Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
රග්බි ලෝක කුසලාන තරගාවලිය එසේම තිබියදීත් ලෝකයේ ශ්‍රේෂ්ඨතම රග්බි තරගාවලිය ලෙස සැළකෙන 6 දෙනාගේ තරගාවලිය අද (3 වැනිදා) එංගලන්තයේ කාඩිෆ් ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි. එංගලන්තය, ප්‍රංශය, අයර්ලන්තය, ඉතාලිය, ස්කොට්ලන්තය සහ වේල්සය අතර මෙම තරගාවලිය පැවැත්වෙයි.
වේල්සය සහ ස්කොට්ලන්තය අතර තරගය කාඩිෆ් නුවර පැවැත්වෙද්දී එදිනම ඊට සැතපුම් ගණනාවකට නුදුරින් ප්‍රංශයේ දී අයර්ලන්තය සහ ප්‍රංශය අතර තරගය පැවැත්වෙයි. ඉතාලිය සහ පසුගිය වසරේ ශූරයන් වන එංගලන්තය අතර තරගය හෙට පසුදින රෝමයේ දී පැවැත්වීමට නියමිතය.
වට පහකින් සමන්විත මේ තරගාවලිය ලොව පැරැණිතම රග්බි තරගාවලිය වන අතර එය වසර 1883-1909 සහ 1932-1939 කාලයේ දී එංගලන්තය, අයර්ලන්තය, ස්කොට්ලන්තය සහ වේල්සයේ සහභාගීත්වයෙන් මහ බි්‍රතාන්‍යයට පමණක් සීමා වූ තරගාවලියක් ලෙස පැවැත්වූයේ ස්වදේශීය ජාතින් අතර ශූරතාවලියක් ලෙසටය. පසුව ප්‍රංශයේ එක්වීමත් සමග එය ජාතින් පහක තරගාවලියක් බවට පත්විය. ඊළඟට එය රටවල් හයේ තරගාවලිය බවට පත් කරමින් ඉතාලියත් ඊට එක්විය.
පෞඩ ඉතිහාසයකට හිමිකම් කියන මේ රග්බි ශූරතාවලිය වැඩිම වාර ගණනක් අත්පත් කරගැනීමේ ගෞරවය දිනා සිටින්නේ එංගලන්තයයි. ඔවුන් එකළ රටවල් හතරේ ස්වදේශි තරගාවලිය මෙන්ම රටවල් පහේ තරගාවලියත්, රටවල් හයේ තරගාවලියත් දිග් විජය කරන්නට සමත්වූයේ කජු කන්නාක් මෙනි. එහෙත් පසුකාලීනව වේල්සයේ සහ අයර්ලන්තයේ රග්බි පිබිදීමත් සමග එංගලන්තයට ජයග්‍රහණය සඳහා සෑහෙන සටනක් දීමට සිදුවිය.
එහෙත් මෙවර පැවැත්වෙන තරගාවලිය ඉතිහාසයේ අන් කිසිදු තරගාවලියකට වඩා විවෘත එකක් බවට පත්වී තිබේ.
එංගලන්තය සුපුරුදු ලෙස නැවතත් කුසලානය ඩැහැගැනීමට කුරුමානම් අල්ලමින් සිටින අතර ස්කොට්ලන්තය වසර 1999 න් පසුව සිය පළමු කුසලානය දිනාගැනීමේ අපේක්ෂාවෙන් පසුවෙයි. අයර්ලන්තයත්, ස්කොට්ලන්තයත් කුසලානයට අභියෝග කරමින් සිටිති. ප්‍රංශය නව ආරම්භයක් ලබාගැනීමට බලා සිටින අතර ඉතාලියත් අවතක්සේරුවට ලක් කිරිම නොවටී.
වසර 1883 න් පසුව කිසිම කණ්ඩායමක් පිට පිට තුන්වතාවක් දිනා නොමැති මේ කුසලානය තුන්වැනි වරටත් දිනාගැනීමට එංගලන්ත පිල ඒ අසළටම වී බලා සිටී. එඩී ජෝන්ස්ගේ එංගලන්ත පිලට දැන් ලැබී ඇත්තේ එවැනි කදිම අවස්ථාවකි. පසුගිය වසර 6 තුළම රටවල් තුනක් මේ දීප්තිමත් කුසලානය දෙවතාව බැගින් දිනාගෙන ඇත. 2012 සහ 2013 දී වේල්සයත්, 2014 සහ 2015 දී අයර්ලන්තයත්. 2016 සහ 2017දී එංගලන්තයත් කුසලානයේ පහස ලැබුවත් තුන්වැනි වරටත් ඒ අවස්ථාව උදාකරගැනීමට වේල්සයත්, අයර්ලන්තයත් අසමත්විය.
දැන් සියලු දෙනාම බලා සිටින්නේ එංගලන්තයට ඒ අවස්ථාව උදාවේද යන්නයි.
සැකසුම : මොහාන් ප්‍රනාන්දු
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.