Last Update  :  2024-10-18 19:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story එංගලන්ත ක්‍රීඩිකාවෝ දෙවැනි ජය ලබති
කාන්තා වි:20 ලෝක කුසලාන

එංගලන්ත ක්‍රීඩිකාවෝ දෙවැනි ජය ලබති

editorial - 2024 ඔක් මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට..)

කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 9 වැනි තරගය ලෙස එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (7 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමට එංගලන්ත කාන්තා කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 125 ක ඉලක්කයක් හඹාගිය එංගලන්ත ක්‍රීඩිකාවෝ ඕවර 19.2 ක් අවසානයේ කඩුුලු 3 ක් දැවී ඉලක්කය සපුරාගත්හ. නටාලි සීවර් පන්දු 36 කදී හතරේ පහර 6 ක් සමග නොදැවී ලකුණු 48 ක් රැස්කරමින් එංගලන්ත කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළාය. 

‍එංගලන්ත කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් ආරම්භක පිතිකාරිණී ඩැනියෙල් වයට් පන්දු 43 කින් ලකුණු 43 ක් රැස්කළේ හතරේ පහර 4 ක් සමගිනි. ඒ සඳහා ඇයට අනගි සහායක් දුන් ඇලිස් කැප්සේ පන්දු 16 කදී හතරේ පහර 3 ක් සමග ලකුණු 19 ක් රැස්කළාය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවෝ ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 124 ක් ලබාගත්හ. දකුණු අප්‍රිකානු ඉනිමේ වැඩිම ලකුණු ලාභිණිය බවට පත්වූ නායිකා ලෝරා වුල්වාඩ්ට් පන්දු 39 කදී හතරේ පහර 3 ක් සමග ලකුණු 42 ක් රැස්කරමින් සිය කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දුන්නාය.  

දකුණු අප්‍රිකානු කාන්තා පිල - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 124  

(ලෝරා වුල්වාඩ්ට් 42, ඇනීක් බොස්ච් 18, මරිසේන් කැප් 26, ඇනෙරි ඩාක්සන් නොදැවී 20, සොෆී එක්ලෙස්ටෝන් 15/2)

එංගලන්ත කාන්තා පිල - ඕවර 19.2 කදී කඩුලු 3 ක් දැවී 125

(ඩැනියෙල් වයට් 43, ඇලිස් කැප්සේ 19, නටාලි සීවර් නොදැවී 48)


අදහස් (0)

එංගලන්ත ක්‍රීඩිකාවෝ දෙවැනි ජය ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.