Last Update  :  2024-10-18 19:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story එංගලන්ත ක්‍රීඩිකාවන්ට ලකුණු 21 ක ජයක්
කාන්තා වි:20 ලෝක කුසලාන

එංගලන්ත ක්‍රීඩිකාවන්ට ලකුණු 21 ක ජයක්

editorial - 2024 ඔක් මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට..)  

කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 6 වැනි තරගය ලෙස එංගලන්තය සහ බංග්ලාදේශය අතර සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (5 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 21 ක ජයක් වාර්තා කිරීමට එංගලන්ත  කාන්තා කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 119 ක ඉලක්කයක් හඹාගිය බංග්ල‍ාදේශ කාන්තා කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුුලු 7 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 97 ක් පමණි. එහිදී පන්දු 48 කට මුහුණ දෙමින් හයේ පහරක් සහ හතරේ පහරක් සමග ලකුණු 44 ක් රැස්කිරීමට සෝභනා මොස්තාරි සත් වුවද ඇයට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි වූවාය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 118 ක් ලබාගත් අතර එංගලන්ත කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභිණිය බවට පත් වූ ඩැනියෙල් වය‍ට් පන්දු 40 කින් ලකුණු 41 ක් රැස්කළේ හතරේ පහර 5 ක් සමගිනි. මයියා බවුචර් පන්දු 18 කදී හතරේ පහර 3 ක් සමග ලකුණු 23 ක් රැස්කළාය.

දක්ෂ පන්දු යැවීම්හි නිරත වූ ෆාතිමා ඛාතූන්, රිතූ මෝනි සහ නහිඩා අක්තර් කඩුලු 2 බැගින් බිඳහෙළමින් එංගලන්ත පිතිකාරිණියන් අසරණ කළ අතර ඒ සඳහා ඔවුන්ට අනගි සහායක් දුන් රෙබේකා කාතූන් සිය ඕවර 4 ලකුණු 15 කට සීමා කරමින් කඩුල්ලක් බිඳහෙළුවාය.

එංගලන්ත කාන්තා පිල - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 118

(මයියා බවුචර් 23, ඩැනියෙල් වයට් 41 , ෆාතිමා ඛාතූන් 18/2, රිතූ මෝනි 24/2, නහිඩා අක්තර් 32/2)

බංග්ලාදේශ කාන්තා පිල - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 97

(සෝභනා මොස්තාරි 44, නිගාර් සුල්තානා 15, ලින්සේ ස්මිත් 11/2, චාලට් ඩීන් 22/2) 

 


අදහස් (0)

එංගලන්ත ක්‍රීඩිකාවන්ට ලකුණු 21 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.