Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පන්දු 55 කින් ලකුණු 131 ක් එක්කළ ඒරන් ජෝන්ස් (නොදැවී 94) සහ ඇන්ඩි්රයස් ගෝස් (65) දෙදෙනා එක්ව විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ ආරම්භක තරගයේදීම ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායම කඩුලු 7 ක ජයක් කරා කැඳවාගෙන ගියහ. ඇමරිකාව සහ කැනඩාව අතර සෙනසුරාදා (1 වැනිදා) රාත්රියේදී නිමාවූ මෙම තරගය ඩලාස් නුවර, ග්‍රෑන්ඩ් ප්‍රේරි ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.
නිව්යෝක් නුවරදී උපත ලබා ඇති නමුත් බටහිර ඉන්දීය දූපත් සමූහයට අයත් බාර්බඩෝස් නුවරදී හැදී වැඩුණු ජෝන්ස්ගේ ඉනිම හයේ පහර 10 කින් සහ හතරේ පහර 4 කින් සමන්විත විය. ජෝන්ස් සහ ඇන්ඩි්රයස් ගෝස් දෙදෙනා එක්ව තුන්වැනි කඩුල්ල වෙනුවෙන් එක් කළ ලකුණු සංඛ්‍යාව 131 කි.
පළමුවෙන් පන්දුවට පහර දුන් කැනේඩියානුවෝ ඕවර 20 කදී ලකුණු 194 ක් ලබාගත්හ. ලකුණු 195 ක ඉලක්කයක් කරා යමින් සිටියදී, ඉනිමේ 13 වැනි ඕවරයේදී වමතින් දඟ පන්දු යවන කැනේඩියානු නායක සාද් බින් සෆාර් හමුවේ හයේ පහර 3 ක් ගැසූ ජෝන්ස් එතැනින් තරගය තමන්ගේ පිල වෙත හරවා ගත්තේය. ඉන් අනතුරුව ජෙරමි ගෝර්ඩ්න්ගේ ඕවරයකදී ලකුණු 33 ක් උදුරාගැනීමට ඇමරිකානු පිතිකරුවෝ දෙදෙනා සමත් වූහ. වයිඩ් පන්දු 3 කින් සහ නිපන්දු දෙකකින් ද සමන්විත වූ එම ඕවරයේදී ඇන්ඩි්රයස් ගෝස් දවාගැනීමට තිබූ අවස්ථාවක් ගිළිහී ගියේ ඔහු වෙත යවන ලද පන්දුව නිපන්දුවක් වූ බැවිනි.
දකුණු අප්‍රිකානු 19 න් පහළ කණ්ඩායමත් නියෝජනය කර තිබූ ගෝස්, පන්දු 46 කින් ලබාගත් ලකුණු 65 ට හතරේ පහර 7 ක් සහ හයේ පහර 3 ක් ඇතුළත් විය.
ඒරන් ජොන්ස් සහ ගෝස් දෙදෙනා එක්වන විට ඇමරිකානුවන්ගේ ලකුණු සංඛ්‍යාව වූයේ කඩුලු 2 කට 42 කි. ගෝස්ගේ දැවී යාමෙන් දෙදෙනා වෙන්වන විට කඩුලු 3 කට ලකුණු 173 ක් ලබාසිටි ඇමරිකානුවෝ, පන්දු 26 ක් ඉතිරිව තිබියදී, ජයග්‍රහණයට ලකුණු 22 ක් මෑතින් සිටියහ. නවසීලන්ත පිලේ හිටපු ක්‍රීඩකයකු වන කෝරි ඇන්ඩසන් පිටියට පිවිසියද, ඒරන් ජෝන්ස් සිය 10 වැනි හයේ පහරින් තරගය අවසන් කළේය.
ජෝන්ස්ගේ හයේ පහර 10, විස්සයි-20 ලෝක කුසලාන තරගයකදී පිතිකරුවකු ලබාගත් දෙවැනි වැඩිම හයේ පහර සංඛ්‍යාවයි. එය දෙවැනි වන්නේ 2016 තරගාවලියේදී කොදෙව් ආරම්භක පිතිකරු ක්‍රිස් ගේල්, එංගලන්තය හමුවේ ගැසූ හයේ පහර 11 ට පමණි.
“අපේ පිතිකරුවන්ගේ හැටියට ලකුණු 200 ට අඩු ඕනෑම ලකුණු සංඛ්‍යාවක් ලබාගන්න අපට පුළුවන් කියලා අපි දැනගෙන හිටියා.. කණ්ඩායම පීඩනයට ලක්වෙලා ඉන්න වෙලාවලදි පිටියට එන්න මම කැමතියි. ඒ වගේ වෙලාවලදි මම හොඳින්ම සෙල්ලම් කරනවා” යයි ජෝන්ස් තරගයෙන් පසුව පැවසීය.
කැනඩාවත් විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිකයට සහභාගි වන්නේ මුල්ම වතාවටය. කැනේඩියානු ඉනිමේ 8 වැනි ඕවරය නිමාවේදී දෙවැනි කඩුල්ලත් ලකුණු 66 කට බිඳ වැටුණ නමුත් පන්දු 36 කදී තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 62 ක් එක්කළ නව්නීත් ධලිවාල් (61) සහ නිකලස් කර්ටන් (51) එක්ව කැනේඩියානු කණ්ඩායමට හොඳ ලකුණු සංඛ්‍යාවක් ගෙන දුන්හ. පන්දු 16 කින් ලකුණු 32 ක් ලබාගත් ශ්‍රෙයාස් මෝවාගේ පිතිහරඹයත් ඒ වෙනුවෙන් හොඳ දායකත්වයක් දුන්නේය.
කැනඩාව - ඕවර 20 කදී කඩුලු 5 ට 194 යි
(ඒරන් ජොන්සන් 23, නව්නීත් ධලිවාල් 61, නිකලස් කර්ටන් 51, ශ්‍රෙයාස් මෝවා නොදැවී 32, දිල්ප්රීට් බජ්වා 11)
ඇමරිකා එක්සත් ජනපදය - ඕවර 17.4 කදී කඩුලු 3 ට 197 යි
(මොනාක් පතෙල් 16, ඇන්ඩී්රස් ගවුස් 65, ඒරන් ජෝන්ස් නොදැවී 94)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.