Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්රී ලංකාව සහ එංගලන්තය අතර මහනුවර, පල්ලෙකැළේ ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණයේදී අද (11) පැවැති පස්වැනි තරගයෙන් එංගලන්ත පිල කඩුලූ 5 ක ජයක් ලැබීමට සමත් විය. එංගලන්තය ලැබූ මෙම ජයග‍්‍රහණයත් සමග තරගාවලිය නැවතත් විවෘත වූ නමුත් ශ‍්‍රී ලංකාව තවමත් 3-2 ක් ලෙස තරගාවලියේ පෙරමුණේ සිටියි.
තරගාවලියේ සම්පූර්ණ තරග සංඛ්‍යාව 7 කි.
තරගයේ නියමිත දිනය වූ ඊයේ (10) ශ‍්‍රී ලංකා ඉනිම අවසන් වීමෙන් පසුව වර්ෂාව අඛණ්ඩව පැවතීම නිසා තරගය අත්හිටුවා අතිරේක දිනය වූ අද (11) පස්වරු 2.30 ට එංගලන්ත ඉනිමෙන් තරගය ආරම්භ කෙරිණ.
එංගලන්ත පිතිකරුවා් ලකුණු 240 ක ජයග‍්‍රාහි ඉලක්කය ඕවර 49.1 කදී කඩුලූ 5 ක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් වූහ.
පස්වරු 4.00 පමණ වන විට දැඩි අදුරු තත්ත්වයක් පැවතීම නිසා පස්වරු 5.00 පමණ විට සම්පූර්ණ විදුලි ආලෝකය ලබාදී තිබුණි.
එංගලන්ත පිතිකරුවෝ වර්ෂාව බලාපොරොත්තුවෙන් 15 වැනි ඕවරයේ පමණ සිට වේගයෙන් ලකුණු රැස්කරමින් සෑම විටම ඩක්වත් ලූවිස් න්‍යායේ වාසිය තමන් සතුව තබා ගැනීමට වගබලා ගත්හ.
දකුණතින් පිත්ත හසුරුවන 23 හැවිරිදි ජෝ රූට් අනගි ඉනිමක් දියත් කරමින් පන්දු 117 කදී හතරේ පහර 7 ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 104 ක් රැස්කිරීමට සමත් විය. හයේ පහරකින් සම්පූර්ණ වූ මෙම ශතකය රූට්ගේ තෙවැනි එක්දින ශතකයයි.
ජෝ රූට් සහ රවී බෙපරා (28) සිවුවැනි කඩුල්ලට ලකුණු 86 ක සම්බන්ධතාවක් පවත්වමින් ජයග‍්‍රහණය පහසු කළහ.
නවක පිතිකරු ජේම්ස් ටේලර් පන්දු 90 කදී හතරේ පහර 5 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 68 ක් රැුස්කරමින් සිය දෙවැනි එක්දින අර්ධ ශතකය වාර්තා කළේය. ජේම්ස් ටේලර් සහ ජෝ රූට් තෙවැනි කඩුල්ලට පන්දු 125 කදී ලකුණු 104 ක සම්බන්ධතාවක් පවත්වමින් එංගලන්තය ඉදිරියට ගෙන ඒමට සමත් වූහ.
මෙම තරගයේදීද ශ‍්‍රී ලංකා පන්දු යවන්නන් අතරින් අජන්ත මෙන්ඩිස් ප‍්‍රහාරයට ලක්වූ ආකාරය දැකගත හැකිවිය. අජන්ත පසුගිය තරගවලදී ප‍්‍රහාරයට ලක්වුව ද අඛණ්ඩව අවස්ථාව ලබාදීමට තේරීම් කමිටුව කටයුතු කළේය.
එංගලන්ත නායක ඇලිස්ටෙයාර් කුක් පන්දු 30 කදී හතරේ පහර 3 ක් සමගින් ලකුණු 20 ක් ලබා සිටියදී සචිත‍්‍ර සේනානායක හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගියේය. තහනමෙන් නිදහස් වීමෙන් පසුව සචිත‍්‍ර සේනානායකගේ පළමු කඩුල්ල ලෙස එංගලන්ත පිලේ ප‍්‍රවේගකාරී පිතිකරු මුයින් අලී (04) දැවී ගියේය.
තරගයේ පළමු දිනය වූ ඊයේ (10) පළමුව පන්දුවට පහර දුන් ශ‍්‍රී ලංකා පිල ඕවර 49 කදී සියලූ දෙනා දැවී ලකුණු 239 ක් රැස් කළේය.
දෙරට අතර හයවැනි එක්දින තරගය අනිද්දා (13) පල්ලෙකැළේ ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණයේදී දිවා තරගයක් ලෙස පැවැත්වේ.
ඡායාරෑපය - ශාන්ත රත්නායක
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.