Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඕස්ට්‍රේලියානුවෝ බංග්ලාදේශ ටෙස්ට් තරග ඉවත දමති

ඕස්ට්‍රේලියානුවෝ බංග්ලාදේශ ටෙස්ට් තරග ඉවත දමති

Nisanka Sandeepani - 2018 මැයි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මේ වසර අවසානයේ බංග්ලාදේශය සමග ක්‍රිකට් තරගාවලියකට එක් වීමට ඕස්ට්‍රේලියාව සැලසුම් කර තිබුණත් මූල්‍යයම හේතු මත එම තරගාවලිය පැවැත්විය නොහැකි බව ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය  බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය වෙත දැනුම් දී ඇත. 

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ 2018/19 තරග කාල සටහන පසුගියදා නිකුත් කිරීමට පෙර බංගලාදේශය සමඟ ටෙස්ට් තරග 2කට හා එක්දින තරග 3කට ක්‍රීඩා කිරීමට සැලසුම් කර තිබුණි.

 මෙම තරගවාරය තුළ මූල්‍යය ප්‍රතිපාදන වෙන් කිරීමට අපොහොසත් බව ඔවුන් අපට පවසා තිබෙනවා යැයි බංග්ලාදේශ ප්‍රධාන විධායක නිලධාරී නිසාම් උද්දීන් මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත.

මෙය ඇත්තටම බලාපොරොත්තු සුන් වීමක්.අපි සෑම තරගාවලියම සත්කාරකත්වය දැරුවට එවා ලාභදායි වෙන්නේ නෑ. අපට ඒවා  පවත්වා ගත හැකිනම්, අපි අනෙත් ක්‍රිකට් සභා වලිනුත් එය බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් ඕස්ට්‍රේලියාව වැනි ක්‍රිකට් ආයතන වලින් යැයි ඔහු වැඩි දුරටත් පවසා සිටියේය. 

අපි මේ නිසා ඉල්ලීමක් කර තිබෙනවා. නමුත් ඔවුන් එය ක්‍රියාත්මක කරන පාටක් නෑ. මේ තරග වාරයේ ඒ නිසා මෙම තරගාවලිය නොපැවැත්වෙන බව ඔහු ප්‍රකාශ කර සිටියේය. 

බංග්ලාදේශය අවසාන වරට ඕස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරත වී ඇත්තේ 2003 වසරේය. වසර 15 කට පසු නැවතත් සංචාරයකට එක්වීමට බලාපොරොත්තුවෙන් පසු වුවත් මෙවරද එය අසාර්ථක විය. ගිය වසරේ පැවති ටෙස්ට් තරගාවලිය 1 - 1 ලෙස සමකර ගැනීමට බංග්ලාදේශයට හැකි විය.  

-024 


අදහස් (0)

ඕස්ට්‍රේලියානුවෝ බංග්ලාදේශ ටෙස්ට් තරග ඉවත දමති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.