Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
කොවිඩ් එන්නත්කරණය සම්පූර්ණ නොකරන තරගකරැවන්ට හා තරගකාරියන්ට ලබන මාර්තු 04 වැනිදා ආරම්භ වන ගුවන් හමුදා පාපැදි සවාරියට සහභාගි වීමේ අවසරය නොලැබෙන බව තරග සංවිධායකයෝ පවසති. මෙම තත්ත්වය තරගකරැවන්ට, පුහුණුකරුවන්ට මෙන්ම සහයක නිලධාරීන් ඇතුළු මෙම පාපැදි සවාරියේ සියළු කාර්ය මණ්ඩල සාමාජිකයන්ටද බලපැවැත්වේ.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 71 වෙනි සංවත්සරයට සමගාමීව 23 වැනි වරටත් සංවිධානය කෙරෙන ගුවන් හමුදා පාපැදි සවාරිය ලබන මාර්තු 4-5-6 යන දිනවල පැවැත්වේ. මෙම තරගය අදියර තුනකින් කොළඹ සිට පුත්තලම, අනුරාධපුරය, දඹුල්ල, සහ කුලියාපිටිය හරහා නැවත කටුනායකට ළඟාවීමෙන් අවසන් කෙරේ. එහි මුළු දුර කිලෝමීටර 419 කි.
මෙම රේසින් පාපැදි (පිරිමි) තරගයට සමගාමීව කිලෝමීටර 96 ක් දුරැති එක්දින කාන්තා පැපැදි තරගයක්ද පැවැත්වේ. මාර්තු 6 වැනිදා පුත්තලම, හලාවත, මීගමුව හරහා කටුනායකට ළඟාවීමෙන් මෙම කාන්තා පාපැදි තරග නිමාවට පත්වේ.
වත්මන් කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ සෞඛ්‍ය බලධාරීන් ලබාදුන් උපදෙස් දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති ගුවන් හමුදා පාපැදි සවාරියේ සංවිධායක මණ්ඩලය කොවිඩ් එන්නත් ලබා නොගත් කිසියම් පුද්ගලයෙකු මෙම පාපැදි තරගයට සහභාගි වන්නේ නම් ඒ සම්බන්ධයෙන් තරගයට දින 14කට පෙර රජයේ අනුමත වෛද්‍යවරයකුගෙන් වාර්තාවක් ඉදිරිපත් කළ යුතුය.
තරගය ආරම්භ කිරීමට අවම වශයෙන් සති හයකට පෙර කොවිඩ් රෝගීන් බවට හඳුනාගත් ක්‍රීඩකයන් සහ ක්‍රීඩිකාවන් හෝ නිලධාරීන් වේනම් ඔවුන් පාපැදි සවාරියට සහභාගිවීමට සුදුසු ශාරීරික යෝග්‍යතාවයෙන් පසුවන බවට රජයේ රෝහලකින් ලබාගත් වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කිරීමද අනිවාර්ය වේ.
මෙම අවශ්‍යතා පිළිබඳව සොයාබැලීම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කළමණාකරැවන්ට පැවරේ. කෙසේ වුවත් තරගය ආරම්භ කිරීමට පෙර සියලුම තරගකරැවන් හා තරගාකාරියන් ක්ෂණික ප්‍රතිදේහ (රැපිඩ් ඇන්ටිජන්) පරීක්ෂාවට ලක් කිරීමද අනිවාර්ය වේ. තරගයට සහභාගිවන කිසියම් කණ්ඩායමක ක්‍රීඩකයන් හෝ ක්‍රීඩිකාවන් තිදෙනෙකු හෝ වැඩි ගණනක් ඇන්ටිජන් පරීක්ෂාව අසමත් වන්නේ නම් ඔවුන් නියෝජනය කරන මුළු කණ්ඩායමම තරගයෙන් ඉවත් කිරීමට කටයුතු කෙරේ.
ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය, ගුවන් හමුදා පාපැදි ක්‍රීඩා සමාජයේ සහයෝගයෙන් සංවිධානය කරන ගුවන් හමුදා පාපැදි සවාරිය ශ්‍රේණිගත කිරීම් කෙරෙන වසරේ පැවැත්වෙන ප්‍රධානතම හා දීර්ඝතම රේසින් පාපැදි තරගයයි.
තරග අයදුම්පත් ඉදිරිපත් කිරීමේදී ඒ සමග එන්නත් කාඩ්පත් හා වෛද්‍ය සහතිකද ඇමිණිය යුතුය.
කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ පසුගිය වසර දෙකක කාලයක් තුළදී දේශීය පාපැදි තරග රුසක් අත්හිටුවුවත් ගුවන් හමුදා පාපැදි සවාරිය එම වසර දෙකේදීත් පැවැත්වීමට එහි සංවිධායකයෝ සමත් වූහ.
23 වැනි ගුවන් හමුදා පාපැදි සවාරිය (2022) පැවැත්වෙන ආකාරය.
(පිරිමි ඉසව්ව – මුළු දුර කිලෝමීටර 419)
● මාර්තු 4 (පළමු අදියර – කිලෝමීටර 138):- ධාවන මාර්ගය – කොළඹ, මීගමුව, හලාවත හරහා පුත්තලම දක්වා.
● මාර්තු 5 – (දෙවැනි අදියර කිලෝමීටර 140):- ධාවන මාර්ගය – පුත්තලම, නොච්චියාගම, අනුරාධපුරය, කැකිරාව හරහා දඹුල්ල දක්වා
● මාර්තු 6 (තෙවන අදියර – කිලෝමීටර 150):- ධාවන මාර්ගය – දඹුල්ල, කුරැණෑගල, නාරම්මල, කුලියාපිටිය, පන්නල, මීගමුව හරහා කටුනායක දක්වා
(කාන්තා ඉසව්ව – මුළු දුර කිලෝමීටර 96)
● මාර්තු 6:- ධාවන මාර්ගය – පුත්තලම, හලාවත, මීගමුව හරහා කටුනායක දක්වා.
බී. අමරසිංහ Thursday, 10 February 2022 12:25 PM
"එන්නත් තුනම නැතුව රැස්වීම් බලන්න එන්න බෑ" කියලා කියන්න පුළුවන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් කෙනෙක් බිහිවේවා...!!!
Reply 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.