Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ඕස්ට්‍රේලියාව සහ පාකිස්තානය අතර ඉන්දියාවේ හයිද්‍රාබාද් නුවර රජීව් ගාන්ධි ක්‍රීඩාංගණයේදී අද (3 වැනිදා) පැවැති ලෝක කුසලාන පෙරහුරු තරගයෙන් ලකුණු 14 ක ජයක් වාර්තා කිරීමට ඕස්ට්‍රේලියාව සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 351 ක ඉලක්කයක් හඹාගිය පාකිස්තානයට ඕවර 47.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 337 ක් පමණි.
පාකිස්තාන නායක බාබර් අසාම් පන්දු 59 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 11 ක් සමග ලකුණු 90 ක් ලබා සිටියදී පිටියෙන් ඉවත්ව ගිය අතර ඉෆ්තිකර් අහමඩ් පන්දු 85 කදී ලකුණු 83 ක් රැස්කළේ හයේ පහර 4 ක් සහ හතරේ පහර 6 ක් සමගිනි. මොහොමඩ් නවාස් පන්දු 42 කදී හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 50 ක් රැස්කළේය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානුවෝ ඕවර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 351 ක් ලබාගත් අතර එහිදී ග්ලේන් මැක්වෙල් (77) සහ කැමරන් ග්‍රීන් (50) අර්ධ ශතක ලබමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ. පන්දු 71 කින් ලබාගත් මැක්ස්වෙල්ගේ අර්ධ ශතකය හයේ පහර 6 කින් සහ හතරේ පහර 5 කින් සමන්විත විය.
ඕස්ට්‍රේලියාව - ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී 351
(ඩේවිඩ් වෝනර් 48, මිචෙල් මාෂ් 31, ස්ටීවන් ස්මිත් 27, මානස් ලැබුෂේන් 40, ග්ලේන් මැක්ස්වෙල් 77, කැමරන් ග්‍රීන් නොදැවී 50, ජොෂ් ඉංග්ලිෂ් 48, උස්මා මිර් 31/2)
පාකිස්තානය - ඕවර 47.4 කදී සියලු දෙනා දැවී 337
(ෆකාර් සමාන් 22, ඉමාම් උල්හක් 16, ඉෆ්තිකර් අහමඩ් 83, බාබර් අසාම් 90, මොහොමඩ් නවාස් 50, උස්මා මිර් 15, හසන් අලී 16, මානස් ලැබුෂේන් 78/3, පැට් කමින්ස් 34/2, මිචෙල් මාෂ් 43/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.