළින්ම සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථාව උදාවිය.
වසර 2019 දී පැවැත්විමට නියමිත ලෝක කුසලාන (එක්දින) ක්‍රිකට් තරගාවලිය සදහා කෙළින්ම සුදුසුකම් ලබාගැනීම සදහා ශ්‍රී ලංකාවට අමතරව ඕස්ටේ්‍රලියාව, බංග්ලාදේශය, එංගලන්තය, ඉන්දියාව, නවසීලන්තය, පාකිස්තානය සහ දකුණු අප්‍රිකාව සමත්විය.
එංගලන්තට එරෙහි තරගාවලිය 5-0 ක් ලෙස හෝ 4-0 ක් ලෙස බටහිර ඉන්දීය කොදෙව් පිල ජයගත්තේ නම් ලෝක කුසලාන තරගාවලියට කෙළින්ම සුදුසුකම් ලබාගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට මඟහැරී යනු ඇත.
අයර්ලන්තයට සමගින් පැවැත්වීමට තිබු එක්දින තරගය වර්ෂාව හේතුවෙන් පැවැත්වීමට නොහැකිවූ අතර එංගලන්තය සමගින් පැවැති පළමු තරගය පරාජයට පත්වීම හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව්වන්ගේ බලාපොරොත්තු සේදී ගියේය.
“අප මේ දිනවල ඉතා අසීරුවෙන් තරග කරන බව රහසක් නෙමේ. ඒත් අප කෙරෙහි බලාපොරොත්තු රඳවා සිටි අපේ ක්‍රීඩාලෝලීන්ට මම මේ වෙලාවේ විශාල වශයෙන් ස්තුති කරනවා”
“2019 ලෝක කුසලාන තරගාවලිය සම්බන්ධයෙන් අපට පැහැදිළි සැලැස්මක් තියෙනවා. ඒ සඳහා එක් එක් පියවර ක්‍රමාණුකූලව ගන්න අප බලාපොරොත්තු වෙනවා” යයි එංගලන්ත ජයග්‍රහණයෙන් පසු සැනසුම් සුසුම් හෙළූ උපුල් තරංග පැවසීය.
“අපි ක්‍රීඩකයන්ගේ කාමරයේ නිතරම කියන කතාවක් තියෙනවා. පුංචි පුංචි ජයග්‍රහණ එකතුකරගත්තාම ඒවායින් ලොකු දිනුමක් ගන්න පුළුවන් කියන එක. අප මේ වන විට අවධානය යොමුකර තිබෙන්නේ ඒ ගැනයි. ශ්‍රී ලංකාවට ආවේණික වූ අපේ ක්‍රිකට් ක්‍රීඩාව තව නොබෝ දිනකින් ක්‍රිකට් ලෝලීන්ට දැකගන්නට පුළුවන්” යයිද උපුල් තරංග අන්තර්ජාතික ක්‍රිකට් පැවසීය.
සැප්තැම්බර් 30 වැනිදාට පෙර එක්දින ශ්‍රේණිගත කිරීම්හී ඉහළින්ම සිටින කණ්ඩායම් අට 2019 දී පැවැත්වෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා කෙළින්ම සුදුසුකම් ලබාගන්නා අතර අනෙක් කණ්ඩායම් සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියකින් තෝරාගනු ලැබේ.
ජාත්‍යන්තර ක්‍රිකට් සභාවේ එක්දින ශ්‍රේණිගත කිරීම්හී අවසන් ස්ථානයේ පසුවන වන බටහිර ඉන්දීය කොදෙව්, සිම්බාබ්වේ, ඇෆ්ගනිස්තානය සහ අයර්ලන්ත යන කණ්ඩායම් 4 ත් ජාත්‍යන්තර ක්‍රිකට් සභාව විසින් පවත්වනු ලබන ලෝක ක්‍රිකට් ලීග් ශූරතාවලියේ ඉහළම ප්‍රසාද ලකුණු ලබාගන්නා කණ්ඩායම් 4 ත්, ජාත්‍යන්තර ක්‍රිකට් සභාව විසින් පවත්වනු ලබන ලෝක ක්‍රිකට් ලීග් ශූරතා දෙවැනි කාණ්ඩයේ ඉහළම ප්‍රසාද ලකුණු ලබාගන්නා කණ්ඩායම් 2 ත් 2018 දී පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලිය සදහා සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියට තරග වැදිය යුතුය. ඉන් ජය ගන්නා කණ්ඩායම් දෙක 2019 දී පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලිය සදහා සුදුසුකම් ලබාගනු ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.