Last Update  :  2024-12-26 20:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story එංගලන්තය අනපේක්‍ෂිත කරදරයක
මුල්තාන් ටෙස්ට් තරගය

එංගලන්තය අනපේක්‍ෂිත කරදරයක

editorial - 2024 ඔක් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පන්දු 10 ක් ඇතුළත කඩුලු 3 ක් දවාගත් සජීඩ් ඛාන් මුල්තාන් ටෙස්ට් තරගයේදී එංගලන්තය අනපේක්‍ෂිත කරදරයකට තල්ලු කළේය. පාකිස්තානුවන් ලබාගත් ලකුණු 366 ට පිළිතුරු සොයා යමින් සිටි එංගලන්තය වරෙක කඩුලු 2 ක් දැවී ලකුණු 211 ක් ලබා සිටියද සජීඩ් ඛාන්ගේ පන්දු යැවීම නිසා තරගයේ දෙවැනි දිනය වන අද (16 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට එංගලන්ත ලකුණු පුවරුව කඩුලු 6 ට 239 ක් වී තිබිණ. 

සජීඩ් ඛාන්ගේ කඩුලු තුනට ශතක ලාභී බෙන් ඩකට්ද ඇතුළත් වූයෙන් එංගලන්තයේ ආක්‍රමණශීලී පිතිහරඹයට මරු පහරක් එල්ල විය. දඟ පන්දු යවන්නන්ට බෙහෙවින් වාසිදායක තණතීරුවකදී කෙරෙන මෙම තරගයේදී පාකිස්තානුවෝ තවමත් ලකුණු 127 ක් ඉදිරියෙන් සිටිති.

එංගලන්ත පිල වරෙක කඩුලු 2 කට ලකුණු 211 ක් ලබා සිටියද පළමුවෙන් ජෝ රූට් (34) පිටියෙන් ඉවත් කළ සජීඩ්, පසුව බෙන් ඩකට් (114) සහ හැරී බෲක් (9) දෙදෙනාගේත් ඉනිම අවසන් කළේය. මේ අතරවාරයේදී අනෙක් අන්තයෙන් පන්දු යවමින් සිටි නවුමන් අලී විසින් එංගලන්ත නායක බෙන් ස්ටෝක්ස් දවාගන්නා ලදි. මේ හේතුවෙන් ලකුණු 14 ක් ඇතුළත එංගලන්තයේ කඩුලු 4 ක් බිඳ වැටිණ. 

පළමු ටෙස්ට් තරගයේදී මෙන්ම මෙම තරගයේදීත් එංගලන්ත පිතිකරුවෝ වේගයෙන් ලකුණු රැස්කරති. ඕවර 53 කින් ලකුණු 239 ක් ලබා සිටින එංගලන්තයේ ලකුණු වේගය 4.50 කි. බෙන් ඩකට් ලබාගත් ලකුණු 114 වෙනුවෙන් ඔහු මුහුණ දුන්නේ පන්දු 129 කට වන අතර ඊට හතරේ පහර 16 ක් ඇතුළත් විය. 

ලකුණු 366 ක් වෙනුවෙන් ඕවර 124 කට (වේගය 2.96) මුහුණ දුන් පාකිස්තානු පිල හමුවේ ජැක් ලීච් ලකුණු 114 කට කඩුලු 4 ක් දවාගත්තේය. 

පළමු ටෙස්ට් තරගය පැවැති මුල්තාන් තණතීරුවම මෙම තරගය සඳහාත් යොදාගන්නා අතර තණතීරුව තියුණු දඟ කැවීමකින් යුක්තය. පළමු ටෙස්ට් තරගය පරාජය වූ පාකිස්තානුවන්ගේ අරමුණ මෙම තරගය ජයගනිමින් තරගාවලිය සම කිරීමයි. 

පළමු ටෙස්ට් තරගයේදී එංගලන්තය ඉනිමකින් සහ ලකුණු 47 කින් ජයගත්තේය. 


පාකිස්තානය - පළමු ඉනිම සියලු දෙනා දැවී 366 යි
(සයිම් අයුබ් 77, කම්රන් ගුලාම් 118, මොහොමඩ් රිස්වාන් 41, සල්මාන් අඝා 31, අමර් ජමාල් 37, නවුමන් අලී 32, මැතිව් පොට්ස් 66/2, බ්‍රයිඩන් කර්ස් 50/3, ජැක් ලීච් 114/4)

එංගලන්තය - පළමු ඉනිම කඩුලු 6 ට 239 යි
සැක් ක්‍රෝලි 27, බෙන් ඩකට් 114, ඔලී පෝප් 29, ජෝ රූට් 34, ජැමී ස්මිත් නොදැවී 12, සජිඩ් ඛාන් 86/4, නෞමන් අලී 75/2)

- 213


අදහස් (0)

එංගලන්තය අනපේක්‍ෂිත කරදරයක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.