Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව එංගලන්තයේ ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැති සිවුවැනි එක්දින තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 6 ක ජයක් හිමිකර ගැනිමට එංගලන්තය ඊයේ (27 වැනිදා) සමත්විය. මෙම ජයග්‍රහණයත් සමගින් තවත් එක් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලිය 3-0 ක් ලෙස ජයගැනීමට එංගලන්තය සමත්විය.
ජයග්‍රහණය සදහා ලකුණු 357 ක ඉලක්කයක් එංගලන්තය විසින් හඹාගියද ඕවර 35.1 දී ඇතිවූ වර්ෂාව හේතුවෙන් තරගය අතහැර දැමීමට සිදුවිය. තරගය නතර කරනවිට කඩුලු 5 ක් දැවී ලකුණු 258 ක් රැස්කර ගෙනසිටි එංගලන්ත පිල ඩක්වත් ලුවිස් න්‍යායට අනුව බටහිර ඉන්දීය කොදෙවි පිලට වඩා ලකුණු 6 ක් ඉදිරියෙන් සිටීම නිසා තරගයේ ජය එංගලන්තයට හිමිවිය.
ජේසන් රෝයී වේගවත් පිතිහරඹයක නිරත වෙමින් පළමු කඩුල්ල සදහා ජොනී බෙයාස්ටෝ සමගින් එක්ව පන්දු 106 කදි ලකුණු 126 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට සමත්විය. පන්දු 66 කට මුහුණදුන් ජේසන් රෝයී හයේ පහර දෙකක් සහ හතරේ පහර 11 ක් සමගින් ලකුණු 84 ක් රැස්කිරීමට සමත් වූයේය.
ජේසන් රෝයීගේ කඩුල්ලත් සමගින් දැවී ගිය කඩුලු පහටම වගකීයු අල්සාරී ජෝසප් ලකුණු 56 කට කඩුලු 5 ක් දවාගත්තද එංගලන්ත ජයග්‍රහණය වැලැක්වීමට අවස්ථාවක් හිමිනොවීය.
ලකුණු 181 කට කඩුලු 5 ක් දැවී ගොස් තිබියදී වර්ෂාවට තරගය නතර කරන තෙක් පන්දුවට පහරදුන් ජොස් බට්ලර් සහ මොයින් අලී හයවැනි කඩුල්ල සදහා පන්දු 48 කදී ලකුණු 77 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට සමත්වූහ.
එවින් ලෙවිස්ගේ වේගවත් පිතිහරඹය හමුවේ පළමුව පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් පිල ඕවර 50 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 356 ක් රැස්කිරීමට සමත්විය. සිය දෙවැනි එක්දින ශතකය පන්දු 94 කදී වාර්තා කළ එවින් ලෙවිස් පන්දුවක් පාදයේ වැදීමෙන් අබාධයකට ලක්වී පිටියෙන් ඉවත් වන විට නොදැවී ලකුණු 176 ක් රැස්කර සිටියේය. පන්දු 130 කට මුහුණදුන් ලෙවිස්ලේ ඉනිමට හයේ පහර හතක් සහ හතරේ පහර 17 ක් ඇතුළත් විය.
ලකුණු 33 කට මුල්පෙළ කඩුලු 3 ක් දැවී යාමෙන් අනතුරුව ජේසන් මොහොමඞ් සමගින් එක්ව සිවුවැනි කඩුල්ල සදහා පන්දු 132 කදී ලකුණු 117 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ එවින් ලෙවිස් පස්වැනි කඩුල්ල සදහා ජේසන් හෝල්ඩර් සමගින්ද එක්ව පන්දු 108 කදී ලකුණඅ 168 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට සමත්විය.
නායක ජේසන් හෝල්ඩර් වේගවත් පිතිහරඹයක නිරතවෙමින් කොදෙව් පිලේ ලකුණු මට්ටම ඉහළ දැමීම සදහා දායකත්වය සපයමින් පන්දු 62 කදී හයේ පහර හතරක් සහ හතරේ පහර හතරක් සමගින් ලකුණු 77 ක් රැස්කිරීමට සමත්විය. ක්‍රිස් වෝක්ස් ලකුණු 71 කට කඩුලු 3 ක් දවාගැනීමට සමත්වූයේය.
බටහිර ඉන්දීය කොදෙව් පිල - ඕවර 50 කදී කඩුලු 5 ක් දැවී 356
(එවින් ලෙවිස් නොදැවී 176, ජේසන් මොහොමඞ් 46, ජේසන් හෝල්ඩර් 77, රෝමන් පවෙල් නොදැවී 28, ක්‍රිස් වෝක්ස් 71/3)
එංගලන්තය - ඕවර 35.1 කදී කඩුලු 5 ක් දැවී 258
(ජේසන් රෝයි 84, ජොනී බෙයාස්ටෝ 39, ජොස් බට්ලර් නොදැවී 43, මොයින් අලී නොදැවී 48, අල්සාරී ජෝසප් 56/5)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.