Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව අබුඩාබිහිදී පැවැත්වෙන දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගයේ සිවුවැනි දිනය වන අද (02) ලෝක ටෙස්ට් ක‍්‍රිකට් ඉතිහාසයේ වේගවත්ම අර්ධ ශතකය සහ ශතකය තම නම ඉදිරියෙන් සටහන් කර ගැනීමට පාකිස්තානු පිලේ නායක මිස්බා උල් හක් සමත් විය.
හයේ පහර 4 ක් සහ හතරේ පහර 4 ක් සමගින් අර්ධ ශතකය සම්පූර්ණ කළ මිස්බා උල් හක් හයේ පහර 5 ක් සහ හතරේ පහර 11 ක් සමගින් ශතකය සම්පූර්ණ කිරීමට සමත් විය.
තරගයේ සිව්වැනි දිනය වන අද දෙවැනි ඉනිමේදී පන්දුවට පහර දෙමින් සිටි පාකිස්තානු පිල වෙනුවෙන් පන්දු 21 කදී අර්ධ ශතකය ද පන්දු 56 කදී ශතකය ද සම්පූර්ණ කිරීමට මිස්බා සමත් විය. මීට පෙර ලොව වේගවත්ම ටෙස්ට් ශතකයේ හිමිකරුවා වූයේ බටහිර ඉන්දීය කොදෙව් පිලේ හිටපු නායක විවියන් රිචඞ්ස්ය.
බටහිර ඉන්දීය කොදෙව් පිලේ හිටපු සුපිරි පිතිකරු විවියන් රිචඞ්ස් 1986 වසරේ පන්දු 56 කදී එංගලන්තයට එරෙහිව ඇන්ටිගුවාහිදී ශතකය සම්පූර්ණ කරමින් වේගවත්ම ටෙස්ට් ශතකයේ හිමිකරු බවට පත්ව සිටියේය. විවියන් රිචඞ්ස් මහතා මේ වන විට ශී‍්‍ර ලංකාවේ සංචාරය කරන බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ කණ්ඩායමේ තාක්‍ෂණික අධ්‍යක්‍ෂවරයා වශයෙන් කටයුතු කරමින් සිටී.
දකුණු අප‍්‍රිකානු පිලේ හිටපු සුපිරි තුන් ඉරියව් ක‍්‍රීඩක ජැක් කලිස් පන්දු 24 කදී අර්ධ ශතකයක් සම්පූර්ණ කරමින් වේගවත්ම ටෙස්ට් අර්ධ ශතකයේ පැරණි වාර්තාවට හිමිකම් කීවේය.
මෙම තරගයේදී මිස්බා උල් හක් (101 හා නොදැවී 101) සහ අසාර් අලී (109 හා නොදැවී 100) ඉනිම දෙකේදීම ශතක රැස්කරමින් තරගයකදී ඉනිම දෙකේදීම ශතක රැස්කළ දෙවැනි පිතිකරු යුගළ ලෙස ටෙස්ට් ක‍්‍රිකට් ඉතිහාසයට එකතු වූහ.
ඕස්ටේ‍්‍රලියානු පිලේ හිටපු ප‍්‍රබල පිතිකරුවන් වූ ඉයන් චැපල් සහ ග්‍රෙග් චැපල් 1974 නවසීලන්තයට එරෙහිව වෙලින්ටන්හිදී එකම තරගයේ ඉනිම දෙකේදීම ශතක රැස්කළ පළමු පිතිකරු යුගළ බවට පත්ව සිටියහ.
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.