Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story එංගලන්තය එක්දින තරගාවලිය සම කරයි

එංගලන්තය එක්දින තරගාවලිය සම කරයි

editorial - 2023 දෙසැ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවියන් රිචඩ්ස් ක්‍රීඩාංගණයේදී ඊයේ (7 වැනිදා) පැවැති දෙවැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමට එංගලන්තය සමත් විය. මෙම ජයත් සමග දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 1-1 ක් ලෙස සම තත්වයට පත් කිරීමටද එංගලන්ත ක්‍රීඩකයෝ සමත් වූහ. 

ජයග්‍රහණය සඳහා ලකුණු 202 ක ඉලක්කයක් හඹාගිය එංගලන්තය ක්‍රීඩකයෝ, ඕවර 32.5 ක් අවසානයේ කඩුලු 4 ක් පමණක් දැවී ඉලක්කය පසුකර ගියහ. පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 78 කදී ලකුණු 90 ක නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩනැගූ ජොස් බට්ලර් (නොදැවී 58) සහ හැරී බෘක් (නොදැවී 43) සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළහ. 

පන්දු 45 කදී වාර්තා වූ බට්ලර්ගේ අර්ධ ශතකය හයේ පහර 3 කින් සහ හතරේ පහර 4 කින් සමන්විත වූ අතර පන්දු 49 කදී වාර්තා වූ බෘක්ගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් ඇතුළත් විය. ආරම්භක පිතිකරු විල් ජැක් පන්දු 72 කින් ලකුණු 73 ක් රැස්කළේ හයේ පහර 4 ක් සහ හතරේ පහර 6 ක් සමගිනි. 

පළමුවෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කණ්ඩායමට සෑම් කරන් සහ ලයෑම් ලිවිංග්ස්ටන් ප්‍රමුඛ එංලගලන්ත පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 39.4 අවසානයේ සියලු දෙනා දැවී ලාබගත හැකි වූයේ ලකුණු 202 ක් පමණි. එහිදී කරන් ලකුණු 33 කට කඩුලු 3 ක්ද, ලිවිංග්ස්ටන් ලකුණු 39 කට කඩුලු 3 ක්ද බිඳහෙළමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ. 

පළමු තරගයේදී ශතකයක් ලබාගත් නායක ශායි හෝප්, මෙම තරගයේදීද දක්ෂ පිතිහරඹයක නිරත වෙමින් පන්දු 68 කදී හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 68 ක් රැස්කළේය. ඔහු සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 138 කදී ලකුණු 129 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ශර්ෆේන් රදර්ෆෝඩ් 80 කින් ලකුණු 63 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමගිනි. 

බටහිර ඉන්දීය කොදෙව් පිල - ඕවර 39.4 කදී සියලු දෙනා දැවී 202
(බ්‍රෙන්ඩන් කිං 17, ශායි හෝප් 68, ශර්ෆේන් රදර්ෆෝඩ් 63, රොමාරියෝ ෂෙපර්ඩ් 19, සෑම් කරන් 33/3, ලයෑම් ලිවිංග්ස්ටන් 39/3, ගුස් ඇට්කින්සන් 28/2, රෙහාන් අහමඩ් 40/2) 

එංගලන්තය - ඕවර 32.5 කදී කඩුලු 4 ක් දැවී 206 
(පිල්ප් සෝල්ට් 21, විල් ජැක් 73, හැරී බෲක් නොදැවී 43, ජොස් බට්ලර් නොදැවී 58, ගුඩකේෂ් මෝති 34/2)

-036


අදහස් (0)

එංගලන්තය එක්දින තරගාවලිය සම කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.