Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් සමාජ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ පී.සරවනමුත්තු ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී යුද හමුදා පිලට එරෙහිව කඩුලු 6 ක ජයක් හිමිකර ගැනීමට එන්.සී.සී. පිල අද (7 වැනිදා) සමත්විය.
ලසිත් මාලිංගගේ පන්දු යැවිම හමුවේ යුද හමුදා පිලට ඕවර 17.1 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 102 ක් පමණි. ලසිත් මාලිංග ඕවර 3.1 කදී ලකුණු 14 කට කඩුලු 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
ජයග්‍රහණය සදහා ලකුණු 103 ක ඉලක්කයක් හඹාගිය එන්.සී.සී. කණ්ඩායම ඕවර 14.2 කදී කඩුලු 4 ක් දැවී ඉලක්කය පසුකර යෑමට සමත්විය.
එන්.සී.සී. කණ්ඩායමේ ලසිත් මාලිංග සහ චතුරංග ද සිල්වා තරග 7 කදී කඩුලු 16 බැගින් දවාගනිමින් විස්සයි20 තරගාවලියේ වැඩිම කඩුලු දවාගත් පන්දු යවන්නන් අතර පෙරමුණේ පසුවෙති.
සී.සී.සී. සහ එන්.සී.සී. කණ්ඩායම් අතර අවසන් මහ තරගය පී.සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී හෙට (8 වැනිදා) පෙරවරු 10.00 ට ආරම්භ කිරීමට නියමිතව ඇත.
එන්.සී.සී. පිලට කඩුලු 6 ක ජයක්
යුද හමුදාව - ඕවර 17.1 කදී සියලුදෙනා දැවී ලකුණු 102
(හිමාෂ ලියනගේ 23, ලසිත් මාලිංග 14/3, සචින්ත පීරිස් 18/2)
එන්.සී.සී. - ඕවර 14.2 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 108
(නිරෝෂන් දික්වැල්ල 27, භනුක රාජපක්ෂ 25, ළහිරු උදාර 27)
ඡායාරූප - ප්‍රසන්න ඉරුගල්බණ්ඩාර
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.