Last Update  :  2025-04-21 18:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story එරන්දි අර්ධ අවසන් පූර්ව වටයට

එරන්දි අර්ධ අවසන් පූර්ව වටයට

සංජය එරමුදුගොඩ - 2014 සැප් මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එරන්දි ගිම්හානි තරගයේදී...


දකුණු කොරියාවේ ‘ඉංචියොන්’ නුවරදී පැවැත්වෙන XVII වැනි ආසියානු ක‍්‍රීඩා උළෙලේ නවවැනි දිනය වූ අද  (27) ශ‍්‍රී ලංකා බොක්සිං ක‍්‍රීඩිකා එරන්දි ගිම්හානි ද සිල්වා කිලෝග‍්‍රෑම් 51 බර ෆ්ලයි බර පංතියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වූවාය.

එරන්දි හෙට (28) පස්වරු පස්වරු 2.00 ට හෙවත් ශ‍්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 10.30 පමණට මොන්ගෝලියානු ක‍්‍රීඩිකා නන්ජික්සෙසෙග් සමග අර්ධ අවසන් පූර්ව තරගට සහභාගි වීමට නියමිතය.

ඉංචියොන් බොක්සිං පිටියේදී ඊයේ පස්වරුවේ පැවැති කිලෝග‍්‍රෑම් 51 බර ෆ්ලයි බර පංතියේ හයවැනි මූලික තරගයේදී එරන්දි වට 3-0 කින් මැකාවෝ ක‍්‍රීඩිකා මැක් කිට් පහසුවෙන් පරාජයට කිරීමට සමත් වූවාය.

එරන්දි විශිෂ්ට ලෙස මැකාවා් ක‍්‍රීඩිකාව වෙතට යොමු වෙමින් පහර දීමත් සමග ප‍්‍රතිවාදී ක‍්‍රීඩිකවට පසු බැසීමට සිදුවිය. ප‍්‍රතිවාදී ක‍්‍රීඩිකාවට වඩා තරමක් උස ක‍්‍රීඩිකාවක් වූ එරන්දි ඉන් ප‍්‍රයෝජන ගනිමින් අතේ දිග මනාව යොදා ගනිමින් පහර දුන්නාය.

එරන්දි පළමු වටය ලකුණු 40-34 කින්, දෙවැනි වටය 40-34 කින් සහ තෙවැනි වටය ලකුණු 40-35 කින් ජය ලැබුවාය. එරන්දි වට හතරේදී විනිසුරුවන් තිදෙනාගෙන් ලකුණු 10 බැගින් සම්පූර්ණ ලකුණු ලබා ගැනීමට සමත් වීම කැපී පෙනුණි.

මැකාවෝ ක‍්‍රීඩිකාවට පළමු වටයේදී තෙවැනි විනිසුරුගෙන් ලකුණු 2 ක් ද, සිවුවැනි වටයේදී දෙවැනි විනිසුරුගෙන් ලකුණු දෙකක් ද, අහිමිවූහ. මැකාවෝ ක‍්‍රීඩිකාව තෙවැනි වටයේදී ලකුණු 36 ක් ලබා ගත්ත ද දඩුවම් ලකුණත් කපා හැරීමෙන් ලකුණු 35 ක් බවට පත්විය. විසිඅට වැනි වියේ පසු වන එරන්දි මාස් හෝල්ඩින් ක‍්‍රීඩා සමාජය නියෝජනය කරන්නීය.  

ශ‍්‍රී ලංකා බොක්සිං ක‍්‍රීඩක දිලංක සුරේෂ් සහභාගි වන කිලෝග‍්‍රෑම් 52 බර පංතියේදී පළමු වටයේ තරගයේදී ජපාන ක‍්‍රීඩක හෂිඩා ෂෝතා සමග ඊයේ රාත‍්‍රී පැවැත්වීමට නියමිතව තිබුණි.

ශ‍්‍රී ලංකා බොක්සිං ක‍්‍රීඩිකා ශිරෝමාලි වීරරත්න අද (28) පස්වරු 2.00 ට හෙවත් ශ‍්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 10.30 ට කිලෝග‍්‍රෑම් 75 බර පංතියේ පළමු වටයේ තරගයේදී චීන ක‍්‍රීඩිකා ලින් කුයන්ට එරෙහිව තරග වැදීමට සූදානමින් සිටින්නීය.

කිලෝග‍්‍රෑම් 64 බර පංතිය නියෝජනය කරන ශ‍්‍රී ලංකා ක‍්‍රීඩක මොහොමඞ් ඩිල්ෂාන් අද පස්වරු 7.00 ට හෙවත් ශ‍්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.30 ට ඉරාන ක‍්‍රීඩක කඞීම් සාම් සමග තරගයට සහභාගි වීමට නියමිතය.

 


 


අදහස් (0)

එරන්දි අර්ධ අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.