Last Update  :  2025-01-15 20:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඕස්ට්‍රේලියාවට ලකුණු 281 ක ඉලක්කයක්
අළු බඳුන - 2023

ඕස්ට්‍රේලියාවට ලකුණු 281 ක ඉලක්කයක්

editorial - 2023 ජුනි මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බර්මින්හැම්හි එජ්බැස්ටන් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අළු බඳුන තරගාවලියේ පළමු ටෙස්ට් තරගයේ සිවුවැනි දිනයේදී (19 වැනිදා) එංගලන්ත කණ්ඩායමේ දෙවැනි ඉනිම නිමාවීමත් සමග තේ පානය සඳහා ක්‍රීඩාව නතර කිරීමට විනිසිරුවෝ පියවර ගත්හ.

ඕස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 7 ක් ඉදිරියෙන් සිටිමින් දෙවැනි ඉනිම ඇරඹූ එංගලන්ත කණ්ඩායමට දෙවැනි ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 273 ක් පමණි. එහිදී නායක පැට් කමින්ස් සහ නේදන් ලයන් කඩුලු 4 බැගින් බිඳහෙළමින් එංගලන්ත ඉනිම සුනුවිසුණු කළහ.

තෙවැනි දිනය වූ අද (19 වැනිදා) තරගය තරන කරන විට කඩුලු 2 ක් දැවී ලකුණු 28 ක් ලබා සිටි එංගලන්තය, අද දිනයේදී තවත් ලකුණු 245 ක් ලබා ගත්තේය. එංගලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභීන් බවට පත් වූ ජෝ රූට් සහ හැරී බෘක් ලකුණු 46 බැගින් රැස්කළ අතර නායක බෙන් ස්ටෝක්ස්ට රැස්කරගත හැකි වූයේ ලකුණු 43 ක් පමණි.


එංගලන්ත පළමු ඉනිම - කඩුලු 8 ක් දැවී 398
(සැක් ක්‍රොව්ලි 61, ඔලී පෝප් 31, ජෝ රූට් නොදැවී 118, හැරී බෘක් 32, ජොනී බෙයාස්ටෝ 78, නේදන් ලයන් 149/4, ජොෂ් හෙසල්වුඩ් 61/3)

ඕස්ට්‍රේලියානු පළමු ඉනිම - සියලු දෙනා දැවී 386
(උස්මන් කවාජා 141, ට්‍රැවීස් හෙඩ් 50, කැමරන් ග්‍රීන් 38, ඇලෙක්ස් කේරි 66, පැට් කමින්ස් 38, ඔලී රොබ්න්සන් 55/3, ස්ටුවට් බ්‍රෝඩ් 68/3, මුයින් අලී 147/2)

එංගලන්ත දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 273
(ජෝ රූට් 46, හැරී බෘක් 46, බෙන් ස්ටෝක්ස්  43, ජොනී බෙයාස්ටෝ 20, ඔලී රොබින්සන් 27, පැට් කමින්ස් 63/4, නේදන් ලයන් 80/4)

-036


අදහස් (0)

ඕස්ට්‍රේලියාවට ලකුණු 281 ක ඉලක්කයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.