Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story එංගලන්ත පළමු ඉනිම 184 කට සීමාවෙයි

එංගලන්ත පළමු ඉනිම 184 කට සීමාවෙයි

Nisanka Sandeepani - 2018 මැයි මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්ත කණ්ඩායමට එරෙහිව ලෝඞ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 184 කට සීමා කිරීමට සංචාරක පාකිස්තාන කණ්ඩායම සමත් විය. 

පළමු දිනය වූ ඊයේ (25 වැනිදා) තරගය නරත කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි පාකිස්ථාන ක්‍රීඩකයෝ කඩුල්ලක් දැවී ලකුණු 50 ක් ලබා එංගලන්තයට වඩා ලකුණු 134 ක් පසුපසින් සිටියහ. ආරම්භක පිතිකරු අසාර් අලී ලකුණු 18 ක්ද, හාරිස් සොහේල් ලකුණු 21 ක්ද ලබා පළමු දිනය නිමාවන විට නොදැවී කඩුල්ලේ රැදී සිටියහ. 

එංගලන්ත ඉනිමේ බිඳවැටුණ එකම කඩුල්ලට හිමිකම් කීමට ස්ටුවට් බ්‍රෝඞ් සමත් වූ අතර ඔහුගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවෙමින් දැවීයන විට ඉමාම් උල් හක් ලබා සිටියේ ලකුණු 4 ක් පමණි. 

පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම ලකුණු 184 කට සීමා කිරීමට මොහොමඞ් අබ්බාස් සහ හසන් අලී ප්‍රමුඛ පාකිස්තාන පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ අබ්බාස් සහ අලී කඩුලු 4 බැගින් දවාගනිමින් එංගලන්ත පළමු ඉනිම සුනුවිසුණු කර දැමූහ. 

එංගලන්ත කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ආරම්භක පිතිකරු ඇලිස්ටෙයාර් කුක් හතරේ පහර 14 ක් සමග ලකුණු 70 ක් රැස්කළ අතර මොහොමඞ් අමීර්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් ඔහුගේ ඉනිම නිමාවට පත් විය. 

ලකුණු 43 කට කඩුලු 3 ක් බිඳවැටී තිබූ අවස්ථාවේ ජොනි බෙයාස්ට්‍රෝ (27) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 57 ක සම්බන්ධතාවක් ගොඩනැගූ කුක්, ඉන් නොනැවතී බෙන් ස්ටෝක්ස් (38) සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 49 ක සම්බන්ධතාවක්ද ගොඩගමින් එංගලන්ත ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීය. 

 

පාකිස්තාන පළමු ඉනිම - සියලු දෙනා දැවී 184 
(ඇලිස්ටෙයාර් කුක් 70, ජොනි බෙයාස්ට්‍රෝ 27, බෙන් ස්ටෝක්ස් 38, මොහොමඞ් අබ්බාස් 23/4, හසන් අලී 51/4) 

එංගලන්ත පළමු ඉනිම - කඩුල්ලක් දැවී 50 
(අසාර් අලී නොදැවී 18, හාරිස් සොහේල් නොදැවී 21) 

-036 


අදහස් (0)

එංගලන්ත පළමු ඉනිම 184 කට සීමාවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.