Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
එංගලන්තය සහ නවසීලන්තය අතර නොටින්හැම් ප‍්‍රාන්තයේ ටේ‍්‍රන්ට්බි‍්‍රජ් ක‍්‍රීඩාංගණයේ පැවැති සිව්වැනි එක්දින තරගයේදී ජෝ රූට් (106) සහ ඔයින් මෝර්ගන් (113) ලබාගත් ශතක හමුවේ කඩුලූ 7 ක ජයක් වාර්තා කළ එංගලන්ත කණ්ඩායම දෙරට අතර එක්දින තරගාවලිය 2-2 ක් ලෙස සමකර ගැනීමට ඊයේ (17 දා) සමත් විය.
මෙම ජයග‍්‍රහණය එංගලන්ත කණ්ඩායමක් ඉලක්කයක් පසුපස හඹා ගොස් ලැබූ විශාලතම ජයග‍්‍රහණය මෙන්ම එක්දින තරගයකදී දෙවැනි වර පන්දුවට පහරදුන් කණ්ඩායමක් ලැබූ හය වැනි ඉහළම මුලූ ලකුණු සංඛ්‍යාව ලෙසද වාර්තා වේ. එමෙන්ම ඕනෑම කණ්ඩායමක් ලකුණු 350 සීමාවක් හඹා ගොස් ජය ලැබූ සිව්වැනි අවස්ථාව ලෙසද මෙය වාර්තා වේ.
මීට පෙර එංගලන්තය දෙවතාවක් ලකුණු 300 කට වැඩි ඉලක්කයන් හඹා ගොස් ජය ලබා තිබේ. 2000 වසරේදී පකිස්තානයට එරෙහිව කරච්චි නුවරදී ලකුණු 306 ක්ද 2007 දී බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව ලකුණු 301 ක්ද ලබාගනිමින් ජයග‍්‍රහණය කිරීමට එංගලන්තය සමත්ව තිබුණි.
තරගාවලිය පුරාම ලකුණු අතර සිටින එංගලන්ත නායක ඔයින් මෝර්ගන් පිට පිටම සිව්වැනි වරටත් ලකුණු 50 ඉක්මවා ලබා ගනිමින් මෙම තරගයේදී සිය 8 වැනි එක්දින ශතකය ලබාගත්තේය. එංගලන්තය නායකයකු එක්දින තරගාවලියකදී පිට පිටම සිව්වැනි වරටත් අර්ධ ශතකය ඉක්මවූ පළමු අවස්ථාවද මෙය වේ. මෙම තරගාවලියේ ඔයින් මෝර්ගන් පිළිවෙලින් 50, 88, 71 සහ 113 බැගින් ලකුණු ලබාගැනීමට සමත් විය. නායකත්වයේ විශිෂ්ඨ ඉනිම හේතුවෙන් ඔයින් මෝර්ගන් තරගයේ වීරයා සම්මානයද හිමිකර ගත්තේය.
කාසියේ වාසිය සමග පළමුව පිතිහරඹය තෝරා ගත් ලෝක ක‍්‍රිකට් අනුශූර නවසීලන්ත පිල නියමිත පන්දුවාර 50 අවසානයේදී ලකුණු 349 ක් ලබා ගැනීමට සමත් විය. එහෙත් එංගලන්ත අංක තුන පිතිකරු ජෝ රූට් සහ නායක ඔයින් මෝර්ගන් එකතුව තෙවැනි කඩුල්ල සඳහා පන්දු 156 කදී පිහිටවූ ලකුණු 198 ක සබඳතාව හේතුවෙන් නවසීලන්තය අතේ තිබූ ජයග‍්‍රහණය කඩුලූ හතක් සහ පන්දු 36 ක් ඉතිරිව තිබියදී එංගලන්තය දෙසට හැරිණ.
මෙම තරගයේදී දෙපිලම පන්දු ඕවර 94 කදී කඩුලූ 10 ක් දැවී රැස් කළ ලකුණු 699 කණ්ඩායම් දෙකක් එකතුව රැස් කළ වැඩිම මුලූ ලකුණු සංඛ්‍යාවන් අතර 10 වැනි තැනට පත්වේ.
ඔයින් මෝර්ගන් පන්දු 82 කදී හතරේ පහර 12 ක් සහ හයේ පහර 5 ක් සමග ලකුණු 113 ක් ලබා ගත් අතර ජෝ රූට් පන්දු 97 කදී හතරේ පහර 13 ක් සමග ලකුණු 106 ක් ලබා ගත්තේය. එය රූට්ගේ හය වැනි එක්දින ශතකය වන අතර මෙම තරගාවලියේ ලබාගත් දෙවැනි ශතකය ලෙසින් සටහන් වේ. රූට් පළමු තරගයේදීද ශතකයක් වාර්තා කරමින් එංගලන්ත කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැගෙන යාමට දායක විය.
එංගලන්ත ආරම්භක පිතිකරු යුගළ වූ ජේසන් රෝයි සහ ඇලෙක්ස් හේල්ස් පළමු කඩුල්ලට පන්දු 64 කදී ශතක සබඳතාවක් වාර්තා කරමින් එංගලන්තයට ජයග‍්‍රාහී ආරම්භයක් ලබාදීමට සමත් වූහ. එහිදී ඇලෙක්ස් හේල්ස් වේගවත් පිති හරඹයක නිරත වෙමින් පන්දු 38 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 7 ක් සමග ලකුණු 67 ක් ලබා සිටියදී පිටියෙන් ඉවත් විය.
නවසීලන්ත ඉනිමේ පළමු කඩුල්ලට මාටින් ගප්ටිල් සහ නායක බ්‍රෙන්ඩන් මැකලම් පන්දු 79 කදී ලකුණු 88 ක සබඳතාවක් එක් කිරීමට සමත් වූහ. ගප්ටිල් සහ මැකලම් පිහිටවූ මෙම සබඳතාවක් සමග නවසීලන්ත පිතිකරු යුගළක් එක්ව ලකුණු 2000 පසු කළ දෙවැනි අවස්ථාව සටහන් විය. එහිදී ගප්ටිල් පන්දු 66 කදී එක් හයේ පහරක් සහ හතරේ පහර අටක් සමග ලකුණු 53 ක් ලබා ගත් අතර බ්‍රෙන්ඩන් මැකලම් පන්දු 31 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 35 ක් ලබා ගත්තේය.
තෙවැනි එක්දින තරගයේදීද ශතක සබඳතාවක් පිහිටවූ රොස් ටේලර් සහ කේන් විලියම්සන් මෙම තරගයේදීත් පන්දු 91 කදී ලකුණු 101 ක සබඳතාවක් පිහිටුවමින් නවසීලන්ත එක්දින ක‍්‍රිකට් ඉතිහාසයේ පිතිකරු යුගළක් පිහිටවූ ශතක සබඳතා වාර්තාව සම කිරීමට සමත් වූහ. මෙය විලියම්සන් සහ ටේලර් එකතුව පිහිටවූ නව වැනි ශතක සබඳතාව වන අතර මීට පෙර එම දස්කම දක්වා තිබුණ නවසීලන්ත පිතිකරු යුගළ වූයේ නේදන් ඇස්ට්ල් සහ ස්ටීවන් ෆ්ලෙමින් දෙදෙනාය.
දෙරට අතර පැවැත්වෙන තීරණාත්ම සහ පස්වැනි එක්දින තරගය 20 වැනිදා පැවැත්වේ.
නවසීලන්තය පන්දු ඕවර 50 අවසානයේ කඩුලූ 7 ට ලකුණු 349 යි.
(මාටින් ගප්ටිල් 53, බ්‍රෙන්ඩන් මැකලම් 35, කේන් විලියම්සන් 90, රොස් ටේලර් 42, ග‍්‍රාන්ට් එලියට් 55, මිචෙල් සැනට්නර් 44, ඬේවිඞ් විලී 89/2, බෙන් ස්ටෝක්ස් 73/2 යි.)
එංගලන්තය පන්දු ඕවර 44 කදී කඩුලූ 3 ක් දැවී ලකුණු 350 යි.
(ජේසන් රෝයි 38, ඇලෙක්ස් හේල්ස් 67, ජෝ රූට් 106, ඔයින් මෝර්ගන් 113, බෙන් ස්ටෝක්ස් නොදැවී 19, මැට් හෙන්රි 77/2 යි.)
- 033
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.