Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාවේ ක‍්‍රීඩා පනත මගින් මෙරට ඔලිම්පික් ව්‍යාපාරයට අයත් සංවිධානවලට බලපෑමක් කරන්නේ නම් ඒ පිළිබඳව සලකා බැලීමට සූදානම් බව ක‍්‍රීඩා අමාත්‍යාංශය මේ වන විට අන්තර් ජාතික ඔලිම්පික් කමිටුවට දැනුම්දී ඇතැයි වාර්තා වේ.
ඒ අනුව ඔලිම්පික් ව්‍යාපාරයට බලපෑම් ගෙන දෙන කරුණු අන්තර්ගත වන්නේ නම් ඒවා නිශ්චිත කාලසීමාවක් තුළදී වෙනස් කිරීමට ක‍්‍රීඩා අමාත්‍යාංශය සූදානම් බවත්, යොදා ගත් පරිදි ලබන දෙසැම්බර් 27 වැනිදා ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණය පැවැත්වීමට ඉඩකඩ සළසා දෙන ලෙසත් ක‍්‍රීඩා අමාත්‍යාංශය අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවෙන් ඉල්ලා තිබේ.
අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ කැඳවීම් අනුව ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ක‍්‍රීඩා අමාත්‍යාංශයේ හා ජාතික ඔලිම්පික් කමිටුවේ ප‍්‍රධානීන් හෙට (25 වැනිදා) ස්විට්සර්ලන්තයේ ලූසේන් නගරයේ පිහිටි අන්තර්ජාතික ඔලිම්පික් කමිටු මූලස්ථානය බලා පිටත්ව යාමට නියමිතය.
ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ, අමාත්‍යංශ ලේකම් අනුර ජයවික‍්‍රම, එහි නීති උපදේශක පණ්ඩුක කීර්තිනන්ද, නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් සුමති ධර්මවර්ධන යන මහත්වරු එහිදී ක‍්‍රීඩා අමාත්‍යාංශ පාර්ශ්වය නියෝජනය කිරීමට නියමිතය. මෙම සිද්ධියේදී පැමිණිලිකරුවන් බවට පත්ව සිටින ජාතික ඔලිම්පික් කමිටු පාර්ශ්වය වෙනුවෙන් ලූසේන් සාකච්ඡුා සඳහා සහභාගි වන්නේ ජාතික ඔලිම්පික් කමිටුවේ වත්මන් ලේකම් මැක්ස්වල් ද සිල්වා, එහි විධායක සභික රොහාන් ප‍්‍රනාන්දු හා ඔලිම්පික් කමිටුවේ නීති උපදේශක නීතිඥ දිල්ෂාන් ජයසූරිය යන මහත්වරුන්ය. ජාතික ඔලිම්පික් කමිටු නිලධාරීහුද අද ඒ සඳහා දිවයිනෙන් පිටත්ව යාමට සූදානම්ව සිටියහ.
කෙසේ වුවත් ජාතික ඔලිම්පික් කමිටුවේ වත්මන් උපසභාපතිවරයකු වන ඩයන් ගෝමස් මහතා ලූසේන් සාකච්ඡවලට සහභාගි නොවන බව ප‍්‍රකාශ වුවත් තහවුරු කළ ආරංචිමාර්ගවලින් ඊයේ කියවුණේ ඔහු ලූසේන් බලා යාමට තීරණය කර තිබෙන බවය.
මෙම සිද්ධිය මේ වනවිට මෙරට ක‍්‍රීඩා ක්‍ෂේත‍්‍රයේ දැඩි ආන්දෝලනාත්මක පුවතක් බවට පත්ව තිබේ. ජාතික ඔලිම්පික් කමිටුවේ වත්මන් සභාපති හේමසිරි ප‍්‍රනාන්දු මහතා ලූසේන් සාකච්ඡුාවලට සහභාගි නොවන බවට කලින් ප‍්‍රකාශ කර සිටියේය.
ඒ සම්බන්ධයෙන් කළ විමසුමකදී හේමසිරි ප‍්‍රනාන්දු මහතා පැවසුවේ මෙම සිද්ධියේදී තමන්ට එරෙහිව එල්ල වී තිබෙන චෝදනා සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් අද හෙටම නිකුත් කරන බවය. ඒ හැරෙන්නට තමන් මෙවර ඔලිම්පික් කමිටු නිලවරණය සම්බන්ධයෙන් කිසිදු ආකාරයක මැදිහත්වීමක් නොකරන බවත් හේමසිරි ප‍්‍රනාන්දු මහතා පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.