Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ‘මේජර් ලීග්’ - 2025 අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය එන්.සී.සී. ක්‍රීඩා සමාජය සහ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය අතර මෙම මස 5 වැනිදා සිට 8 වැනිදා දක්වා සිවුදින තරගයක් ලෙස කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
මූලික වටයේදී ‘බී’ කාණ්ඩය යටතේ තරග 8 කට ක්‍රීඩා කළ එන්.සී.සී. කණ්ඩායම, ඉන් තරග 3 ක් ජයගෙන සෙසු තරග 5 ජය පැරදුමකින් තොරව නිමා කරගත් අතර ලකුණු 114.985 ක් ලබා එම කාණ්ඩයේ පෙරමුණ හිමිකර ගනිමින් ඔවුන් අවසන් තරගයට සුදුසුකම් ලැබීය.
බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය අවසන් තරගයට සුදුසුකම් ලැබුවේ මූලික වටයේදී ‘ඒ’ කාණ්ඩය යටතේ තරග 8 කට සහභාගි වී ඉන් තරග 4 ක් ජයගෙන සෙසු තරග 4 ජය පැරදුමකින් තොරව නිමාවට පත්කර ගෙන ලකුණු 104.76 කට හිමිකම් කියමිනි.
මූලික වටයේදී මූවර්ස්, බී.ආර්.සී. සහ මහනුවර රේගු යන ක්‍රීඩා සමාජවලට එරෙහිව පූර්ණ ජයග්‍රහණ වාර්තා කිරීමට එන්.සී.සී. ක්‍රීඩා සමාජය සමත් වූ අතර බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය එහිදී බදුරලිය, පොලිස්, හලාවත මේරියන්ස් සහ රාගම යන ක්‍රීඩා සමාජවලට එරෙහිව පූර්ණ ජයග්‍රහණ වාර්තා කළේය.
මෙම පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය 1938 වසරේ සිට පැවැත එන අතර මේ දක්වා අවස්ථා 16 කදී එහි ශූරතාව දිනාගැනීමට එන්.සී.සී. ක්‍රීඩා සමාජය සමත්ව තිබේ. බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය මේ වන විට දිනා ඇති ශූරතා සංඛ්‍යාව 9 කි. වැඩිම ශූරතා දිනාගත් ක්‍රීඩා සමාජය ලැයිස්තුවේ මෙම ක්‍රීඩා සමාජ දෙකට පිළිවෙලින් දෙවැනි සහ තෙවැනි ස්ථාන හිමිව තිබේ.
මේ අතර මෙවර තරගාවලියේදී ‘ඒ’ කාණ්ඩයේ අවසන් ස්ථාන දෙකට පත්වූ මීගමුව ක්‍රිකට් සමාජයට සහ රාගම ක්‍රිකට් සමාජයටත්, ‘බී’ කාණ්ඩයේ අවසන් ස්ථාන දෙකට පත්වූ එස්.එස්.සී. ක්‍රීඩා සමාජයට සහ මහනුවර රේගු ක්‍රීඩා සමාජයටත් ලබන වසරේ (2026) සිට පළමු පළ තරගාවලියෙන් ඉවත්ව දෙවැනි පෙළ තරගාවලිය යටතේ තරග වැදීමට සිදුවනු ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.