Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර්ජාතික ඔරු පැදීමේ තරග සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගැනීමේ අරමුණ ඇතිව ජාතික ඔරු පැදීමේ ශූරතාවලිය වසරේ මුල් භාගයේදීම පැවැත්වීමට ශ්‍රී ලංකා ආධුනික ඔරුපැදීමේ සංගමය තීරණය කර ඇත. ඒ අනුව මේ වසරේ අගභාගයේ පැවැත්වීමට නියමිත ඔරු පැදීමේ ජාතික ශුරතාවලිය මේ මස 20 වැනිදා සිට 22 දක්වා දියවන්නා ඔය ආශ්‍රිතව පැවැත්වෙනු ඇත.
අන්තර්ජාතික ඔරු පැදීමේ කැලැන්ඩරයට අනුව බොහෝ තරගාවලි වසරේ අගභාගයේ පැවැත්වෙන බැවින් ආධුනික ඔරු පැදීමේ සංගමය මෙම තීරණයට එළඹ ඇතැයි වාර්තාවෙයි.
ඉදිරියේදී සෑම වසරකම මාර්තු මාසයේ දී ජාතික ඔරු පැදීමේ ශූරතාවලිය පැවැත්වීමට නියමිතය. ජාතික ඔරු පැදීමේ ශූරතාවලිය පසුගිය මාසයේ පැවැත්වීමට මිට පෙර තීරණය කර තිබුණත් මාර්තු මාසයේදී ආරක්ෂක සේවා ඔරු පැදීමේ තරගාවලිය පැවැත්වූ බැවින් එය අප්‍රේල් මාසය දක්වා කල් දැමීමට සිදුවී තිබිණි.
33 වැනි වරටත් පැවැත්වෙන ජාතික ඔරු පැදීමේ ශූරතාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 400 කට ආසන්න සංඛ්‍යාවක් සහභාගි වනු ඇතැයි ආධුනික ඔරු පැදීමේ සංගමය අපේක්ෂා කරයි.
මේ ශූරතාවලිය අවුරුදු 18න් පහළ, අවුරුදු 18න් ඉහළ සහ විවෘත වශයෙන් වයස් කාණ්ඩ 3 කින් පැවැත්වේ. එමෙන්ම කේවල, යුගළ, කේවල ද්විත්ව හබල්, තරගකරුවන් දෙදෙනකුගෙන් සමන්විත තරග සහ තරග කරුවන් සිවුදෙනකුගෙන් සමන්විත තරග මේ ශූරතාවලියට ඇතුළත් කර තිබේ.
පසුගිය වසරේ ජාතිත ශූරතාවලියේදී ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම සමස්ත ශූරතාව දිනාගත් අතර ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම කාන්තා ශූරතාව දිනාගත්තේය.
කොළඹ රාජකීය විදුහල අවුරුදු 18 න් ඉහළ බාලක ශූරතාව දිනාගත් අතර අවුරුදු 18න් පහළ බාලක ශූරතාවට පසුගිය වසරේදී හිමිකම් කීවේ ආනන්ද විදුහල් කණ්ඩායමයි. කොළඹ කාන්තා විදුහල එහි බාලිකා ශූරතාව දිනාගත්තේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.