Last Update  :  2025-04-21 18:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඕස්ට්‍රේලියානුවෝ 3-0 කින් පාකිස්තානය පරදවති
සිඩ්නි ටෙස්ට් තරගය

ඕස්ට්‍රේලියානුවෝ 3-0 කින් පාකිස්තානය පරදවති

editorial - 2024 ජන මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාකිස්තානයට එරෙහිව සිඩ්නි නුවරදී පැවැති තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 8 ක ජයක් වාර්තා කළ ඕස්ට්‍රේලියාව දෙරට අතර පැවැති තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 3-0 ක් ලෙස පහසුවෙන්ම ජයගැනීමට සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 130 ක ඉලක්කයක් හඹාගිය ඕස්ට්‍රේලියානුවෝ කඩුලු 2 ක් පමණක් දැවී ඉලක්කය සපුරාගත්හ. 

ඕස්ට්‍රේලියානු දෙවැනි ඉනිමට එක් ලකුණක් හෝ එක්වීමට පෙරාතුව උස්මාන් කවාජා (0) පිටියෙන් ඉවත් කිරීමට සජීඩ් ඛාන් සමත් වුවද, ඩේවිඩ් වෝනර් (57) සමග එක්වූ මානස් ලැබුෂේන් (නොදැවී 62) දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 119 ක සම්බන්ධතාවක් ගොඩනගමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළේය. 

සජීඩ් ඛාන්ගේ පන්දුවක් හමුවේ වෝනර් කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවීමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත් විය. ඕස්ට්‍රේලියාව වෙනුවෙන් අවසන් ටෙස්ට් ඉනිම ක්‍රීඩා කළ වෝනර්, එහිදී සිය 37 වැනි අර්ධ ශතකය ලබාගත් අතර හතරේ පහර 7 කින් එය අලංකාර කළේය. ලැබුෂේන්ගේ 19 වැනි ටෙස්ට් අර්ධ ශතක හතරේ පහර 9 කින් සමන්විත විය. 

තෙවැනි දිනය සඳහා ඊයේ (5 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 7 ක් දැවී ලකුණු 68 ක් ලබා සිටි පාකිස්තාන කණ්ඩායම, අද දිනයේදී සිය දෙවැනි ඉනිම සඳහා තවත් ලකුණු 47 ක් එක්කර ගත්තේය. එහිදී ජොෂ් හෙසල්වුඩ් ලකුණු 16 කට කඩුලු 4 ක්ද, නේදන් ලයන් ලකුණු 36 කට කඩුලු 3 ක්ද බිඳහෙළීමට සමත් විය. 

පාකිස්තාන පළමු ඉනිම - සියලු දෙනා දැවී 313 

ඕස්ට්‍රේලියානු පළමු ඉනිම - සියලු දෙනා දැවී 299 

පාකිස්තාන දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 115 
(සයීම් අයුබ් 33, බාබර් අසාම් 23, මොහොමඩ් රිස්වාන් 28, අමර් ජමාල් ජොෂ් හෙසල්වුඩ් 16/4, නේදන් ලයන් 36/3) 

ඕස්ට්‍රේලියානු දෙවැනි ඉනිම - කඩුලු 2 ක් දැවී 130 
(ඩේවිඩ් වෝනර් 57, මානස් ලැබුෂේන් නොදැවී 62, සජීඩ් ඛාන් 49/2) 

-036 

 


අදහස් (0)

ඕස්ට්‍රේලියානුවෝ 3-0 කින් පාකිස්තානය පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.