Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
නවසීලන්තය සහ එංගලන්තය අතර සදම්ප්ටන්හි රෝස් බෝල් ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි එක්දින තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 79 ක ජයක් වාර්තා කිරීමට එංගලන්තය සමත් විය. මෙම ජයත් සමග දෙරට අතර පැවැත්වෙන තරග 4 කින් සමන්විත එක්දින තරගාවලිය 1-1 ක් ලෙස සම තත්වයට පත් කිරීමටද එංගලන්තයට හැකි විය.
වර්ෂාව හේතුවෙන් තරගයේ එක් ඉනිමක් ඕවර 34 කට සීමා කෙරුණු අතර තරගය ජයගැනීම සඳහා නවසීලන්තයට එහිදී ලකුණු 227 ක ඉලක්කයක් හිමිවිය. කෙසේ වුවත් රීස් ටොප්ලි සහ ඩේවිඩ් විලී ප්‍රමුඛ එංගලන්ත පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 26.5 ක් අවසන් වන විට නවසීලන්තයට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 147 ක් පමණි.
නවසීලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ඩර්ලි මිචෙල් පන්දු 52 කදී හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 57 ක් රැස්කළ අතර ඔහු සහ විල් යංග් (33) හැරුණුකොට ලකුණු 20 සීමාව පසුකර යෑමට සෙසු නවසීලන්ත පිතිකරුවෝ අසමත් වූහ. රීස් ටොප්ලි සහ ඩේවිඩ් විලී කඩුලු 3 බැගින් බිඳහෙළමින් නවසීලන්ත කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කළහ.
පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තය ඕවර 34 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 226 ක් ලබාගත් අතර වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ ලයෑම් ලිවිංග්ස්ටන් පන්දු 78 කදී හයේ පහරක් සහ හතරේ පහර 9 ක් සමග නොදැවී ලකුණු 95 ක් රැස්කළේය. ලකුණු 103 කට කඩුලු 6 ක් බිඳවැටී තිබූ අවස්ථාවේදී සෑම් කරන් (42) සමග එක්ව 7 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 112 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ලිවිංග්ස්ටන් සමත් විය.
එංගලන්තය - ඕවර 34 කදී කඩුලු 7 ක් දැවී 226
(ජොස් බට්ලර් 30, මුයින් අලී 33, ලයෑම් ලිවිංග්ස්ටන් නොදැවී 95, සෑම් කරන් 42, ට්‍රෙන්ට් බෝල්ට් 37/3, ටිම් සවුති 65/2)
නවසීලන්තය - ඕවර 26.5 කදී සියලු දෙනා දැවී 147
(විල් යංග් 33, ඩර්ලි මිචෙල් 57, ටොම් ලේතම් 19, රීස් ටොප්ලි 27/3, ඩේවිඩ් විලී 34/3, මුයින් අලී 30/2)
ඩේවිඩ් විලී...
ට්‍රෙන්ට් බෝල්ට්...
ඩර්ලි මිචෙල්...
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.